32 C
Colombo
Monday, January 20, 2025

විශ්‍රාම වැටුප් හිමියන්ට දැනුම් දීමක්

- Advertisement -

ජූලී මාසයේ විශ්‍රාම වැටුප් ගෙවීම සම්බන්ධයෙන් විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ජගත් ඩී. ඩයස් මහතා දැනුම් දීමක් සිදු කර තිබෙනවා.

ඔහු පවසන්නේ, ජුලි මාසයේ 10 වන දිනට ගෙවීමට නියමිත විශ්‍රාම වැටුප් දීමනාව අද (09) දින බැංකු වෙත නිදහස් කිරීමට කටයුතු කළ බවයි.

රාජ්‍ය අංශයේ ඇතැම් පිරිසක් වැඩවර්ජනයක නිරතව සිටියද, ලියාපදිංචි විශ්‍රාමිකයින් 708,231කට අදාළ විශ්‍රාම වැටුප් දීමනාව මෙලෙස නිදහස් කර ඇති බව ඔහු පෙන්වා දෙනවා.

ඒ අනුව රුපියල් බිලියන 28.5ක මුදල් රාජ්‍ය හා පෞද්ගලික බැංකු 24කට සහ තැපැල් දෙපාර්තමේන්තුව වෙත නිදහස් කළ බව අධ්‍යක්ෂ ජනරාල්වරයා තවදුරටත් සඳහන් කරනවා.

මේ සමග 99.5% ක පමණ පිරිසකට කිසිඳු ප්‍රමාදයකින් තොරව අදාළ දිනය වන ජුලි 10වන දින විශ්‍රාම වැටුප් දීමනාව හිමිවනු ඇති අතර, ප්‍රාදේශීය ලේකම් කාර්යාල ජුලි 08 සහ 09 දිනයන්හි සිය සේවා රාජකාරී සිදු නොකිරීම හේතුවෙන් 13,000ක පමණ ඉතා සුළු පිරිසකට විශ්‍රාම වැටුප්  දීමනාව ජුලි 11 වන දින හිමිවනු ඇති බවද  විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා වැඩිදුරටත් පවසා තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

මනූෂ CIDයට ප්‍රකාශයක් දෙන්න සුදානම්

දකුණු කොරියවේ රැකියා ලබාදීමේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා හෙට (21) දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පෙනී සිට ප්‍රකාශයක් ලබාදීමට සූදානම් බව ඔහුගේ...

මාධ්‍යවේදීන්ට වරලත් ආයතනයක්

ජනමාධ්‍යවේදීන්ගේ මාධ්‍ය විෂය පිළිබඳව දැනුම ප්‍රවර්ධනය කර ගැනීමට අවස්ථාව උදාකර දීම හා වෘත්තියට වටිනාකමක් එක්කර දීම සදහා මාධ්‍ය පිළිබද වරලත් ආයතනයක් ස්ථාපිත කිරීමට අවශ්‍ය...

අදානිගේ ව්‍යාපෘතියකට දුන් බදු සහනයෙන් ඩොලර් මිලියන 200ක පාඩුවක්

අදානි පොර්ට්ස් සහ ස්පෙෂල් ඉකොනොමික් සෝන් ලිමිටඩ් සමාගම සහ ජෝන් කීල්ස් සමාගම විසින් මෙහෙයවන කොළඹ බටහිර බහාලුම් පර්යන්ත ව්‍යාපෘතියට , ආයෝජන මණ්ඩලය විසින් ලබා...

POPULAR ARTICLES