26.8 C
Colombo
Sunday, May 19, 2024

‘මන්නා රමේෂ්’ රඳවාගෙන ප්‍රශ්න කරන්න අවසර

- Advertisement -

ඩුබායිහිදී අත්අඩංගුවටගත් සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු ලෙස සැලකෙන රමේෂ් ප්‍රියජනක හෙවත් මන්නා රමේෂ්ව දින 14ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට අධිකරණය අවසර ලබාදී තිබෙනවා.

ඒ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කළ ඉල්ලීමක් අනුවයි.

ශ්‍රී ලංකා පොලීසිය කර තිබූ ඉල්ලීමට අනුව ජාත්‍යන්තර පොලීසියේ රතු වරෙන්තු මත ඩුබායිහිදී අත්අඩංගුවට ගත් සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු ලෙස සැලකෙන රමේෂ් ප්‍රියජනක හෙවත් මන්නා රමේෂ් අද (07) අලුයම දිවයිනට රැගෙන එනු ලැබුවා.

අවිස්සාවේල්ල ප්‍රදේශය කේන්ද්‍ර කරගනිමින් ව්‍යාපාරිකයින්ගෙන් කප්පම් ගැනීමේ සිදුවීම්, මත්ද්‍රව්‍ය ජාවාරම සහ මනුෂ්‍ය ඝාතන සම්බන්ධයෙන් මන්නා රමේෂ්ට එරෙහිව චෝදනා එල්ල වී තිබෙනවා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් දිවයිනට රැගෙන ආ සැකකරු වැඩිදුර විමර්ශන කටයුතු සඳහා භාරදී ඇත්තේ, බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාසය වෙතයි.


RECENT ARTICLES - SINHALA

වැසි තත්වය ගැන කාලගුණයෙන් නිවේදනයක්

ඉදිරි පැය 36ක් දක්වා වලංගු වන පරිදි කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නවතම කාලගුණ නිවේදනය නිකුත් කර තිබෙනවා. එහි දැක්වෙන්නේ පෙර-මෝසම් කාලගුණික තත්ත්වයේ බලපෑම හේතුවෙන් තද වැසි...

ජනාධිපති ඊලෝන් මස්ක් හමුවෙයි

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ලොව ප්‍රමුඛතම ධනවතෙක් වන ටෙස්ලා සමාගමේ ප්‍රධාන විධායක මෙන්ම ට්විටර් සමාගමේ හිමිකරු වන ඊලෝන් මස්ක් හමුවී තිබෙනවා. ඒ ඉන්දුනීසියාවේ පැත්වෙන...

ඉරාන තානාපතිට කොළඹදී පහර දීමක්

කොළඹ ප්‍රධාන සාප්පු සංකීර්ණයක රථගාලක් තුළදී ඉරාන තානාපතිවරයාට පහරදුන් බවට සැක කෙරෙන පුද්ගලයා හෙට 20 දක්වා රිමාන්ඩ් කිරීමට කොළඹ අලුත්කඩේ අංක දෙක මහෙස්ත්‍රාත් අධිකරණය...

POPULAR ARTICLES

අනුර කුමාර ජවිපෙ සාමාජිකයෙක් බව කියන්න බැහැ, ඔහු මටත් වඩා බාලයි – කමල් අද්දරආරච්චි

71 කැරැල්ලේදී සිදුවූ ඇතැම් සිදුවීම් සහ ඉන් පසුව ජනතා විමුක්ති පෙරමුණේ ගිණුමට බැර කරමින් සිදුකළ ඇතැම් අපරාධ සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණට චෝදනා එල්ල කිරීම...

කෞෂල්‍ය නවරත්න බාර් කවුන්සිලයෙන් ඉවතට

ශ්‍රී ලංකා නීතිඥ සංගම⁣යේ සභාපති ජනාධිපති නීතිඥ කෞෂල්‍ය නවරත්න මහතාගේ මූලිකත්වයෙන් ඊයේ (18) රැස්වූ එම සංගමයේ සාමාජිකයන් දහසකට ආසන්න පිරිසකගෙන් සමන්විත බාර් කවුන්සිලය එම...

ජ්‍යේෂ්ඨ පුරවැසියන්ගේ බැංකු තැන්පතු ගැන තීරණයක්

ජ්‍යේෂ්ඨ පුරවැසි ගිණුම්වල පොලිය ඉහළ නැංවීම පිළිබඳ සොයා බැලීමේ කමිටු වාර්තාව ලබන සතියේ ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා...