27.6 C
Colombo
Monday, May 20, 2024

උතුරු මැද රෝහල් සේවකයින් අද වර්ජනයක

- Advertisement -

සෞඛ්‍ය වෘත්තිය සමිති 72 ක් අද (09) උතුරුමැද පළාතේ සියලු රජයේ රෝහල්වල වැඩවර්ජනයක නිරත වීමට තීරණය කර තිබෙනවා.

ඒ, ආර්ථික යුක්තිය ඉටු කිරීමට අදාළව ඉදිරිපත් කළ ඉල්ලීම්වලට සෞඛ්‍ය අමාත්‍යාංශය විසඳුම් ලබා දෙන බව පැවසුවත් එය ක්‍රියාත්මක නොකිරීමට විරෝධය පල කරමින්.

හෙද නිලධාරීන්, මහජන පරීක්ෂකවරුන්, රසායානාගාර ශිල්පීන්, විකිරණ තාක්ෂණවේදීන්, ඖෂධවේදීන් ඇතුලු වෘත්තීය සමිති 72 ක සාමාජිකයින් ඊට අතුලත්.

ඒ අනුව උදෑසන 8 සිට දහවල් 12 දක්වා උතුරුමැද පළාතේ සියළු රජයේ රෝහල්වල මෙම වැඩවර්ජනය ක්‍රියාත්මක බව, සෞඛ්‍ය සේවා වෘත්තිය සමිති සන්ධානයේ කැඳවුම්කරු රවී කුමුදේශ් මහතා සඳහන් කළා.

13 වැනිදා මධ්‍යම පළාතේත්, 14 වැනිදා සබරගමුව පළාතේ රජයේ රෝහල්වල මෙම වැඩවර්ජනය ක්‍රියාත්මක කිරීමට නියමිතයි.

අද දින පැවැත්වෙන වර්ජනය සඳහා හෙද හෙදියන්ගේ සහභාගීත්වයක් සිදුනොවන බව සමස්ත ලංකා හෙද සංගමය සඳහන් කරනවා.

වෘත්තීය ක්‍රියාමාර්ගය ක්‍රියාත්මක කරන රෝහල් පිළිබඳ විස්තර පහතින්,

09 – උතුරු මැද පළාත
13 – මධ්‍යම පළාත
14 – සබරගමුව පළාත
15 – වයඹ පළාත
16 – දකුණු පළාත
20 – ඌව පළාත
21 – බස්නාහිර පළාත යනාදී වශයෙන් මෙම වර්ජන ක්‍රියාමාර්ගය ක්‍රියාත්මක වනු ඇති.

RECENT ARTICLES - SINHALA

ජාතික සමඟිය වෙනුවෙන් කටයුතු  කළ ඥානසාර හිමිට නිදහස දෙන්න – මහනාහිමිවරු

ගලගොඩඅත්තේ ඥානසාරහිමිට ජනාධිපති සමාව ලබා දෙන්නැයි ඉල්ලා තෛයිනිකායික මහනාහිමිවරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ලිපියක් යොමු කර තිබෙනවා. 2016 වසරේදී කූරගල රජමහා විහාරස්ථානය සම්බන්ධ පැවැති මාධ්‍ය...

රනිල්ගේ උදව්වට ගිය ලන්සාගේ හිත බැසිල් නිසා රිදිලා

ජනපති රනිල් වික්‍රමසිංහ මහතා දිනවීමේ ජනාධිපති මැතිවරණ මෙහෙයුම් කමිටුවට බැසිල් රාජපක්ෂ මහතා සහභාගි කර ගැනීම හේතුවෙන් නිමල් ලංසා, අනුර ප්‍රියදර්ශන යාපා ප්‍රමුඛ නව සන්ධානයේ...

පලිබෝධනාශක ඉසීම ඩ්‍රෝන තාක්ෂණයෙන්

මෙවර යල කන්නය සඳහා  දිස්ත්‍රික්ක 15ක වී වගාවේ පළිබෝධ නාශක ඉසීම  ඩ්‍රෝන තාක්ෂණය යොදාගනිමින් සිදු කිරීමට කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය පියවර ගෙන තිබෙනවා. ඒ...

POPULAR ARTICLES

කෞෂල්‍ය නවරත්න බාර් කවුන්සිලයෙන් ඉවතට

ශ්‍රී ලංකා නීතිඥ සංගම⁣යේ සභාපති ජනාධිපති නීතිඥ කෞෂල්‍ය නවරත්න මහතාගේ මූලිකත්වයෙන් ඊයේ (18) රැස්වූ එම සංගමයේ සාමාජිකයන් දහසකට ආසන්න පිරිසකගෙන් සමන්විත බාර් කවුන්සිලය එම...

ඉරාන ජනපති තවමත් අතුරුදහන්. හෙලිකොප්ටරයේ සුන්බුන් බවට සැක කෙරෙන තාප ප්‍රභවයක් හඳුනාගෙන

Update:ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසි ගමන් ගත් හෙලිකොප්ටර් යානය කඩා වැටුණු ස්ථානය ගවේෂණ කණ්ඩායම් විසින් සොයාගෙන තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ තවත් නොබෝ වෙලාවකින් එම කණ්ඩායම...

හෙලිකොප්ටර් අනතුරින් ඉරාන ජනපති සහ විදේශ කටයුතු ඇමති මරුට

ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසි සහ ඉරාන විදේශ අමාත්‍ය හොසේන් අමීර්අබ්දුල්රහීන් සහ තවත් රාජ්‍ය නිලධාරීන් කීප දෙනකු හෙලිකොප්ටර් අනතුරින් මියගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා...