29 C
Colombo
Saturday, July 27, 2024

තලේබාන්හි අද්භූත මාධ්‍ය ප්‍රකාශක පළමු වරට මාධ්‍යවේදීන්ට මුහුණ පෙන්වයි (වීඩියෝ)

- Advertisement -

ඇෆ්ගනිස්ථානයේ පාලනය අල්ලා ගැනීමෙන් පසු තලේබාන් සංවිධානය සිය පළමු ප්‍රවෘත්ති සාකච්ඡාව අද (18) පැවැත්වූ අතර ඔවුන්ගේ මාධ්‍ය ප්‍රකාශකයා වන සබිහුල්ලා මුජාහිඩ් පළමුවරට මාධ්‍ය හමුවේ ඔහුව නිරාවරණය කිරීමට කටයුතු කළා.

මෙම ඓතිහාසික ප්‍රවෘත්ති සාකච්ඡාවේදී මුජාහිඩ් මහතා මාධ්‍යවේදීන්ගේ පුළුල් පරාසයක ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් ප්‍රකාශ කළේ “ඉස්ලාමීය නීතියේ රාමුව තුළ” කාන්තාවන්ගේ අයිතිවාසිකම් වලට ගරු කරන බවයි.

බොහෝ මාධ්‍යවේදීන් ඔහුගේ මුහුණ දුටු පළමු අවස්ථාව මෙය බව පැවසෙනවා.

වසර ගණනාවක් ඔහු සෙවනැල්ලක් ලෙස ක්‍රියා කර ඇති අතර බොහෝ විට ඔහුගේ ප්‍රකාශ ලබා දුන්නේ දුරකථනය ඔස්සේ ඔහුගේ හඬින් පමණයි.

බොහෝ මාධ්‍යවේදීන් දශකයකටත් වැඩි කාලයක් ඔහු සමඟ ගණුදෙනු කර ඇතත් ඔහුගේ මුහුණ දැක තිබුණේ නැහැ.

මෙය තමන් දැඩි ලෙස කම්පනයට පත් වූ මොහොතක් බව යුද වාර්තාකරණයේ නියැළුණු මාධ්‍යවේදීන් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රකාශ කළා.

RECENT ARTICLES - SINHALA

මැතිවරණයට මුදල් දීමට මහා භාණ්ඩාගාරය සූදානම්-රංජිත්

මැතිවරණ කොමසාරිස්වරයා විසින් ඉල්ලා සිටින ආකාරයට ඉදිරි ජනාධිපතිවරණය සඳහා මුදල් ලබාදීමට මහා භාණ්ඩාගාරය සූදානම් බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා. පසුගිය අයවැයෙන් මැතිවරණ...

වාහනයට ගංජා දාපු කේස් එකට කොස්තාපල්ගේ වැඩතහනම්

පොලිස් රථවාහන පරීක්ෂාවක් අතරතුර මෝටර් රථයක් තුළට මත්ද්‍රව්‍ය පාර්සලයක් දමා තරුණයින් පිරිසක් අත්අඩංගුවට ගැනීමට උත්සහ කළ බවට සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වූ වීඩියෝවේ සිටින...

නීතිඥ සංගමයෙන් දේශබන්දු ගැන විශේෂ නිවේදනයක්

ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පොලිස්පතිගේ පත් වීමට අදාළව මෑතකදී නිකුත් කරන ලද අතුරු නියෝගය සම්බන්ධයෙන් වන රජයේ ස්ථාවරය පිළිබඳව තම මතය ශ්‍රී ලංකා නීතිඥ සංගමය විසින්...

POPULAR ARTICLES

අසාදු ලේඛනයට යන වාහන

පරිසරයට අහිතකර දුම් පිටවන වාහන 93ක් පමණ මේ වසර තුළ අසාදු ලේඛන ගත කර ඇති බව වායු විමෝචන භාරකාර අරමුදල පවසනවා. එහි අධ්‍යක්ෂ දසුන් ගමගේ...

අනුරගේ ප්‍රකාශයට හරින්ගෙන් පිළිතුරු ලිපියක්

පසුගිය දිනක ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා විසින් හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානයක්කාර මහතාගේ විදෙස් ගමන් සදහා මුදල් වැය වූ ආකාරය...

කාලගුණයෙන් රතු නිවේදනයක්

ඉදිරි පැය 24 සඳහා තද සුළං සහ මුහුද රළුවීම පිළිබඳව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව, අනතුරු ඇඟවීමේ රතු නිවේදයක් නිකුත් කර තිබෙනවා. සක්‍රීය නිරිතදිග මෝසම් තත්ත්වය හේතුවෙන් අරාබි...