26 C
Colombo
Saturday, May 18, 2024

මහාචාර්ය ප්‍රියන්ත විජයතුංග මහතා ආසියානු සංවර්ධන බැංකුවේ බලශක්ති ප්‍රධානියා ලෙස පත් කෙරේ

- Advertisement -

මොරටුව විශ්ව විද්‍යාලයේ හිටපු විදුලි ඉංජිනේරු මහාචාර්ය සහ ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය ප්‍රියන්ත විජයතුංග මහතා ආසියානු සංවර්ධන බැංකුවේ බලශක්ති ප්‍රධානී ලෙස පත් කර ඇත. ඔහු මෙම නව තනතුරට පත්වීමට පෙර 2017 සිට ආසියානු සංවර්ධන බැංකුවේ දකුණු ආසියානු බලශක්ති අංශයේ අධ්‍යක්ෂවරයා වශයෙන් කටයුතු කළේය. ශ්‍රී ලාංකිකයෙකු ආසියානු සංවර්ධන බැංකුවේ බලශක්ති ක්ෂේත්‍රයේ මෙම ඉහළම තනතුරට පත් වූ පළමු අවස්ථාව මෙයයි.

මහාචාර්ය විජයතුංග 1992 දී BEIT විද්‍යාත්මක පර්යේෂණ ශිෂ්‍යත්වයකින් ලන්ඩන් ඉම්පීරියල් කොලීජියෙන් බල පද්ධති ආර්ථික විද්‍යාව පිළිබඳ ආචාර්ය උපාධියක් ලබා ඇත. ඔහු මොරටුව විශ්ව විද්‍යාලයෙන් විදුලි ඉංජිනේරු විද්‍යාව පිළිබඳ උපාධිය ලබා 1986 දී සහකාර කථිකාචාර්යවරයෙකු ලෙස විශ්වවිද්‍යාලයට සම්බන්ධවී 2001 දී විදුලි ඉංජිනේරු මහාචාර්ය තනතුරට පත්විය. ඔහු විශ්වවිද්‍යාලයෙන් ඉවත් වන විට විදුලි ඉංජිනේරු විද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරයෙක් විය. ඔහු 1993-1998 අතර කාලය තුළ ලන්ඩන් ඉම්පීරියල් කොලීජියේ බාහිර පර්යේෂණ සාමාජිකයෙකු ද විය.

ඔහු මොරටුව විශ්ව විද්‍යාලයේ සිටි සමයේ විවිධ ස්වරූප වලින් විශ්වවිද්‍යාල අධ්‍යාපනය දියුණු කිරීමට සහයෝගය දෙමින් ශ්‍රී ලංකාවේ මෙන්ම අනෙකුත් රටවල්වල බලශක්ති අංශයේ දියුණුවට අතිමහත් දායකත්වයක් ලබා දුන්නේය. විශ්ව විද්‍යාලයේ ඉල්ලීම පරිදි ඔහු 2001 දී මොරටුව විශ්ව විද්‍යාලයේ තොරතුරු තාක්‍ෂණ පීඨය පිහිටුවීමට නායකත්වය දුන් අතර එම පීඨයේ ප්‍රථම පීඨාධිපති බවට පත්විය. මෙම කාලය තුළ විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ තොරතුරු තාක්‍ෂණය පිළිබඳ ස්ථාවර කමිටුවේ සාමාජිකයෙකු වශයෙන් ඔහු ගණිත විෂය ධාරාවෙන් පිටත සිසුන් සඳහා විශ්ව විද්‍යාල තොරතුරු තාක්‍ෂණ අධ්‍යාපනය පුළුල් කිරීමේ උත්සාහයන් ආරම්භ කළේය.

2003 දී ශ්‍රී ලංකා මහජන උපයෝගිතා පිහිටුවීමත් සමඟ, කොමිසම මහාචාර්ය විජයතුංගයන්ට එහි පළමු අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස පරිපාලනය භාර ගැනීමට ආරාධනා කළ අතර, ඔහු ආසියානු සංවර්ධන බැංකුවට බැඳෙන තුරු විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරයෙක්ව සිටියදී එකවර එම තනතුර දැරීය. ඔහු ලංකා විදුලිබල මණ්ඩලයේ සහ ශ්‍රී ලංකා තිරසාර බලශක්ති අධිකාරියේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකු ද විය. ඔහු බලශක්ති ක්ෂේත්‍ර ප්‍රතිපත්තියේ දී පුළුල් ලෙස දායක වී ඇති අතර නියාමන කටයුතු මඟින් ප්‍රකාශන විශාල සංඛ්‍යාවක් සම කර්තෘ වී ඇත. ඔහු 2007/08 ශ්‍රී ලංකා බලශක්ති ප්‍රතිපත්ති සහ උපාය මාර්ග වල ප්‍රධාන කර්තෘවරයෙකු වූ අතර 2009 විදුලි බල පනත සහ 2007 ශ්‍රී ලංකා තිරසාර බලශක්ති අධිකාරි පනත කෙටුම්පත් කිරීමේදී සමීපව සම්බන්ධ විය.

මහාචාර්ය විජයතුංගයන්, ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනයේ ජේෂ්ඨ සාමාජිකයෙකු සහ ශ්‍රී ලංකා බලශක්ති කළමනාකරුවන්ගේ සංගමයේ හිටපු සභාපතිවරයෙක්, දකුණු ආසියාවේ කලාපීය බලශක්ති සහයෝගීතාවයේ ප්‍රබල ආධාරකරුවෙකු වන අතර ඒ හා සම්බන්ධ ආයෝඡන ව්‍යාපෘති සහ අධ්‍යයන සඳහා සක්‍රීයව දායක වී ඇත. ඔහු ඉන්දියා – ශ්‍රී ලංකා විදුලි බල පද්ධතිය අතර සම්බන්ධතාවය පිළිබඳ මෙහෙයුම් කමිටුවේ සාමාජිකයෙකු වූ අතර යටිතල පහසුකම් නියාමකයින් සඳහා වූ දකුණු ආසියානු සංසදයේ සභාපති විය. ඔහු මෙල්බර්න් විශ්ව විද්‍යාලයේ මෙල්බර්න් බලශක්ති ආයතනයේ උපදේශක මණ්ඩලයේ සාමාජිකයෙකු ද විය.

මහාචාර්ය විජයතුංග බලශක්ති විශේෂඥයෙකු ලෙස ආසියානු සංවර්ධන බැංකුවට බැඳුණු අතර පසුව ජ්යෙෂ්ඨ බලශක්ති විශේෂඥයෙකු, විදුලිබල ප්‍රධාන බලශක්ති විශේෂඥයෙකු ලෙස උසස් වූ අතර පසුව ආසියානු සංවර්ධන බැංකුවේ දකුණු ආසියා බලශක්ති අංශයේ අධ්යක්ෂවරයා විය. නේපාල ආසියානු සංවර්ධන බැංකු කාර්යාලයේ

කෙටි කාලයක් ඔහු කළමණාකරණ ඒකක ප්‍රධානී තනතුර ද හොබවා ඇත. ඔහු ආසියානු සංවර්ධන බැංකුවේ වසර 13 ක වෘත්තීය ජීවිතය තුළදී දකුණු ආසියාවේ බලශක්ති අංශයේ සංවර්ධනය සඳහා වූ දායකත්වයෙන් ශ්‍රී ලංකාව ඉමහත් ප්‍රතිලාභයක් ලැබීය.

RECENT ARTICLES - SINHALA

ඇල්ල – වැල්ලවාය මාර්ගය අදත් වැසේ

ඇල්ල - වැල්ලවාය ප්‍රධාන මාර්ගය අද (18) රාත්‍රී 8 සිට හෙට (19) උදෑසන 6 දක්වා ගමනාගමනය සඳහා වසා තැබීමට යළිත් තීරණය කර තිබෙනවා. අයහපත් කාලගුණික...

දිස්ත්‍රික්ක කිහිපයකට නායයෑම් අනතුරු ඇඟවීම් නිකුත් කෙරේ

පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික් කිහිපයක පුද්ගලයින් පීඩාවට පත්වී ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා. එම මධ්‍යස්ථානය සඳහන් කළේ, අධික වර්ෂාව, තද සුළං සහ...

මම UNP එකෙන් ඡන්දේ ඉල්ලන්න හිටියේ. නොඉල්ලපු එක ගැන අද සතුටුයි – කමල් (වීඩියෝ)

0
ප්‍රවීණ රංගන ශිල්පී කමල් අද්දරආරච්චි මහතා එක්සත් ජාතික පක්ෂයෙන් මහමැතිවරණයට තරඟ කිරීමට සුදානම්ව සිටි බව අන්තර්ජාල නාලිකාවක් සමඟ පැවති සාකච්ඡාවකදී හෙළිකර තිබෙනවා. 2015 වසරේ යහපාලන...

POPULAR ARTICLES

අනුර කුමාර ජවිපෙ සාමාජිකයෙක් බව කියන්න බැහැ, ඔහු මටත් වඩා බාලයි – කමල් අද්දරආරච්චි

71 කැරැල්ලේදී සිදුවූ ඇතැම් සිදුවීම් සහ ඉන් පසුව ජනතා විමුක්ති පෙරමුණේ ගිණුමට බැර කරමින් සිදුකළ ඇතැම් අපරාධ සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණට චෝදනා එල්ල කිරීම...

මහනුවර ඇසළ පෙරහැරට බාධාවක්

මහනුවර ඇසළ පෙරහර සමයේම සබරගමුව මහ සමන් දේවාලයේ පෙරහැර යෙදීම හේතුවෙන් අලි ඇතුන් සහභාගී කරවීමේ ගැටලුවක් මතුව ඇති බව හීලෑ අලි ඇතුන් හිමිකරුවන්ගේ සංගමය...

ලාල් කාන්ත ඇතුළු විරෝධතාකරුවන් පිරිසකට තහනම් නියෝගයක්

මාළිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයෙන් වෘත්තිය සමිති නායකයින් කිහිපදෙනෙකු ඇතුළු පිරිසකට තහනම් නියෝගයක් නිකුත් කර තිබෙනවා. කේ ඩී ලාල්කාන්ත, මහින්ද ජයසිංහ, රන්ජන් ජයලාල් ඇතුළු විරෝධතාකරුවන් පිරිසකට එරෙහිව...