32 C
Colombo
Monday, January 20, 2025

පෙට්‍රල් – ඩීසල්වලට අලුත් විකල්පයක්

- Advertisement -

සංවර්ධනය උදෙසා හරිත හයිඩ්‍රජන් තාක්ෂණය ක්‍රියාත්මක කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී තිබෙනවා.

හරිත හයිඩ්‍රජන් වල අගය එකතු කළ නිෂ්පාදනයක් වන හරිත ඇමෝනියා, දීර්ඝ ගමනාන්තයන් වෙත ගැඹුරු මුහුද හරහා බල ශක්තිය ප්‍රවාහනය කිරීම සඳහා සාම්ප්‍රදායික පොසිල ඉන්ධන වෙනුවට භාවිත කළ හැකි පරිසර හිතකාමී විකල්පයක් ලෙස හඳුනා ගෙන තිබෙනවා.

බලශක්ති ප්‍රවාහනය සඳහා යොදාගත හැකි වාණිජ හරිත ඇමෝනියා සඳහා වන ඉල්ලුම ගෝලීය වෙළෙඳපොළේ සැලකිය යුතු ලෙස වර්ධනය වෙමින් පවතින බව රජය පවසනවා.

එම ඉල්ලුම 2030 වනවිට ටොන් බිලියන ගණනක් දක්වා ඉහළ යනු ඇතැයි ද පුරෝකථනය කර තිබෙනවා.

රජය පවසන්නේ, ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්ති සම්පත් වලින් බහුල වීම සහ නැගෙනහිර – බටහිර නාවික මාර්ගයට ආසන්නයේ පිහිටීම වැනි සුවිශේෂ භූගෝලීය වාසි හේතුවෙන් හරිත බලශක්ති නිෂ්පාදකයෙක්, අපනයනකරුවෙක් සහ බලශක්ති කලාපීය කේන්ද්‍රස්ථානයක් වශයෙන් ස්ථාපනය වීම සඳහා වැඩි අවස්ථාවක් පවතින බවයි.

ඒ අනුව, හරිත හයිඩ්‍රජන්/ඇමෝනියා නිෂ්පාදනය සම්බන්ධයෙන් ඉදිරිපත් වන පුද්ගලික අංශයේ ආයෝජන යෝජනා ඇගයීමට ලක් කර අමාත්‍ය මණ්ඩලය වෙත නිර්දේශ ඉදිරිපත් කිරීම පිණිස අදාළ ආයතනවල නියෝජනයන්ගෙන් සමන්විත ව්‍යාපෘති කමිටුවක් පත්කිරීම පිණිස ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය වශයෙන් ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරනු ලැබුවා.

RECENT ARTICLES - SINHALA

මන්නාරමේ ද්විත්ව ඝාතනයට සැකකරුවන් 4ක් අත්අඩංගුවට

මන්නාරම, අධිකරණය සංකීර්ණය අසලදී වෙඩිතබා සිදුකළ ද්විත්ව ඝාතනය සම්බන්ධයෙන් සැකකරුවන් සිව්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ අතර ප්‍රධාන වෙඩික්කරු සහ ඔහුව ප්‍රවාහනය කළ ත්‍රී රෝද...

විජිත් විජයමුණිට ඇප

හිටපු අමාත්‍ය විජිත් විජයමුණි සොයිසා මහතාට ඇප නියමව තිබෙනවා.

ඔන්ලයින් කෝච්චි ටිකට් වංචාව ගැන විමර්ශන

ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තු හා මොබිටෙල් සමාගම ක්‍රියාත්මක කරන මාර්ගගතව ආසන වෙන් කිරීමේ ටිකට් පත්, නිකුත් කළ වහාම මිලදීගෙන යළි වැඩි මිලකට අලෙවි කිරීමේ...

POPULAR ARTICLES