27.6 C
Colombo
Monday, May 20, 2024

දකුණ රත්කළ වෙඩිප්‍රහාරය ගැන තවත් තොරතුරු

- Advertisement -

අහුංගල්ල බෝගහපිටිය  ප්‍රදේශයේ පුද්ගලයෙක්ට ඊයේ (09) රාත්‍රියේ වෙඩි තබා ඝාතනය කෙරුණා.

පොලිසිය පැවසුවේ යතුරු පැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙක් මෙම වෙඩි තැබිම සිදු කර පළාගොස් තිබෙන බවයි.

මෙම වෙඩි තැබිමෙන් මියගොස් තිබෙන්නේ බෝගහපිටිය  ප්‍රදේශයේ පදිංචි කීර්ති ආබෘෘ නැමති අවුරුදු 52 පුද්ගලයෙක්.

ඔහු දැනට ඩුබායිහි සැඟව සිටින සංවිධානාත්මක අපරාධකරුවකු මෙන්ම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන නදී ආබෘෘ හෙවත් අහුංගල්ලේ බබා නැමැත්තාගේ පියා බව පොලිසිය සඳහන් කළා.

අහුංගල්ලේ බබා නැමැති අපරාධකරුගේ සහෝදරියකටද පසුගිය වසරේ ඔක්තෝම්බර් මස 21 වනදා වෙඩි තබා තිබු අතර එම වෙඩි තැබිමෙන් මාස හතරක් වයසැති බිළිදෙක් ද තුවාල ලැබුවා.

පොලිසිය පවසන්නේ පාතාල කල්ලි දෙකක් අතර කලක සිට පවතින ගැටුමක් මෙම වෙඩිතැබිමට හේතුවි ඇති බවයි.

ඝාතනයට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා අහුංගල්ල පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනවා


RECENT ARTICLES - SINHALA

තද වැසි ගැන රතු නිවේදනයක්

කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් තද වැසි පිළිබඳ අනතුරු ඇඟවීමේ රතු නිවේදනයක් නිකුත් කර තිබෙනවා. බස්නාහිර, සබරගමුව, වයඹ පළාත් සහ ගාල්ල, මාතර, මහනුවර, නුවරඑළිය සහ මන්නාරම දිස්ත්‍රික්ක...

ජාතික සමඟිය වෙනුවෙන් කටයුතු  කළ ඥානසාර හිමිට නිදහස දෙන්න – මහනාහිමිවරු

ගලගොඩඅත්තේ ඥානසාරහිමිට ජනාධිපති සමාව ලබා දෙන්නැයි ඉල්ලා තෛයිනිකායික මහනාහිමිවරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ලිපියක් යොමු කර තිබෙනවා. 2016 වසරේදී කූරගල රජමහා විහාරස්ථානය සම්බන්ධ පැවැති මාධ්‍ය...

රනිල්ගේ උදව්වට ගිය ලන්සාගේ හිත බැසිල් නිසා රිදිලා

ජනපති රනිල් වික්‍රමසිංහ මහතා දිනවීමේ ජනාධිපති මැතිවරණ මෙහෙයුම් කමිටුවට බැසිල් රාජපක්ෂ මහතා සහභාගි කර ගැනීම හේතුවෙන් නිමල් ලංසා, අනුර ප්‍රියදර්ශන යාපා ප්‍රමුඛ නව සන්ධානයේ...

POPULAR ARTICLES

කෞෂල්‍ය නවරත්න බාර් කවුන්සිලයෙන් ඉවතට

ශ්‍රී ලංකා නීතිඥ සංගම⁣යේ සභාපති ජනාධිපති නීතිඥ කෞෂල්‍ය නවරත්න මහතාගේ මූලිකත්වයෙන් ඊයේ (18) රැස්වූ එම සංගමයේ සාමාජිකයන් දහසකට ආසන්න පිරිසකගෙන් සමන්විත බාර් කවුන්සිලය එම...

ඉරාන ජනපති තවමත් අතුරුදහන්. හෙලිකොප්ටරයේ සුන්බුන් බවට සැක කෙරෙන තාප ප්‍රභවයක් හඳුනාගෙන

Update:ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසි ගමන් ගත් හෙලිකොප්ටර් යානය කඩා වැටුණු ස්ථානය ගවේෂණ කණ්ඩායම් විසින් සොයාගෙන තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ තවත් නොබෝ වෙලාවකින් එම කණ්ඩායම...

හෙලිකොප්ටර් අනතුරින් ඉරාන ජනපති සහ විදේශ කටයුතු ඇමති මරුට

ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසි සහ ඉරාන විදේශ අමාත්‍ය හොසේන් අමීර්අබ්දුල්රහීන් සහ තවත් රාජ්‍ය නිලධාරීන් කීප දෙනකු හෙලිකොප්ටර් අනතුරින් මියගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා...