25 C
Colombo
Monday, May 20, 2024

යුක්‍රේන යුද්ධයට ලාංකිකයින් යැවීමේ ජාවාරම නවතන්න මෙහෙයුමක්

- Advertisement -

රුසියාවේ සහ යුක්‍රේනයේ හමුදා කඳවුරුවලට මෙරට හිටපු හමුදා භටයන් යොමු කිරීමේ ජාවාරමට සම්බන්ධ පුද්ගලයින් අත්අඩංගුවට ගැනීම සඳහා මෙහෙයුමක් ආරම්භ කර ඇති බව ආරක්ෂක අමාත්‍යාංශය පවසනවා.

ආරක්ෂක ලේකම් විශ්‍රාමික ජෙනරාල් කමල් ගුණරත්න මහතා සඳහන් කළේ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ බුද්ධි අංශ ඒකාබද්ව මෙම මෙහෙයුමක් ආරම්භ කර ඇති බවයි.

එමෙන්ම මෙලෙස විදේශ ගත වී ඇති පුද්ගලයින් සෙවීම සඳහා විදේශ කටයුතු අමාත්‍යාංශය මඟින්ද විමර්ශන ආරම්භ කර ඇති බව  විශ්‍රාමික ජෙනරාල් කමල් ගුණරත්න මහතා පවසා තිබෙනවා.

“හොර රැකියා ඒජන්තවරුන් එක්ක එකතුවෙලා විශ්‍රාම ගිහින් ඉන්න රණවිරුවන්ව මේ රුසියානු – යුක්‍රේන යුද පෙරමුණට යවන්නට මිනිස් ජාවාරමක් කරනවා. මෙතැනදි බොරු පොරොන්දු රැසක් දීලා තියෙනවා රුසියානු හමුදාවට බන්ඳනවා කියලා. යුක්‍රේන යුද්ධයට බඳවනවා පීටර්ස් බර්ග් වැනි ප්‍රසිද්ධ තැන්වලින් ඉඩම් ලබාදෙනවා කියලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි පවුල්වල අයට රුසියාවේ පුරවැසිභාවය, රු ලක්ෂ 10කට අධික මුදලක් ලබාදෙන බවත් පවසා තිබෙනවා. නමුත් ඒ අයට මුදල් කිසිම දෙයක් ලබාදීලා නෑ. කිසිම වැටුපක් ගෙවලා නෑ. ඒ වගේම මිය ගියොත් හරි බරපතළ තුවාල ලැබුවොත් කිසිම වන්දියක් ගෙවලත් නෑ. මෙවට රැවටිලා අපේ රණවිරුවන් සෑහෙන ප්‍රමාණයක් මේ වෙද්දිත් යුද පෙරමුණට ගිහින් කොටසක් මියගිහින්. කොටසක් තුවාල ලබලා තියෙනවා. ඒවා ගැන කවුරුදත් දන්නේ නෑ. අපි විශාල උත්සාහයක් දරනවා ඒ අය කවුද කියලා දැනගන්න. මොකද එයාලා යුද්ධයට බැඳිලා තියෙන්නේ නීතියානුකූල හමුදාවලට නෙමෙයි. කුලී හමුදාවන්ට තමා ඔවුන්ව බඳවාගෙන තියෙන්නේ

RECENT ARTICLES - SINHALA

ඩයනාගේ විදෙස් ගමන් බලපත්‍රය ආපහු දිලා

ශ්‍රී ලාංකික පුරවැසියකු නොවීම යන හේතුව මත පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය අහෝසි වූ හිටපු රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මියට ශ්‍රී ලංකා ආගමන විගණනය දෙපාර්තමේන්තුවෙන් නිකුත්...

ශ්‍රී ලාංකික ධීවරයින් පිරිසක් ඉන්දීය අත්අඩංගුවට

මුහුදු සීමා උල්ළංඝනය කරමින් ධීවර කටයුතුවල නිරත වූ ශ්‍රි ලාංකික ධීවරයින් 7 දෙනෙකු ඉන්දීය වෙරළාරක්ෂක බළකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ ඉන්දියාවේ...

පුත්තලම දිස්ත්‍රික්කයේ සියලුම පාසල්වලට හෙට විශේෂ නිවාඩුවක්

පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් පුත්තලම දිස්ත්‍රික්කයේ සියලුම පාසල් හෙට (20) දිනයේ වසාතැබීමට වයඹ පළාත් ආණ්ඩුකාරවරයා තීරණය කර තිබෙනවා. හෙට දිනයේ කාලගුණ තත්ත්වය අනුව ඉදිරි...

POPULAR ARTICLES

අනුර කුමාර ජවිපෙ සාමාජිකයෙක් බව කියන්න බැහැ, ඔහු මටත් වඩා බාලයි – කමල් අද්දරආරච්චි

71 කැරැල්ලේදී සිදුවූ ඇතැම් සිදුවීම් සහ ඉන් පසුව ජනතා විමුක්ති පෙරමුණේ ගිණුමට බැර කරමින් සිදුකළ ඇතැම් අපරාධ සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණට චෝදනා එල්ල කිරීම...

කෞෂල්‍ය නවරත්න බාර් කවුන්සිලයෙන් ඉවතට

ශ්‍රී ලංකා නීතිඥ සංගම⁣යේ සභාපති ජනාධිපති නීතිඥ කෞෂල්‍ය නවරත්න මහතාගේ මූලිකත්වයෙන් ඊයේ (18) රැස්වූ එම සංගමයේ සාමාජිකයන් දහසකට ආසන්න පිරිසකගෙන් සමන්විත බාර් කවුන්සිලය එම...

ජ්‍යේෂ්ඨ පුරවැසියන්ගේ බැංකු තැන්පතු ගැන තීරණයක්

ජ්‍යේෂ්ඨ පුරවැසි ගිණුම්වල පොලිය ඉහළ නැංවීම පිළිබඳ සොයා බැලීමේ කමිටු වාර්තාව ලබන සතියේ ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා...