25 C
Colombo
Wednesday, September 27, 2023

නවක වධ විරෝධී ජාතික කමිටුවක්

- Advertisement -

නවක වධ විරෝධී ජාතික කමිටුවක් පිහිටුවීමට පියවර ගෙන ඇතැයි උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය ආචාර්ය සුරේන් රාඝවන් මහතා පවසනවා.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී අද (18) ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවමින් රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ, ගතවූ මාස 12ක කාලය තුළ නවක වධ සිදුවීම් 36ක් වාර්තා වී ඇති අතර ඒ සම්බන්ධයෙන් සිසුන් 57දෙනෙකුගේ පන්ති තහනමට ලක්කර ඇති බවයි.

මේ පිළිබඳ අදහස් දැක්වු රාජ්‍ය අමාත්‍යවරයා,

“ගත වූ මාස 12 තුළ දී අපිට වාර්තා වෙලා තියෙනවා, නවක වධය හෝ ඒහා සමාන සිදුවීම් 36ක්. නවක වධයට හෝ වෙනත් මෙවැනි කාරණාවලට සම්බන්ධව පන්ති තහනමට ලක්ව ඉන්නවා සිසුන් 57 දෙනෙක්. මාස 8ක පමණ කාලයක් තිස්සේ, අපි කතිකා කර සමාජ, ව්‍යුහාත්මක, දේශපාලනික, කළමනාකරණ යන කෝණ කිහිපයකින් බලලා නවක වධ විරෝධී ජාතික කමිටුවක් පිහිටෙව්වා. නීති සම්පාදනය කරන්න රජයට පුළුවන්. රජයට පුළුවන් තියෙන සියලුම සම්පත් පාවිච්චි කර ව්‍යුහාත්මක ආයතන පිහිටුවන්න. නමුත් මෙහි අවසන් වගකීම තියෙන්නේ, විශ්වවිද්‍යාලයේ ආචාර්යවරුන්ට සහ උපකුලපතිතුමාට.  අපි දන්නවා මේ පිළිකාව වර්ධනය වෙලා තියෙන තරම කොච්චර ද කිව්වොත් විශ්වවිද්‍යාලය තුළම සේවය කරන හිටපු උප කුලපතිවරයෙක්ට පහර දුන්නා. දවල් ආහාරය ගන්න වෙනත් පීඨයක ආපනශාලාවට පැමිණි සිසුවියන්ට පහර දුන්නා. අපි ජාතියක් ලෙස ලැජ්ජා විය යුතුයි. බුද්ධිමය සමූහයක් ලෙස අපි ලැජ්ජා විය යුතුයි. තමන්ගේ ප්‍රචණ්ඩත්වය තම මූලධර්මය ලෙස පිළිගත් පක්ෂ මේ නවක වධය දිගටම කරන බවට ඕනෑවට වඩා සාක්ෂි තියෙනවා. ජනාධිපතිතුමා, සුසිල් ප්‍රේම්ජයන්ත් ඇමති තුමා සහ අගමැතිතුමා ඇතුළු සියලුදෙනා කැපවී සිටිනවා මේ අබෞද්ධ, අසිංහල ශිෂ්ටාචාරයෙන් තොර වූ මෙම ක්‍රියාවලිය නැවැත්විය යුතුයි. “

RECENT ARTICLES - SINHALA

CIDයේ වැසිකිළියකින් වේදනානාශක පෙති තොගයක් සොයා ගැනේ

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වැසිකිළියක් තුළ තිබී වේදනානාශක ඖෂධ පෙති තොගයක් සොයා ගෙන තිබෙනවා. අවස්ථා තුනකදී එලෙස වේදනානාශක ඖෂධ පෙති සොයාගත් බව පොලිසිය සඳහන් කරනවා. එම ඖෂධ...

කල්පිටිය ගුවන් හමුදා පුහුණු මධ්‍යස්ථානයේ පිපිරීමක්

කල්පිටිය කන්දකුලිය ගුවන් හමුදා පුහුණු මධ්‍යස්ථානයේ පිපිරීමක් සිදුව තිබෙනවා. මෙම පිපිරීමෙන් එක් ගුවන් භටයෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙන අතර තවත් අයකු තුවාල ලබා ගත රෝහල් ගත...

අල්ලස් ගත් සුරා බදු නිලධාරීන්ගේ වැඩ තහනම්

බීඩි නිෂ්පාදකයකුට පහරදී අල්ලස් ගැනීමට උත්සහ දැරීමේ සිද්ධියකට සැකපිට අත්අඩංගුවට ගත් තංගල්ල සුරාබදු ස්ථානාධිපති ඇතුළු නිලධාරීන් සිවුදෙනාගේ වැඩ සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා විසින් තහනම් කර...

POPULAR ARTICLES

බැංකුවල ණය පොළී අනුපාතයේ වෙනසක්

බලපත්‍රලාභී වාණිජ බැංකුවල සාමාන්‍ය ණය දීමේ අනුපාතිකය මේ සතියේ තවත් පදනම් අංක 40 කින් සියයට 14.81 දක්වා අඩු වී තිබෙනවා. ශ්‍රී ලංකා මහ බැංකුවේ දත්තවලට...

සිනොපෙක් එකටත් වඩා අඩුවෙන් තෙල් දෙන RM පාර්ක්ස්

එක්සත් ජනපදයේ RM Parks සමාගම ලබන මස සිට ශ්‍රී ලංකාවේ ඉන්ධන බෙදාහැරීම ආරම්භ කරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය පවසනවා. RM Parks සමාගම යනු ලෝ...

ලෝක කුසලානයට යන ශ්‍රී ලංකා කණ්ඩායම නම් කෙරේ

ඉන්දියාවේදී පැවැත්වෙන 2023 එක්දින ලෝක කුසලානය සඳහා සහභාගී වන ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබෙනවා. ඒ අනුව කණ්ඩායමේ නායකයා ලෙස සුපුරුදු පරිදි කටයුතු කරන්නේ දසුන්...