29 C
Colombo
Saturday, May 18, 2024

ව්‍යාජ අවලෝකිතේශ්වරගේ මානසික තත්ත්වය පරීක්ෂා කරන්න නියෝග

- Advertisement -

බෞද්ධ ධර්මය විකෘති කර විවිධ දේශනා පැවැත්වීම ඇතුළු චෝදනා කිහිපයක් යටතේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ අවලෝකිතේශ්වර බෝධිසත්වයන් නමින් පෙනී සිටි මහින්ද කොඩිතුවක්කු නමැත්තා මෙම මස 24 දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ කොටුව මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා පසුගිය අඟහරුවාදා (16) නියෝග කළා.

සැකකාර පුද්ගලයා අංගොඩ මානසික රෝහලේ විශේෂඥ වෛද්‍යවරයකු වෙත ඉදිරිපත් කර වාර්තාවක් කැඳවන ලෙසද මහෙස්ත්‍රාත්වරයා නියෝග කර තිබුණා.

ඒ පැමිණිලිකාර පාර්ශ්වය හා විත්තිකාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් අධිකරණය හමුවේ කරුණු දක්වමින් සිටින අතරතුර සැකකාර පුද්ගලයා අංග චලනයෙන් ප්‍රතිචාර දැක්වීම සැලකිල්ලට ගත් මහෙස්ත්‍රාත්වරයා සැකකාර පුද්ගලයා මානසික ව්‍යාධියකින් පෙළෙන බවට හැඟෙන බැවින් ඔහු සම්බන්ධයෙන් මානසික වෛද්‍ය වාර්තාවක් කැඳවීමට පියවර ගන්නා ලෙස නියෝග කළ බවට වාර්තා වනවා.

මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ හා ලංකා දණ්ඩ නීති සංග්‍රහය යටතේ සැකකරුට එරෙහිව තවදුරටත් විමර්ශන සිදුකරන බැවින් ඔහුව ඇප මත මුදා නොහරින ලෙසද එසේ ඇප මත මුදා හැරියහොත් මහජන කැළඹීමක් ඇතිවීමට ඉඩ ඇති බවද නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා සඳහන් කළා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කරන ලද විමර්ශනයකින් අනතුරුව සැකකාර පුද්ගලයාව පන්නිපිටිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව පීරිස් මහතා අධිකරණයට දන්වා සිටියා.

සැකකාර පුද්ගලයාට ඇප ලබා දුනහොත් මහජන කැලඹීමක් ඇතිවීමට ඉඩ ඇති බවට අගතියට පත් පාර්ශ්වය ඉදිරිපත් කරනු ලබන කරුණු තම අධිකරණයටද පිළිගැනීමට සිදුවන්නේ යැයි පෙන්වා දුන් මහෙස්ත්‍රාත්වරයා සැකකාර පුද්ගලයා මෙම 24 දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කළා.

ඒ අනුව ඕනෑම ඇප කොන්දේසියක් යටතේ සැකකරුට ඇප ලබා දෙන ලෙසට ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ කාලිංග ඉන්ද්‍රතිස්ස මහතා කළ ඉල්ලීම අධිකරණය විසින් ප්‍රතික්ෂේප කර තිබුණා.

නීතිපතිවරයාගේ ක්‍රියාකලාපය පවා හෑල්ලුවට ලක් කර ඇති මෙම සැකකාර පුද්ගලයා නඩු විසඳලා දීමට මට හැකියාව තිබෙනවා නීතිපතිවරයා පරිස්සම් විය යුතුයි. තුන්වැනි විනිසුරු පහළ වෙලා ඉන්නවා. නියම ධර්මය ගෙනියන්න සර්වඥවරුන් පමණක් අවශ්‍ය වෙනවා යනුවෙන් ඔහු වීඩියෝ නාළිකා හරහා ප්‍රචාරය කර ඇති බව නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා සිද්ධිය සම්බන්ධයෙන් කරුණු දක්වමින් ඉකුත් 12 වැනි දින අධිකරණයට පෙන්වාදී තිබෙනවා.

180 දේශනා නමැති යූ-ටියුබ් නාළිකාවක් හරහා මෙම පුද්ගලයා බුදුරජාණන් වහන්සේ හා යසෝධරා දේවිය පවා දැඩි අපහාසයට ලක් කර ඇති බව සඳහන් කළ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා මහායාන සූත්‍රය හා බයිෂජ්ය රාජ්‍යයන් යන මාතෘකා ඔස්සේ මෙම පුද්ගලයා බුදු දහමට අපහාස වන ආකාරයෙන් යූ-ටියුබ් හරහා අසත්‍ය කරුණු කාරණා ඉදිරිපත් කර බෞද්ධ ජනතාව නොමඟ යැවීමට කටයුතු කර තිබෙන බවද සඳහන් කළා.

දිවියගහවෙල රතනානන්ද, අඟුරුවැල්ලේ සිරි ජිනානන්ද, හිමිවරුන්ගෙන් මෙන්ම මධුභාෂන් ප්‍රභාත් රණහංස යන අයගෙන් මෙම පුද්ගලයාට එරෙහිව පැමිණිලි ලැබී තිබෙනවා.

ඒ අනුව එම පැමිණිලිකරුවන්ගේ ප්‍රකාශ මත පදනම්ව මෙම පුද්ගලයාට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශන ආරම්භ කර ඇති බවද සොලිසිටර් ජනරාල්වරයා එදින පෙන්වාදී තිබූ අතර එය සැලකිල්ලට ගත් මහෙස්ත්‍රාත්වරයා සැකකරුගේ විදෙස් ගමන්ද තහනම් කළ බවයි වාර්තා වන්නේ.

RECENT ARTICLES - SINHALA

දේශපාලකයෝ එනවා නම් අපි එන්නේ නැහැ – ග්‍රාම නිලධාරීන්

දේශපාලනඥයන් සහභාගී වන කිසිදු උත්සවයකට සහභාගී නොවීමට ශ්‍රී ලංකා එක්සත් ග්‍රාම නිලධාරීන්ගේ සංගමය තීරණය කර තිබෙනවා. එම සංගමයේ උප සභාපති දයාන් අබේරත්න මහතා සඳහන් කළේ,...

වෙල්ලමුල්ලිවයික්කල් සැමරුමක් අතරතුර පුද්ගලයෙක් අත්අඩංගුවට

යුද්ධය අවසන් වී වසර 15ක් ගෙවීයාම නිමිති කොට ගෙන ඉන් මිය ගිය දමිළ ජනතාව සිහි කරන වෙල්ලමුල්ලිවයික්කල් සැමරුමක් අද උදෑසන (18) වැල්ලවත්ත වෙරළ තීරයේදී...

සිරිපා වඳින්න ගිය තරුණයින් 6 දෙනෙක් අත්අඩංගුවට

ශ්‍රී පාද වන්දනාවේ පැමිණි තරුණයන් සයදෙනෙකු ඊයේ (17) පස්වරුවේ හැටන් දුම්රිය ස්ථානයේදි සැකපිට අත්අඩංගුවට ගත් බව හැටන් පොලිසිය පවසනවා. කොළඹ කොටුවේ සිට බදුල්ල දක්වා ධාවනය...

POPULAR ARTICLES

අනුර කුමාර ජවිපෙ සාමාජිකයෙක් බව කියන්න බැහැ, ඔහු මටත් වඩා බාලයි – කමල් අද්දරආරච්චි

71 කැරැල්ලේදී සිදුවූ ඇතැම් සිදුවීම් සහ ඉන් පසුව ජනතා විමුක්ති පෙරමුණේ ගිණුමට බැර කරමින් සිදුකළ ඇතැම් අපරාධ සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණට චෝදනා එල්ල කිරීම...

මහනුවර ඇසළ පෙරහැරට බාධාවක්

මහනුවර ඇසළ පෙරහර සමයේම සබරගමුව මහ සමන් දේවාලයේ පෙරහැර යෙදීම හේතුවෙන් අලි ඇතුන් සහභාගී කරවීමේ ගැටලුවක් මතුව ඇති බව හීලෑ අලි ඇතුන් හිමිකරුවන්ගේ සංගමය...

ලාල් කාන්ත ඇතුළු විරෝධතාකරුවන් පිරිසකට තහනම් නියෝගයක්

මාළිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයෙන් වෘත්තිය සමිති නායකයින් කිහිපදෙනෙකු ඇතුළු පිරිසකට තහනම් නියෝගයක් නිකුත් කර තිබෙනවා. කේ ඩී ලාල්කාන්ත, මහින්ද ජයසිංහ, රන්ජන් ජයලාල් ඇතුළු විරෝධතාකරුවන් පිරිසකට එරෙහිව...