27 C
Colombo
Sunday, May 19, 2024

දූෂණ විරෝධී පනතට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සම්

- Advertisement -

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න තිබෙන දූෂණ විරෝධී පනත් කෙටුම්පතට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සම් ඉදිරිපත් වෙයි.

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන දූෂණ විරෝධී (සංශෝධන) පනත් කෙටුම්පත ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට තීන්දු කරන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට විශේෂ පෙත්සම්  තුනක් ඉදිරිපත් කරන තිබෙනවා.

ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලයේ හිටපු සභාපති චන්ද්‍රා ප්‍රනාන්දු, සුනේත්‍රා ජයසිංහ ඇතුළු නවදෙනකු සහ ඩී.ජේ. රාජරත්නම් විසින් මෙම පෙත්සම් ගොනු කර තිබෙනවා.

එම පෙත්සම්වල වගඋත්තරකරු  ලෙස  නීතිපතිවරයා නම් කර සිටිනවා.

පෙත්සම්කරුවන් කියා සිටින්නේ රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන දූෂණ විරෝධී  (සංශෝධන) පනත්  කෙටුම්පතෙහි ඇතුලත් වගන්ති මගින් ආණඩුක්‍රම ව්‍යවස්ථාවේ ඇතුළත් විධිවිධාන උල්ලංඝනය වීමක් සිදු වන බවයි.

ඒ අනුව අදාළ  එම පනත් කෙටුම්පත  සම්මත කිරීමට නම් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතර ඡන්දයෙන්  සහ ජනමත විචාරණයකින් අනුමත විය  යුතු බවට තීන්දු කරන ලෙස මෙම පෙත්සම් මගින් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

සජබෙන් විවාදෙට දින දිලා

සමගි ජන බලවේගය සහ ජාතික ජන බලවේගයේ ආර්ථික කමිටුව සහ පක්ෂ නායකයන් අතර පැවැත්වෙන විවාදය සඳහා දින ලබාදීමට සමගි ජන බලවේගය  පියවර ගෙන තිබෙනවා. ඒ...

කෞෂල්‍ය නවරත්න බාර් කවුන්සිලයෙන් ඉවතට

ශ්‍රී ලංකා නීතිඥ සංගම⁣යේ සභාපති ජනාධිපති නීතිඥ කෞෂල්‍ය නවරත්න මහතාගේ මූලිකත්වයෙන් ඊයේ (18) රැස්වූ එම සංගමයේ සාමාජිකයන් දහසකට ආසන්න පිරිසකගෙන් සමන්විත බාර් කවුන්සිලය එම...

රේගු ලොක්කන්ට කෝට් ගණන් සන්තෝසම් දීලා

රේගු නිලධාරීන්ට සහ රේගුවට තොරතුරු සපයන්නට මුදල් අමාත්‍යවරයාගේ අනුමැතියකින් තොරව රේගු ප්‍රධානීන්ගේ අභිමතය පරිදි    රුපියල් කෝටි 2422 කට වැඩි මුදලක්  2012 වර්ෂයේ සිට 2023...

POPULAR ARTICLES

අනුර කුමාර ජවිපෙ සාමාජිකයෙක් බව කියන්න බැහැ, ඔහු මටත් වඩා බාලයි – කමල් අද්දරආරච්චි

71 කැරැල්ලේදී සිදුවූ ඇතැම් සිදුවීම් සහ ඉන් පසුව ජනතා විමුක්ති පෙරමුණේ ගිණුමට බැර කරමින් සිදුකළ ඇතැම් අපරාධ සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණට චෝදනා එල්ල කිරීම...

ජ්‍යේෂ්ඨ පුරවැසියන්ගේ බැංකු තැන්පතු ගැන තීරණයක්

ජ්‍යේෂ්ඨ පුරවැසි ගිණුම්වල පොලිය ඉහළ නැංවීම පිළිබඳ සොයා බැලීමේ කමිටු වාර්තාව ලබන සතියේ ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා...

දෙහිවල බිහිසුණු අනතුරක්

දෙහිවල මුහුදු මාර්ගයේ ඊයේ (17) රාත්‍රී 7ට පමණ රිය අනතුරක් සිදුව තිබෙනවා. මේ හේතුවෙන් වාහන 5කට පමණ අලාභ හානි සිදුව ඇති බවයි වාර්තා වන්නේ. කොළඹ සිට...