25 C
Colombo
Monday, May 20, 2024

දේශපාලන සිරකරුවන් නිදහස් කළ යුතුයි – සුරේන් රාගවන්

- Advertisement -

ශ්‍රී ලංකාවේ දේශපාලන සිරකරුවන් කියා පිරිසක් සිටින බව තමා පිළිගන්නා බවත්, ඔවුන් කඩිනමින් නිදහස් කළ යුතු බවත්, මේ පිරිසෙන් වැඩි කොටසක් දෙසැම්බර් 31 වැනිදා වීමට පෙර නිදහස් කරනු ඇති බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී සහ උතුරු පළාත් හිටපු ආණ්ඩුකාර ආචාර්ය සුරේන් රාගවන් මහතා පැවසීය.

සුරේන් රාගවන් මහතා මේ බව පැවසුවේ ශ්‍රී ලංකා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය සංවිධානය කළ වැඩසටහනකට එක්වෙමිනි.

“දේශපාලන සිරකරුවන් කියලා කිසිම කෙනෙක් නෑ කියලා සෛධාන්තිකව කියන්න පුලුවන්. මොකද දේශපාලනය කරන අයව අත්අඩංගුවට ගන්නේ ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ, එහෙම නැතිනම් සාමය කඩ කළා කියලා. ගුරු උද්ඝෝෂණය වෙලාවෙත් අත්අඩංගුවට ගත්තා. ඒ ගොල්ලෝ බැංකු කැඩුවේ නැහැනේ, ලිංගික අපචාර කරලා නෙමෙයිනේ අත්අඩංගුවට ගත්තේ. දේශපාලන මතවාදයක් නිසා රජයත් එක්ක ඝට්ටනයකට යනවා, රජය අත්අඩංගුවට ගන්නවා. එතකොට ඒගොල්ලෝ දේශපාලන සිරකරුවන්. කාටවත් කියන්න බෑ මේ රටේ දේශපාලන සිරකරුවන් නෑ කියලා. මගේ ස්ථාවය නම් ලංකාවේ දේශපාලන සිරකරුවන් සියලු දෙනාම නිදහස් කළ යුතුයි. මේ අයගෙන් සමහරු අරං තියෙන්නේ රජය සමඟ ත්‍රස්තවාදී ක්‍රියා කළා කියලා. මගේ බලාපොරොත්තුව නම් දෙසැම්බර් 31ට කලින් මේ එකසිය ගණනින් බහුතරයක් නිදහස් කරන්න යනවා. ඒ්ක සංහිඳියාවට ලබා දෙන සුබවාදී ප්‍රතිචාරයක්.” යැයි ද රාගවන් මහතා ප්‍රකාශ කළේය.

සමාජ මාධ්‍යවල ලියන අය අත්අඩංගුවට ගැනීම ද එක්තරා ඛේදවාචකයක් බවත්, සමාජ මාධ්‍ය භාවිත කිරීම සඳහා නොමිලයේ ඩේටා පහසුකම් ලබා දිය යුතු බවත් මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේය.

“ෆේස්බුක් පාවිච්චි කරලා වෛරය ඇති කරනවා නම්, කෝලහල ඇති කරනවා නම් ඒ්කට ඉඩ දෙන්නේ නෑ. දිගන, බේරුවල සිද්ධි වෙන්න යනවා කියලා ෆේස්බුක් සමාගම කලින්ම දැක්කා කියලා කිව්වා. හැබැයි ලියන්න නිදහස දෙන්න ඕනා. අත්අඩංගුවට අරගෙන ඉන්න අය නිදහස් කරන්න ඕනෙ ඉක්මණින්. සමාජ මාධ්‍ය භාවිත කරන අයත් ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කරන්න වගකීමෙන් එය භාවිත කළයුතුයි. සමාජ මාධ්‍ය පාවිච්චි කරන්න ඩේටා ෆ්‍රී දෙන්න ඕනෙ. මම නාමල් රාජපක්ෂ මහතාටත් ඒ බව කිව්වා.”

RECENT ARTICLES - SINHALA

ඩයනාගේ විදෙස් ගමන් බලපත්‍රය ආපහු දිලා

ශ්‍රී ලාංකික පුරවැසියකු නොවීම යන හේතුව මත පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය අහෝසි වූ හිටපු රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මියට ශ්‍රී ලංකා ආගමන විගණනය දෙපාර්තමේන්තුවෙන් නිකුත්...

ශ්‍රී ලාංකික ධීවරයින් පිරිසක් ඉන්දීය අත්අඩංගුවට

මුහුදු සීමා උල්ළංඝනය කරමින් ධීවර කටයුතුවල නිරත වූ ශ්‍රි ලාංකික ධීවරයින් 7 දෙනෙකු ඉන්දීය වෙරළාරක්ෂක බළකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ ඉන්දියාවේ...

පුත්තලම දිස්ත්‍රික්කයේ සියලුම පාසල්වලට හෙට විශේෂ නිවාඩුවක්

පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් පුත්තලම දිස්ත්‍රික්කයේ සියලුම පාසල් හෙට (20) දිනයේ වසාතැබීමට වයඹ පළාත් ආණ්ඩුකාරවරයා තීරණය කර තිබෙනවා. හෙට දිනයේ කාලගුණ තත්ත්වය අනුව ඉදිරි...

POPULAR ARTICLES

කෞෂල්‍ය නවරත්න බාර් කවුන්සිලයෙන් ඉවතට

ශ්‍රී ලංකා නීතිඥ සංගම⁣යේ සභාපති ජනාධිපති නීතිඥ කෞෂල්‍ය නවරත්න මහතාගේ මූලිකත්වයෙන් ඊයේ (18) රැස්වූ එම සංගමයේ සාමාජිකයන් දහසකට ආසන්න පිරිසකගෙන් සමන්විත බාර් කවුන්සිලය එම...

ඉරාන තානාපතිට කොළඹදී පහර දීමක්

කොළඹ ප්‍රධාන සාප්පු සංකීර්ණයක රථගාලක් තුළදී ඉරාන තානාපතිවරයාට පහරදුන් බවට සැක කෙරෙන පුද්ගලයා හෙට 20 දක්වා රිමාන්ඩ් කිරීමට කොළඹ අලුත්කඩේ අංක දෙක මහෙස්ත්‍රාත් අධිකරණය...

ප්‍රසන්න රණවීරට රුපියල් 300ක මනි ඕඩරයක්

රුපියල් 300ක් නොමැති වීම හේතුවෙන් කටුනායක ගුවන්තොටුපළේදී පෝටර්වරයෙකුට පහර දුන් ප්‍රසන්න රණවීර අමාත්‍යවරයාට රුපියල් 300 ක් මනි ඕඩරයක් මගින් යැවීමට ගාල්ල කරන්දෙනිය අපේ දහම්...