29 C
Colombo
Wednesday, July 17, 2024

පොලීසිය කළේ සම්පූර්ණයෙන් වැරදි වැඩක් – ඇමති සුසිල්

- Advertisement -

මෙරට අපරාධ නීතිය ඇතැම් පුද්ගලයින් විසින් චේතනාන්විතවම විහිළුවට ලක් කර ඇති බව අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසනවා.

අද (11) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

සැකකරුවන් ගෙන්වාගෙන පොලීසියෙන් ප්‍රශ්න කිරීම මාධ්‍යයෙන් පෙන්වීම සම්පූර්ණයෙන්ම වැරදි සහගත බවත් මෙවැනි ක්‍රියා හරහා අපරාධ නඩු විසඳීමට බාධා එල්ල වන බවත් සුසිල් ප්‍රේමජයන්ත මහතා මෙහිදී පවසා සිටියා.

මෙහිදී අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානයක මහතා පවසා සිටියේ, පොලීසිය සැකකරුවන් ගෙන්වාගෙන මෙලෙස ප්‍රශ්න කිරීම හුදෙක්ම මාධ්‍ය සංදර්ශනයක් බවයි.  

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අනුර කුමාර දිසානායක මහතා,

“ ඒකෙ හරියට පෙන්නුම් කරනවා පොලීසිය වෙනම ඔහුගෙන් කට උත්තරයක් අරගෙන සියල්ල අහගන්නවා. අහගෙන නැවත මීඩියා ගෙනල්ලා ඒ සැකකරුවා ගෙනල්ලා අරක ප්‍රචාරය කරනවා. සාක්ෂිකරුවට අමතක වෙන දේවල් මතක් කරන්නේ DID මහත්තයා. ඉතාපැහැදිලිවම මාධ්‍ය රංගනයක් මේ කරන්නේ. මෙහෙම සැකකරුවෝ ගෙන්නල මාධ්‍ය ඉදිරියේ කට උත්තර ගන්න සම්ප්‍රදායක් ඇති වුණොත්..අනිවාර්‍යෙයෙන් ඒක ගැන කැලකිල්ලට භාජනය කරන්න ඕන”   

RECENT ARTICLES - SINHALA

සිරකරුවන්ගේ ඡන්ද අයිතිය ගැන පෙත්සමක්

රක්ෂිත බන්ධනාගාරගත කර සිටින සිරකරුවන්ට ඉදිරි ජනාධිපතිවරණ සහ මහමැතිවරණවලදී ඡන්දය ප්‍රකාශ කිරීමට අවශ්‍ය කරන පහසුකම් සලසා දීමට අවශ්‍ය මාර්ගෝපදේශ නිකුත් කරන ලෙස මැතිවරණ කොමිසම...

පාස්පෝට් ගන්න ඉන්න අයට දැනුම්දීමක්

ගුවන් ගමන් බලපත්‍ර අයදුම්කරුවන්ගේ පහසුව සඳහා නව ක්‍රමවේදයක් හඳුන්වා දීමට ආගමන හා විගමන දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබෙනවා. ඒ අනුව ගුවන් ගමන් බලපත්‍ර අයදුම් කිරීම සඳහා...

ප්‍රතික්‍රීයක හිඟයෙන් වෛද්‍ය පරීක්ෂණ රැසක් නැවතිලා

වෛද්‍ය පර්යේෂණ ආයතනය විසින් ප්‍රතික්‍රීයක සහ අවශ්‍ය රසායන ද්‍රව්‍ය ලබා නොදීම හේතුවෙන් රෝගීන්ට අත්‍යවශ්‍ය වෛද්‍ය පරීක්ෂණ රැසක් දීර්ඝ කාලීනව නවතා දමා ඇති බව සෞඛ්‍ය...

POPULAR ARTICLES

මහින්ද රාජපක්ෂ මිස වෙන ගොනෙක් නෙවෙයි – සනත් නිශාන්තගේ බිරිඳ(වීඩියෝ)

රටේ තිබු යුද්ධය නැති කළ නායකයා මහින්ද රාජපක්ෂ මිස වෙන ගොනෙක් නොවන බව සනත් නිශාන්ත මහතාගේ බිරිඳ චමරි ප්‍රියංකා මහත්මිය පවසනවා. ඇය මේබව කියා සිටියේ...

සඳුදා යළිත් පාසැල් වැසෙන ලකුණු

සති දෙකක් අකුරට වැඩ කිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් අරඹන බව ගුරු - විදුහල්පති වෘත්තීය සමිති සන්ධානය පවසනවා. ඒ අනුව, ඔවුන් සඳහන් කළේ ලබන සඳුදා (22)...

සෞන්දර්ය විෂයයන් ගැන අධ්‍යාපන අමාත්‍යාංශයෙන් නිවේදනයක්

සෞන්දර්ය විෂයයන් ගැන අධ්‍යාපන අමාත්‍යාංශයෙන් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එහි සඳහන්ව ඇත්තේ, යෝජිත අධ්‍යාපන ප්‍රතිසංස්කරණ අනුව සෞන්දර්ය විෂයයන් සාමාන්‍ය අධ්‍යාපනයේ අත්‍යවශ්‍ය අංගයක් බවයි. කණිෂ්ඨ, ද්විතීයික අධ්‍යාපනයේ...