26 C
Colombo
Tuesday, May 21, 2024

‘ඔකපතන’ විදුහලට වැඩ වරදියි

- Advertisement -

අවුරුදු ගීතයක් විකෘති කර, සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය කිරීම පිළිබඳව සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.

සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතාගේ උපදෙස් මත මෙම පරීක්ෂණය ආරම්භ කර ඇති බවයි වාර්තා වෙන්නේ.

රෝහණ බැද්දගේ මහතා විසින් ගායනා කරන අවුරුදු ගීතයක් එලෙස විකෘති කර තිබෙනවා.

මෙම ගීතය ඔකපතන විද්‍යාලය නමින් පවත්වාගෙන යන Facebook පිටුවේ පළ කර තිබුණා.

සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ  ලේකම් සෝමරත්න විදානපතිරණ මහතා සඳහන් කළේ, විකෘති කළ ගීතය සමාජ මාධ්‍යයට මුදාහැරි පුද්ගලයින් පිළිබඳව සොයා බලා වාර්තාවක් දෙන්නැයි, විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවට උපදෙස් දුන් බවයි.

ඒ අනුව අදාළ ගීතය විකෘති කළ පුද්ගලයින්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බව, සංස්කෘතික කටයුතු අමාත්‍යංශයේ ලේකම්වරයා ප්‍රකාශ කළා.

RECENT ARTICLES - SINHALA

ඩයනට එරෙහිව තවත් නඩුවක්

අධිකරණයට අපහාස කළ බවට චෝදනා කරමින් හිටපු රාජ්‍ය ඇමතිනි ඩයනා ගමගේ මහත්මියට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර තිබෙනවා. වැලිගම නගර සභාවේ හිටපු සභාපති රෙහාන් ජයවික්‍රම...

නිවාස වල උරුමකරුවන්ටත් ඔප්පු

අඩු ආදායම්ලාභී පවුල් 50,000කට හිමිකම් ඔප්පු ලබා දීමේ වැඩපිළිවෙල යටතේ නිවාස වල පූර්ණ අයිතිය පැවරීමේ දී මුල් ප්‍රතිලාභියා මරණයට පත්ව ඇත්නම් දැනට නිවසේ පදිංචි...

වෙඩි තැබීමකින් අයෙක් රෝහලේ

පදවිය ඕමාරකඩ ප්‍රදේශයේ දී සිදුවූ වෙඩි තැබීමකින් පාදයට බරපතල තුවාල සිදුවූ පුද්ගලයකු අනුරාධපුර ශික්‍ෂණ රෝහලට ඇතුලත් කර තිබෙනවා. මෙලෙස වෙඩි වැදීමෙන් තුවාල ලබා ඇත්තේ පදවිය,...

POPULAR ARTICLES

ඩයනා අතුරුදන්

ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කර, විදෙස් ගමන් බලපත්‍රයක් ලබා ගැනීම සම්බන්ධ නඩුවේ සැකකාරියක් වශයෙන් හිටපු රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ නම් කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයෙන්...

ඉන්දියාවෙන් ලංකාවට එන අලුත්ම පෙට්‍රල් වර්ගය

Indian Oil සමාගම ඉතිහාසයේ පළමු වරට ඔක්ටේන් 100 සුපිරි වර්ගයේ පෙට්‍රල් තොගයක් ශ්‍රී ලංකාවට අපනයනය කර ඇති බවට වාර්තා වනවා. පසුගිය මැයි 18 වනදා මුම්බායේ...

ඩොලරයේ වෙනසක්

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (20) නිකුත් කරන ලද මුදල් විනිමය අනුපාත වාර්තාවට අනුව පසුගිය සතියට සාපේක්ෂව අද දින ඩොලරයේ ගැනුම් සහ විකුණුම්...