28 C
Colombo
Friday, July 19, 2024

තැපැල් වර්ජනය අවසන්

- Advertisement -

ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුව විසින් ක්‍රියාත්මක කරන ලද පැය 48ක සංකේතාත්මක වර්ජනය අවසන් කර තිබෙනවා.

තැපැල් වෘත්තිය සමිති එකමුතුව විසින් මෙම වැඩ වර්ජනය ඊයේ (08) සිට ක්‍රියාත්මක කරනු ලැබුවා.

අද (09) දහවල් අග්‍රාමාත්‍ය අතිරේක ලේකම්වරයා සමග සාකච්ඡාවේ දී ඔහු එකඟ වී ඇත්තේ සේවක පුරප්පාඩු නිරාකරණය කිරීමට මැදිහත් වන බවයි.

එම අවස්ථාවේ දී තැපැල් වෘත්තීය සමිති පෙන්වා දී ඇත්තේ, ඉදිරියේ දී මැතිවරණයක් පැවැත්වෙන හෙයින් සේවක පුරප්පාඩු සම ඡන්ද කටයුතු පමණක් සිදු කරගත හැකි බවත් සෙසු සේවා කිසිවක් සිදු කිරීමට හැකියාවක් නොමැති බවයි.

මේ තත්ත්වයට ගත හැකි පිළියම් සාකච්ඡා කිරීමට නොබෝ දිනකින් තවත් සාකච්ඡාවක් තැපැල් වෘත්තීය සමිති වෙත අග්‍රාමාත්‍ය අතිරේක ලේකම්වරයා විසින් ලබා දීමටද පොරොන්දු වී ඇති බවත් වාර්තා වනවා.

ඒ අනුව, හෙට (10) දිනයේ සිට සාමාන්‍ය පරිදි තැපැල් සේවය සිදු කෙරෙන අතර, අද සවස 04 සිට මධ්‍යම තැපැල් හුවමාරුවේ කටයුතු ද සක්‍රීය වනු ඇති.

RECENT ARTICLES - SINHALA

ලංකාවේ කුකුළුමස් චීනයට යවන්න අවසර

මෙරට නිෂ්පාදනය කෙරෙන කුකුළු මස් හා බිත්තර මෙන්ම අන්නාසි චීනයට අපනයනය සඳහා දීර්ඝ කාලයක් තිස්සේ පැවැති බාධක චීන රජය විසින්  ඉවත් කර තිබෙනවා. කෘෂිකර්ම හා...

මෙරට උපාධිධාරීන්ට ජපානයේ රැකියා

ජපානයේ විදුලි සැපයුම් ක්ෂේත්‍රය වැඩිදියුණු කිරීමේ අරමුණින් එරට පෞද්ගලික අංශයේ පවතින රැකියා අවස්ථා සඳහා තාක්ෂණ ක්ෂේත්‍රයේ ලාංකික උපාධිධාරීන් බඳවා ගැනීමට කැමැත්තෙන් පසුවන බව ජපානය...

ජවිපෙන් අකුරැස්සට කෝටි 17ක රෝහලක්

2005 වසරේ සිට ජනතා විමුක්ති පෙරමුණ විසින් බලය හිමි සීමාසහිත අකුරැස්ස විවිධ සේවා අකුරැස්ස සමුපකාර සමිතිය විසින් රුපියල් කෝටි 17ක වියදමින් මහල් 05ක රෝහලක්...

POPULAR ARTICLES

සඳුදා යළිත් පාසැල් වැසෙන ලකුණු

සති දෙකක් අකුරට වැඩ කිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් අරඹන බව ගුරු - විදුහල්පති වෘත්තීය සමිති සන්ධානය පවසනවා. ඒ අනුව, ඔවුන් සඳහන් කළේ ලබන සඳුදා (22)...

මුද්‍රිත විදුලි බිල්පත අනිවාර්යයි

පාරිභෝගිකයන් ඉල්ලා සිටින විට මුද්‍රිත විදුලි බිල්පතක් නිකුත් කිරීම අනිවාර්ය බව ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව පවසනවා. නව විදුලි ගාස්තු සංශෝධනයත් සමග ශ්‍රී ලංකා...

මහින්ද රාජපක්ෂ මිස වෙන ගොනෙක් නෙවෙයි – සනත් නිශාන්තගේ බිරිඳ(වීඩියෝ)

රටේ තිබු යුද්ධය නැති කළ නායකයා මහින්ද රාජපක්ෂ මිස වෙන ගොනෙක් නොවන බව සනත් නිශාන්ත මහතාගේ බිරිඳ චමරි ප්‍රියංකා මහත්මිය පවසනවා. ඇය මේබව කියා සිටියේ...