25 C
Colombo
Monday, May 20, 2024

ලබන 8 වනදා පාර්ලිමේන්තුව යළි රැස්වෙයි

- Advertisement -

නොවැම්බර් 08 වනදා සිට 11 වනදා දක්වා පාර්ලිමේන්තුව රැස්වීමට තීරණය කර තිබෙනවා.

පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව රැස්වූ අවස්ථාවේ මෙම තීරණය ගත් බවයි පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක මහතා කියා සිටියේ.

නොවැම්බර් මස 08 වනදා පෙරවරු 10.30 සිට පස්වරු 5.00 දක්වා ජාතික ජන බලවේගයේ යෝජනාවකට අනුව රටේ වත්මන් තත්ත්වය පිළිබඳ විපක්ෂය ගෙන එන සභාව කල්තැබීමේ යෝජනාව පිළිබඳ විවාදය පැවැත්වීමට නියමිතයි.

එකතු කළ අගය මත බදු පනත යටතේ නියමය, සුරාබදු ආඥාපනත යටතේ නිවේදන දෙකක්, මුදල් පනත යටතේ නියෝගයක්, විදේශ විනිමය පනත යටතේ රෙගුලාසි, ආනයන හා අපනයන පනත යටතේ රෙගුලාසි තුනක් විවාදය නොවැම්බර් 09 වනදා සම්මත කිරීමට නියමිත බව පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

ඊට අමතරව නොවැම්බර් 10 සහ 11 වනදා තවත් පනත් කිහිපයක් සම්මත කර ගැනීමට නියමිතයි.

RECENT ARTICLES - SINHALA

ඩයනාගේ විදෙස් ගමන් බලපත්‍රය ආපහු දිලා

ශ්‍රී ලාංකික පුරවැසියකු නොවීම යන හේතුව මත පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය අහෝසි වූ හිටපු රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මියට ශ්‍රී ලංකා ආගමන විගණනය දෙපාර්තමේන්තුවෙන් නිකුත්...

ශ්‍රී ලාංකික ධීවරයින් පිරිසක් ඉන්දීය අත්අඩංගුවට

මුහුදු සීමා උල්ළංඝනය කරමින් ධීවර කටයුතුවල නිරත වූ ශ්‍රි ලාංකික ධීවරයින් 7 දෙනෙකු ඉන්දීය වෙරළාරක්ෂක බළකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ ඉන්දියාවේ...

පුත්තලම දිස්ත්‍රික්කයේ සියලුම පාසල්වලට හෙට විශේෂ නිවාඩුවක්

පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් පුත්තලම දිස්ත්‍රික්කයේ සියලුම පාසල් හෙට (20) දිනයේ වසාතැබීමට වයඹ පළාත් ආණ්ඩුකාරවරයා තීරණය කර තිබෙනවා. හෙට දිනයේ කාලගුණ තත්ත්වය අනුව ඉදිරි...

POPULAR ARTICLES

කෞෂල්‍ය නවරත්න බාර් කවුන්සිලයෙන් ඉවතට

ශ්‍රී ලංකා නීතිඥ සංගම⁣යේ සභාපති ජනාධිපති නීතිඥ කෞෂල්‍ය නවරත්න මහතාගේ මූලිකත්වයෙන් ඊයේ (18) රැස්වූ එම සංගමයේ සාමාජිකයන් දහසකට ආසන්න පිරිසකගෙන් සමන්විත බාර් කවුන්සිලය එම...

ප්‍රසන්න රණවීරට රුපියල් 300ක මනි ඕඩරයක්

රුපියල් 300ක් නොමැති වීම හේතුවෙන් කටුනායක ගුවන්තොටුපළේදී පෝටර්වරයෙකුට පහර දුන් ප්‍රසන්න රණවීර අමාත්‍යවරයාට රුපියල් 300 ක් මනි ඕඩරයක් මගින් යැවීමට ගාල්ල කරන්දෙනිය අපේ දහම්...

ඉරාන තානාපතිට කොළඹදී පහර දීමක්

කොළඹ ප්‍රධාන සාප්පු සංකීර්ණයක රථගාලක් තුළදී ඉරාන තානාපතිවරයාට පහරදුන් බවට සැක කෙරෙන පුද්ගලයා හෙට 20 දක්වා රිමාන්ඩ් කිරීමට කොළඹ අලුත්කඩේ අංක දෙක මහෙස්ත්‍රාත් අධිකරණය...