31 C
Colombo
Saturday, June 10, 2023

නයිජීරියාවේ තවත් පාසලකින් සිසුන් 150 කට අධික සංඛ්‍යාවක් පැහැර ගනී

- Advertisement -

ආයුධ සන්නද්ධ කල්ලියක් විසින් නයිජීරියාවේ උතුරුමැද පිහිටි ඉස්ලාමීය පාසලකින් පාසල් සිසුන් විශාල ප්‍රමාණයක් පැහැර ගොස් ඇතැයි එරට පොලිසිය ප්‍රකාශ කර තිබේ.

මෙය දිගු කලක් තිස්සේ එරට පාසල්වලට සිදුවන ප්‍රහාර මාලාවේ නවතම අවස්ථාව වේ.

නයිජර් ප්‍රාන්තයේ බලධාරීන් විදෙස් මාධ්‍ය වෙත ප්‍රකාශ කර ඇති පරිදි ටෙගිනා නගරයේ පාසලකින් මෙම සිසුන් පිරිස පැහැරගෙන ඇත.

එම පාසලෙහි ගුරුවරයකු සඳහන් කර ඇති පරිදි මෙම පැහැර ගත් සිසුන් සංඛ්‍යාව 150ක් පමණ වේ.

කෙසේ වෙතත් එම සංඛ්‍යාව 200 ක් බව ද විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණි.

කප්පම් ගැනීම සඳහා එරට උතුරු ප්‍රදේශයේ ප්‍රාන්තවලින් ළමුන් පැහැර ගැනීම නයිජීරියාවේ සුලබ සිදුවීමකි.

පසුගිය පෙබරාවාරි මාසයේ සම්ෆාරා ප්‍රාන්තයේ ජන්ගෙබ් ප්‍රදේශයේ පාසලකින් ද ළමුන් 300කට අධික පිරිසක් සන්නද්ධ පිරිස් විසින් පැහර ගන්නා ලදී.

ඔවුන්ගෙන් බොහෝ පිරිසක් පසුව නිදහස් කරන ලදී.

ආසන්නතම සිදුවීමේදී නගරයට යතුරු පැදිවලින් පැමිණි කොල්ලකරුවන් පළමුව වෙඩි තබා මිනිසුන් පලවා හැර තිබෙන අතර පසුව ඔවුන් ඉස්ලාමීය පාසලට ඇතුළු වී ඇත.වයස අවුරුදු 6 සිට 18 දක්වා සිසුන් මෙම පාසලේ අධ්‍යාපනය ලබන බව සඳහන් වේ.

වෙඩි තැබීම්වලදී පුද්ගලයින් දෙදෙනෙකුට ප්‍රහාර එල්ල කර ඇති බවත් එක් අයෙකු මියගොස් ඇති බවත් බලධාරීන් සඳහන් කරයි.

RECENT ARTICLES - SINHALA

උතුරේ ඉඩම් දෙන්න වෙනම කාර්යාලයක්

උතුරු නැගෙනහිර අධි ආරක්ෂිත කලාප වල ඇති පාරම්පරික ඉඩම් යළි ජනතාවට ලබාදීමේ කටයුතු විධිමත් කිරීම සඳහා ස්ථිර කාර්යාලයක් පිහිටුවා තිබෙනවා.

බස් රථ අනතුරකින් 16 හැවිරිදි සිසුවෙකු මරුට

ලංගම බස් රථයක් අනතුරට ලක්වීමෙන් 16 හැවිරිදි පාසල් සිසුවෙකු මියගොස් තිබෙනවා. බදුරලිය පොලීසිය කියා සිටියේ අනතුරෙන් තවත් 10 දෙනෙක්...

රටේ අනාගත සෞඛ්‍ය ගැන බරපතළ අනාවරණයක්

ආර්ථික අර්බුදය හමුවේ සෞඛ්‍ය අංශයේ ඉහළ නිපුනතා සහිත පිරිස් රටින් පිටතට සංක්‍රමණය වීමේ ප්‍රවනතාවය ඉහළ යාම හේතුවෙන් ඉදිරි කාල සීමාව තුළ මෙරට...

RECENT ARTICLES - ENGLISH

Two planes ‘likely collided’ at the airport in Tokyo

0
Two airplanes have “highly likely collided” with each other at the Haneda Airport in Tokyo, Japanese public broadcaster NHK is reporting, citing...

Sri Lankan passenger fined $5,500 for trying to bring plant cuttings into Australia

0
A Sri Lankan traveler to Australia who attempted to hide plant cuttings in the luggage, which also included bananas and flour, was...

China’s multilateral development banks expand efforts to globalize Renminbi

0
China's drive to promote the use of its national currency, the Renminbi (RMB), continues to gain momentum with Multilateral development banks (MDBs)...