25 C
Colombo
Monday, May 20, 2024

නුවරඑළිය තැපැල්හල ඉන්දීය සමාගමකට ලබාදීම වළක්වන්න අතුරු තහනමක් ඉල්ලන පෙත්සම යළි කැඳවීමට නියෝග

- Advertisement -

පුරාවිද්‍යාත්මක වටිනාකමක් සහිත ස්ථානයක් ලෙස නම් කර ඇති නුවරඑළිය තැපැල් කාර්යාලය සංචාරක හෝටලයක් ලෙස භාවිත කිරීම සඳහා ඉන්දියානු සමාගමකට ලබාදීමට ගෙන ඇති පියවර වළක්වන අතුරුතහනම් නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනුකර ඇති පෙත්සම ලබන අගෝස්තු 5 වැනිදා යළි කැඳවීමට අභියාචනාධිකරණය ඊයේ (07) නියෝග කළා.

සමාජ ක්‍රියාකාරිකයකු වන කහඳගමගේ පියසේන මහතා විසින් ගොනු කර තිබූ එම පෙත්සම එස්.යූ.බී. කරලියද්ද හා මායාදුන්නේ කොරයා යන විනිසුරු මඬුල්ල හමුවේදී කැඳවා තිබුණා.

එම තැපැල් කාර්යාලය සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් ඉන්දියානු සමාගමකට ලබාදීමට තීරණය කර ඇත්තේ ජනාධිපතිවරයා වන බවත් රටේ විධායක ජනාධිපතිවරයා ගනු ලබන තීරණයක් අභියෝගයට ලක්කිරීමේ හැකියාවක් ශ්‍රේෂ්ඨාධිකරණයට නොමැති බවත් නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් විකුම් ද ආබෲ මහතා විනිසුරු මඬුල්ලට පවසා සිටියා.

එම ව්‍යාපෘතිය ජනාධිපතිවරයාගේ තීරණයක් අනුව නොව ජනාධිපතිවරයාගේ උපදෙස් අනුව ක්‍රියාත්මක කර ඇති බැවින් එය අභියෝගයට ලක් කළ හැකි බව පෙත්සම්කරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ උචිත බණ්ඩාර මහතා මෙහිදී පෙන්වා දී තිබුණා.

එම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන, අමාත්‍යාංශයේ ලේකම්වරයා, සංචාරක අමාත්‍ය හරින් ප්‍රනාන්දු, තැපැල්පතිවරයා, පුරාවිද්‍යා අධ්‍යක්‍ෂ ජනරාල්වරයා, පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. බී. දිසානායක මහතා ඇතුළු පිරිසක් නම් කර තිබෙනවා.


RECENT ARTICLES - SINHALA

ඩයනාගේ විදෙස් ගමන් බලපත්‍රය ආපහු දිලා

ශ්‍රී ලාංකික පුරවැසියකු නොවීම යන හේතුව මත පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය අහෝසි වූ හිටපු රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මියට ශ්‍රී ලංකා ආගමන විගණනය දෙපාර්තමේන්තුවෙන් නිකුත්...

ශ්‍රී ලාංකික ධීවරයින් පිරිසක් ඉන්දීය අත්අඩංගුවට

මුහුදු සීමා උල්ළංඝනය කරමින් ධීවර කටයුතුවල නිරත වූ ශ්‍රි ලාංකික ධීවරයින් 7 දෙනෙකු ඉන්දීය වෙරළාරක්ෂක බළකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ ඉන්දියාවේ...

පුත්තලම දිස්ත්‍රික්කයේ සියලුම පාසල්වලට හෙට විශේෂ නිවාඩුවක්

පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් පුත්තලම දිස්ත්‍රික්කයේ සියලුම පාසල් හෙට (20) දිනයේ වසාතැබීමට වයඹ පළාත් ආණ්ඩුකාරවරයා තීරණය කර තිබෙනවා. හෙට දිනයේ කාලගුණ තත්ත්වය අනුව ඉදිරි...

POPULAR ARTICLES

අනුර කුමාර ජවිපෙ සාමාජිකයෙක් බව කියන්න බැහැ, ඔහු මටත් වඩා බාලයි – කමල් අද්දරආරච්චි

71 කැරැල්ලේදී සිදුවූ ඇතැම් සිදුවීම් සහ ඉන් පසුව ජනතා විමුක්ති පෙරමුණේ ගිණුමට බැර කරමින් සිදුකළ ඇතැම් අපරාධ සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණට චෝදනා එල්ල කිරීම...

කෞෂල්‍ය නවරත්න බාර් කවුන්සිලයෙන් ඉවතට

ශ්‍රී ලංකා නීතිඥ සංගම⁣යේ සභාපති ජනාධිපති නීතිඥ කෞෂල්‍ය නවරත්න මහතාගේ මූලිකත්වයෙන් ඊයේ (18) රැස්වූ එම සංගමයේ සාමාජිකයන් දහසකට ආසන්න පිරිසකගෙන් සමන්විත බාර් කවුන්සිලය එම...

ජ්‍යේෂ්ඨ පුරවැසියන්ගේ බැංකු තැන්පතු ගැන තීරණයක්

ජ්‍යේෂ්ඨ පුරවැසි ගිණුම්වල පොලිය ඉහළ නැංවීම පිළිබඳ සොයා බැලීමේ කමිටු වාර්තාව ලබන සතියේ ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා...