29 C
Colombo
Saturday, May 18, 2024

පාර්ලිමේන්තුවේ හූ කියා එලවා දැමූ පළමු විධායක ජනාධිපති

- Advertisement -

ලංකාවේ කිසිදු විධායක ජනාධිපතිවරයෙකු මුහුණ නොදුන් අවමන් සහගත අවස්ථාවකට ගෝඨාභය රාජපක්ෂ මහතා අද මුහුණ දුන්නේය. විධායක ජනාධිපතිවරු 6 දෙනෙකු වසර 44 ක ලංකා පාර්ලිමේන්තුව පැමිණ ඇත. එය අමතා ඇත. නමුත්, කිසිම අවස්ථාවක ජනාධිපතිවරයාගේ නම කියමින් පාර්ලිමේන්තුවෙන් පිටවන තැනට හු කියමින් විරෝධයක් එල්ල වූ වේ නැත.

2022 ජූලි 5 විධායක ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පාර්ලිමේන්තුවට පැමිණ ටික වේළාවකින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් ඉල්ල කළ විරෝධය, හූ හඩ නිසා පාර්ලිමේන්තුවෙන් නැගිය ගියේය.

ජනාධිපතිවරයෙක් සභාවේ සිටිය දී පාර්ලිමේන්තුව කල් තැබීමට සිදු වූවේ ද ලංකා ඉතිහාසයේ පළමු වතාවට ය.

දියවන්නා පාර්ලිමේන්තු කාමරයක දී ජේ.ආර්.ජයවර්ධන ජනාධිපතිතුමන්ට බෝම්බ ප්‍රහාරයක් එල්ල විය. එය ත්‍රස්ත ක්‍රියාවකි.

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ඉදිරිපත් කරමින් චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය (2000 අගෝස්තු) කතා කරන විට එදා විපක්ෂයේ සිටි එජාපය එයට විරෝධය දැක්වීය. ව්‍යවස්ථා කෙටුම්පත ගිණි තැබුවේය. නමුත්, චන්ද්‍රිකා තමන්ගේ පාඩුවේ තමන්ගේ කතාව කරගෙන ගියේය. පාර්ලිමේන්තුවේ කතා කරන විට එයට වාචික විරෝධය දැක්වීම පාර්ලිමේන්තු සම්ප්‍රාදයට අනුකූලය. පාර්ලිමේන්තුව ඇත්තේ කතා කරන්න, විරෝධය දක්වන්ට අදහස් දක්වන්නටය. එදා චන්ද්‍රිකා ජනාධිපතිනිය තම ශක්තිය, ආත්ම විශ්වාසය දක්වමින් විපක්ෂයේ අභියෝගයට සභාවේ දී මුහුණ දුන්නාය.

රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයා දෝෂාභියෝගය අවස්ථාවේ පාර්ලිමේන්තුවේ වාර අවසන් කර නව පාර්ලිමේන්තු සැසිය ඇරඹි දවසේ ද, විපක්ෂයේ කෑකෝ ගැසීම්වලට මුහුණ දීමට සිදු විය. මුලාසයේ සිට සභාව ඇමතු ප්‍රේමදාස ජනාධිපතිවරයා තමන්ගේ සුදානම් කර ගත් කතාව අවසන් කර විපක්ෂයට පිළිතුරු දෙන්නට සුදානම් වූ නමුත් ඔහු ගැටුමකට ගියේ නැත. කතානයක එම්.එච්.මොහොමඩ් මහතා ප්‍රේමදාස ගේ කතාව නවත්වන්නට අතින් සංඥා කළේය. සිය කතාව අවසන් කර සම්ප්‍රදාය අනුව ජනපතිවරයා එදා අසුනින් බැස ගියේය. පිටව යන විට විපක්ෂය ඔහුට අගෞරව කළේ ද නැත.

ගෝඨාභය ජනාධිපතිවරයා ඉතිහාසගත වන්නේ සභාවට පැමිණි මොහොතේ සිට පිටව යන තුරු විරෝධයට ලක්වූ, ඒ ගැන පාර්ලිමේන්තු සම්ප්‍රදාය අනුව කිසිදු විරෝධයක්, ප්‍රතිචාරයක්, අභියෝගයක් නොකළ අයෙකු ලෙසය. සාමාන්‍ය යෙන් ජනපති, අගමැති, විපක්ෂ නායක, සභානායක, විපක්ෂයේ සංවිධායකට අනුපිළිවෙල අනුව කතානායකගෙන් තම මතය කියන්නට අවස්ථාව ලබාගත හැකිය. ජනපති ගෝඨාභයට තමන්ට එල්ල වන විරෝධයට වචනයක් කියාගත නොහැකි වූවේය. කිසිවෙකුත් ඔහු (මතවාදීව) බේරාගන්නට සභාවට කරුණු දැක්වූවේ ද නැත. ‘ගෝඨා ගෝ හෝම්‘ යැයි කියන විට නැගිට ගියා පමණී.

රජිත් කීර්ති තෙන්නකෝන්

RECENT ARTICLES - SINHALA

සිරිපා වඳින්න ගිය තරුණයින් 6 දෙනෙක් අත්අඩංගුවට

ශ්‍රී පාද වන්දනාවේ පැමිණි තරුණයන් සයදෙනෙකු ඊයේ (17) පස්වරුවේ හැටන් දුම්රිය ස්ථානයේදි සැකපිට අත්අඩංගුවට ගත් බව හැටන් පොලිසිය පවසනවා. කොළඹ කොටුවේ සිට බදුල්ල දක්වා ධාවනය...

ගංගා ආශ්‍රිත පහත් බිම්වල සිටින පිරිසට අනතුරු ඇඟවීම්

පවතින වැසි සහිත කාලගුණ තත්ත්වයත් සමඟ ගංගා ආශ්‍රිත පහත් බිම්වල ගංවතුර තත්ත්වයක් ඇති වීමේ අවදානමක් පවතින බව වාරි මාර්ග දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ,...

ධීවර යාත්‍රාවක් නැවක ගැටී අනතුරක්

බහුදින ධීවර යාත්‍රාවක් අනතුරට පත්වීමෙන් එහි සිටි එක් ධීවරයෙකු මියගොස් තවත් ධීවරයෙකු අතුරුදන්ව තිබෙනවා. පසුගිය 12 වනදා වාලච්චේන ධීවර වරායෙන් ධීවරයින් පස්දෙනෙකු ධීවර කටයුතු සඳහා...

POPULAR ARTICLES

අනුර කුමාර ජවිපෙ සාමාජිකයෙක් බව කියන්න බැහැ, ඔහු මටත් වඩා බාලයි – කමල් අද්දරආරච්චි

71 කැරැල්ලේදී සිදුවූ ඇතැම් සිදුවීම් සහ ඉන් පසුව ජනතා විමුක්ති පෙරමුණේ ගිණුමට බැර කරමින් සිදුකළ ඇතැම් අපරාධ සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණට චෝදනා එල්ල කිරීම...

මහනුවර ඇසළ පෙරහැරට බාධාවක්

මහනුවර ඇසළ පෙරහර සමයේම සබරගමුව මහ සමන් දේවාලයේ පෙරහැර යෙදීම හේතුවෙන් අලි ඇතුන් සහභාගී කරවීමේ ගැටලුවක් මතුව ඇති බව හීලෑ අලි ඇතුන් හිමිකරුවන්ගේ සංගමය...

ලාල් කාන්ත ඇතුළු විරෝධතාකරුවන් පිරිසකට තහනම් නියෝගයක්

මාළිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයෙන් වෘත්තිය සමිති නායකයින් කිහිපදෙනෙකු ඇතුළු පිරිසකට තහනම් නියෝගයක් නිකුත් කර තිබෙනවා. කේ ඩී ලාල්කාන්ත, මහින්ද ජයසිංහ, රන්ජන් ජයලාල් ඇතුළු විරෝධතාකරුවන් පිරිසකට එරෙහිව...