25 C
Colombo
Monday, May 20, 2024

නිවසකට පැමිණ තර්ජනය කළ TID නිලධාරීන්ට වැඩ වරදී

- Advertisement -

පන්නිපිටිය – වීර මාවතේ පිහිටි නිවසකට පැමිණ එහි නිවැසියන්ට තර්ජනය කළ බව පැවසෙන පොලිස් ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් දෙදෙනෙකුගේ වැඩ තහනම් කර තිබෙනවා.

ඔවුන් පසුගිය දිනක එම නිවසට පැමිණ තිබුණේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් බව පවසමින්.

පන්නිපිටිය – වීර මාවතේ පිහිටි නිවසක පදිංචිව සිටි අඹුසැමි යුවළකට කලක් තිස්සේ කාන්තාවගේ පියාගෙන් බලපෑම් එල්ල වී තිබුණේ, විවාහයෙන් වෙන්වන ලෙසටයි.

කාන්තාවගේ පියා විසින් ඇගේ සැමියාට අවස්ථා කිහිපයකදීම තර්ජන කිරීම් සහ හිරිහැර ද සිදුව තිබූණා.

එම කරදර ඉවසා ගත නොහැකි විම නිසා ඔවුන් ඩුබායි රාජ්‍ය වෙත ගොස් තිබු නමුත් පියා ඩුබායි රාජ්‍යයට ද ගොස් ඔවුන්ට හිරිහැර කිරීම හේතුවෙන් ඔවුන් යළි මෙරටට පැමිණ පන්නිපිටිය – වීර මාවතේ පිහිටි නිවසේ පදිංචිව සිට තිබෙනවා.

මෙවන් පසුබිමක පසුගිය 29 වැනිදා දහවල් පන්නිපිටියේ පිහිටි තරුණයාගේ නිවසට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් බවට පවසමින් පුද්ගලයින් තිදෙනකු පැමිණි බව ඔවුන් පවසනවා.

එම අවස්ථාවේ නිවසේ සිටි මවගේ, ජංගම දුරකථනය පරීක්ෂා කර ඇති ඔවුන් මවට තර්ජනය කරමින් තරුණයාගේ ඡායාරූප කිහිපයක් ඔවුන්ගේ දුරකථන වලට යොමුකර ගෙන තිබෙන බව ඔවුන් සඳහන් කරනවා.

එම නිලධාරී යැයි කියූ පිරිසගේ දුරකථන අංකයකට එදින පස්වරුවේ තරුණයාගේ පියා ඇමතුමක් ලබාදී තිබු අතර ඔවුන්ට ඇතිවු සැකය මත අදාළ දියණියගේ පියාට අයත් බවට පැවසෙන තලවතුගොඩ පිහිටි හෝටලයට ගොස් තිබෙනවා.

එම අවස්ථවේදී ඔවුන් තිදෙනා සිය පියට අයත් හෝටලයේ මත්පැන් පානය කරමින් සිටියදී සොයාගෙන තිබුණා.

අනතුරුව එම නිලධාරීන් තිදෙනාගෙන් දෙදෙනෙකු හෝටල් පරිශ්‍රයේ සැඟව ඇති අතර අනෙක් පුද්ගලයා සිය මෝටර් රථයකින් පළායමින් සිටියදී ප්‍රදේශවාසීන් විසින් අල්ලා ගෙන මහරගම පොලිසියට භාර දී තිබුණා.

සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ද පරීක්ෂණයක් ආරම්භ කර ඇති අතර එහිදී අනාවරණය වි ඇත්තේ CID නිලධාරියෙකු ලෙස පැවසූ එක් පුද්ගලයෙක් වරාය අධිකාරියේ සේවකයෙකු බවයි.

අනෙක් පිරිස අතරින් දෙදෙනෙකු ත්‍රස්ත විමර්ශන කොට්ඨාශයේ නිලධාරින් බවත් පරීක්ෂණවලදී අනාවරණය වී තිබෙනවා.

අත්අඩංගුවට ගත් වරාය සේවකයා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇපමත මුදාහැර ඇති අතර ත්‍රස්ත විමර්ශන කොට්ඨාශයේ නිලධාරීන් දෙදෙනා පිළිබඳ පරීක්ෂණ තවදුරටත් ක්‍රියාත්මකයි.

පොලිසිය පැවසුවේ මේ වන විට ඔවුන්ගේ වැඩ තහනම් කර ඇති බවයිත

RECENT ARTICLES - SINHALA

ඩයනාගේ විදෙස් ගමන් බලපත්‍රය ආපහු දිලා

ශ්‍රී ලාංකික පුරවැසියකු නොවීම යන හේතුව මත පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය අහෝසි වූ හිටපු රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මියට ශ්‍රී ලංකා ආගමන විගණනය දෙපාර්තමේන්තුවෙන් නිකුත්...

ශ්‍රී ලාංකික ධීවරයින් පිරිසක් ඉන්දීය අත්අඩංගුවට

මුහුදු සීමා උල්ළංඝනය කරමින් ධීවර කටයුතුවල නිරත වූ ශ්‍රි ලාංකික ධීවරයින් 7 දෙනෙකු ඉන්දීය වෙරළාරක්ෂක බළකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ ඉන්දියාවේ...

පුත්තලම දිස්ත්‍රික්කයේ සියලුම පාසල්වලට හෙට විශේෂ නිවාඩුවක්

පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් පුත්තලම දිස්ත්‍රික්කයේ සියලුම පාසල් හෙට (20) දිනයේ වසාතැබීමට වයඹ පළාත් ආණ්ඩුකාරවරයා තීරණය කර තිබෙනවා. හෙට දිනයේ කාලගුණ තත්ත්වය අනුව ඉදිරි...

POPULAR ARTICLES

අනුර කුමාර ජවිපෙ සාමාජිකයෙක් බව කියන්න බැහැ, ඔහු මටත් වඩා බාලයි – කමල් අද්දරආරච්චි

71 කැරැල්ලේදී සිදුවූ ඇතැම් සිදුවීම් සහ ඉන් පසුව ජනතා විමුක්ති පෙරමුණේ ගිණුමට බැර කරමින් සිදුකළ ඇතැම් අපරාධ සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණට චෝදනා එල්ල කිරීම...

කෞෂල්‍ය නවරත්න බාර් කවුන්සිලයෙන් ඉවතට

ශ්‍රී ලංකා නීතිඥ සංගම⁣යේ සභාපති ජනාධිපති නීතිඥ කෞෂල්‍ය නවරත්න මහතාගේ මූලිකත්වයෙන් ඊයේ (18) රැස්වූ එම සංගමයේ සාමාජිකයන් දහසකට ආසන්න පිරිසකගෙන් සමන්විත බාර් කවුන්සිලය එම...

ජ්‍යේෂ්ඨ පුරවැසියන්ගේ බැංකු තැන්පතු ගැන තීරණයක්

ජ්‍යේෂ්ඨ පුරවැසි ගිණුම්වල පොලිය ඉහළ නැංවීම පිළිබඳ සොයා බැලීමේ කමිටු වාර්තාව ලබන සතියේ ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා...