27.6 C
Colombo
Monday, May 20, 2024

මන්නාරම් දූපතට සුළං ගොවිපළක්

- Advertisement -

මන්නාරම් දූපතේ සුළං බල ගොවිපොළ සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම සඳහා කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.

මන්නාරම් දූපතේ සුළං බල මධ්‍යස්ථානයක් ක්‍රියාත්මක කිරීම පිණිස ආසියානු සංවර්ධන බැංකු අරමුදල් යටතේ ඇමෙරිකානු ඩොලර් මිලියන 47ක මුදලක් වැය කර අතිරේක ටර්බයින 06ක් සවි කිරීම මඟින් විදුලි උත්පාදනය ඉහළ නැංවීම පිණිස ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම සදහා 2020-10-26 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී තිබුණා.

කෙසේවෙතත්, රජයේ විදේශිය ණය ප්‍රතිව්‍යූහගතකරණ වැඩසටහන ක්‍රියාත්මක කරනු ලබන තෙක් ආසියානු සංවර්ධන බැංකු අරමුදල් භාවිත කිරීමට හැකියාවක් නොමැති බව රජය පවසනවා.

ඒ අනුව, වසර 20ක මෙහෙයුම් කාලසීමාවක් සහිතව ඉදි කිරීම්, අයිතිය දැරීම සහ ක්‍රියාත්මක කිරීම (BOO) පදනම යටතේ තරගකාරි පදනම මත තෝරාගනු ලබන පුද්ගලික අංශයේ ආයෝජකයින් මඟින් අදාළ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම පිණිස විදුලිබල හා බලශක්ති අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

පලිබෝධනාශක ඉසීම ඩ්‍රෝන තාක්ෂණයෙන්

මෙවර යල කන්නය සඳහා  දිස්ත්‍රික්ක 15ක වී වගාවේ පළිබෝධ නාශක ඉසීම  ඩ්‍රෝන තාක්ෂණය යොදාගනිමින් සිදු කිරීමට කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය පියවර ගෙන තිබෙනවා. ඒ...

අත්තනගලු ඔයේ ජල මට්ටම ඉහළට

අධික වැසි සමග කැළණි, කළු, ගිං, සහ නිල්වලා ගංඟාවල මෙන්ම අත්තනගලු ඔයේ ජල මට්ටම ඉහළ යමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා. ඉදිරි කාලසීමාව තුළදී සැළකිය...

බීඩිකොළ සමඟ ලොරියක් පැහැරගත් පොලීසියේ දෙදෙනෙක් අත්අඩංගුවට

පුත්තලම නගරයේදී දී රුපියල් කෝටි දෙකකට අධික බිඩි කොළ තොගයක් සමඟ ලොරි රථයක් පැහැර ගැනිමේ සිද්දියකට සම්බන්ධ පොලිස් සැරයන්වරයකු හා කොස්තාපල්වරයකු ඇතුළු තිදෙනෙකු අත්අඩංගුවට...

POPULAR ARTICLES

කෞෂල්‍ය නවරත්න බාර් කවුන්සිලයෙන් ඉවතට

ශ්‍රී ලංකා නීතිඥ සංගම⁣යේ සභාපති ජනාධිපති නීතිඥ කෞෂල්‍ය නවරත්න මහතාගේ මූලිකත්වයෙන් ඊයේ (18) රැස්වූ එම සංගමයේ සාමාජිකයන් දහසකට ආසන්න පිරිසකගෙන් සමන්විත බාර් කවුන්සිලය එම...

ඉරාන ජනපති තවමත් අතුරුදහන්. හෙලිකොප්ටරයේ සුන්බුන් බවට සැක කෙරෙන තාප ප්‍රභවයක් හඳුනාගෙන

Update:ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසි ගමන් ගත් හෙලිකොප්ටර් යානය කඩා වැටුණු ස්ථානය ගවේෂණ කණ්ඩායම් විසින් සොයාගෙන තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ තවත් නොබෝ වෙලාවකින් එම කණ්ඩායම...

ඉරාන තානාපතිට කොළඹදී පහර දීමක්

කොළඹ ප්‍රධාන සාප්පු සංකීර්ණයක රථගාලක් තුළදී ඉරාන තානාපතිවරයාට පහරදුන් බවට සැක කෙරෙන පුද්ගලයා හෙට 20 දක්වා රිමාන්ඩ් කිරීමට කොළඹ අලුත්කඩේ අංක දෙක මහෙස්ත්‍රාත් අධිකරණය...