27 C
Colombo
Saturday, June 10, 2023

අද නම් මම තමයි හොඳටම කළේ කියලා කියන්න එපා – හඳුන්නෙත්ති (VIDEO)

- Advertisement -

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද රාත්‍රී ජාතිය ඇමතීමට නියමිත බැවින් ජනාධිපතිවරයාගේ කතාවට එකතු කරගත යුතු කරුණු කිහිපයක් ඇති බව ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා පවසනවා.

ඉන්ධන මිල ඉහළ දැමීම ඇතුළු ගැටලු කිහිපයක් සම්බන්ධයෙන් ආණ්ඩුවට විරෝධය දැක්වීම සඳහා ජනතා විමුක්ති පෙරමුණ අද (25) මාතර කඹුරුපිටිය නරගයේ සංවිධානය කර තිබූ උද්ඝෝෂණය අතරතුර හඳුන්නෙත්ති මහතා මේ බව සඳහන් කරන ලදි.

මීට පෙර අවස්ථා කිහිපයකදී ජනාධිපතිවරයා ජාතිය ඇමතූ බවත්, එම කතාවලදී මෙන් නැවතත් සෞභාග්‍යයේ දැක්ම, එක රටක් එක නීතියක් වැනි ‘විකාර’ පිළිබඳව කතා නොකරන ලෙස පවසන සුනිල් හඳුන්නෙත්ති මහතා වැඩිදුරටත් පෙන්වා දෙන්නේ ‘මං තමයි හොඳටම කළේ’ යැයි නොකියාම සිටින්නේ නම් වඩාත් හොඳ බවයි.

ජනතාව බරපතල ගැටලු රැසකින් පීඩා විඳිමින් සිටින බැවින් එම ගැටලු විසඳන ආකාරය පිළිබඳව ජනාධිපතිවරයා ප්‍රකාශ කරන තෙක් රටේ ජනතාව බලා සිටින බවයි ඔහු පවසන්නේ.

ඒ නිසා, ඉහළ දැමූ ඉන්ධන මිල පහත දමන්නේ කෙසේද, පොහොර සම්බන්ධයෙන් මතුව ඇති ගැටලුව විසදන්නේ කෙසේද, ගොවි ජනතාවට පොහොර ලබා දෙන්නේ කෙසේද, අහස උසට ඉහළ ගොස් ඇති බඩු මිල අඩු කරන්නේ කෙසේද යන්න පිළිබඳව ජාතිය අමතමින් ජනාධිපතිවරයා රටට පැහැදිලි කළයුතු බව හඳුන්නෙත්ති මහතා පවසනවා.

RECENT ARTICLES - SINHALA

ජංගම දුරකථන සහ උපාංග වල මිල 20% කින් අඩු වන ලකුණු?

ජංගම දුරකථන සහ උපාංග වල මිල සියයට 20 කින් පමණ අඩු කිරීමට තීරණය කර ඇති බව ශ්‍රී ලංකා ජංගම දුරකථන ආනයන සහ...

කිරින්ද වෙරළේදී තරුණියන් දෙදෙනෙකු රළ පහරට හසුවෙයි

කිරින්ද විහාරය ආසන්නයේදී මුහුදු රළ පහරට හසුවීමෙන් තරුණියක් අතුරුදහන්ව තවත් තරුණියක් මියගොස් තිබෙනවා. අද (09) උදෑසන කාලයේදී තරුණියන් තිදෙනෙකු...

විදේශගත ශ්‍රමිකයින්ගෙන් ඩොලර් මිලියන 480 ක්

මැයි මාසයේදී විදේශගත ශ්‍රමිකයන් මෙරටට ඩොලර් මිලියන 480 කට වැඩි මුදල් ප්‍රමාණයක් එවා ඇති බව කම්කරු හා විදේශ කටයුතු අමාත්‍යාංශය පවසනවා.

RECENT ARTICLES - ENGLISH

Consideration of ‘Casino Bill’ postponed until regulatory authority established

0
Consideration of Betting and Gaming Taxes (Amendment) Bill postponed until timeline for establishing regulatory authority is worked out, the Committee on Public...

Ajith Prasanna sentenced another six months RI

0
Major (Retired) Ajith Prasanna has been sentenced to six months of rigorous imprisonment by the Court of Appeal. This...

Danushka Gunathilaka to stand trial accused of raping woman in Sydney

0
Cricketer Danushka Gunathilaka will stand trial accused of raping a woman while in Sydney for the T20 World Cup.