30 C
Colombo
Sunday, April 14, 2024

රජිනිකාන්ත්ව රෝහල්ගත කරයි

- Advertisement -

අධික රුධිර පීඩනය හේතුවෙන් දකුණු ඉන්දියාවේ ප්‍රවීණ නළු රජිනිකාන්ත් මහතාව රෝහල්ගත කර ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර ඇත.

ඔහුගේ රඟපාන නව චිත්‍රපටයක් වන ‘ Annaatthe ‘ රූගත කිරීම් අතරතුර එහි සේවකයින් 4 දෙනෙකුට කොවිඩ් ආසාදිතවීම හේතුවෙන් එහි රූගතකිරීම් තාවකාලිකව නවතා දමා ඇති අතර ඉන්අනතුරුව රජිනිකාන්ත් මහතාටද PCR පරීක්ෂණයක් සිදු කර ඇති අතර එම පරීක්ෂණ වාර්තා අනුව ඔහු කොවිඩ් ආසාදිත නොවන බවට තහවුරු වී ඇත.

එම චිත්‍රපටයේ දින 10 ක රූගත කිරීම් සදහා ඔහු එහි ගොස් ඇති අතර දෙසැම්බර් 22 වන දින ඔහුගේ පීසීආර් පරීක්ෂණය සිදු කර ඇත.

කෙසේ වෙතත් දෙසැම්බර් 25 වන දින උදෑසන ඔහුව හදිසියේ හයිද්‍රාබාද් හි ඇපලෝ රෝහල වෙත ඇතුළත් කර ඇත.

හයිද්‍රබාද් ඇපලෝ රෝහලෙන් මේ වන විට මාධ්‍ය නිවේදනයක් නිකුත් කර ඇති අතර ඔහුන් පවසා සිටින්නේ රජිනිකාන්ත් රෝහල්ගත කර ඇත්තේ කොවිඩ් ආසාදිතවීමක් හේතුවෙන් නොව ඔහුගේ රුධිර පීඩනය අධික වීම නිසාත් මේ වන විට ඔහුට අවශය ප්‍රතිකාර කරමින් සිටින බවය.

RECENT ARTICLES - SINHALA

ප්ලාස්ටික් ජල ටැංකියක් පෙරලී කුඩා දැරියක් මරුට

අරලගංවිල රුහුණුගම ප්‍රදේශයේදී ප්ලාස්ටික් ජල ටැංකියක් පෙරලී යාමෙන් සිදුවූ අනතුරකින් කුඩා දැරියක් මියගොස් තිබෙනවා. පොලීසිය සඳහන් කළේ, වැසිකිළියක් මත රඳවා තිබූ ජල ටැංකියක සිට...

‘අලුත්වීම’ ජීවිතයට අලුත් බලාපොරොත්තුවක් එක් කරනවා – ජනපති

අලුත්වීම ජීවිතයට අලුත් බලාපොරොත්තුවක් එක් කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. ජනාධිපතිවරයා පවසන්නේ, ජාතියක් දේශයක් ලෝකයක් ඉදිරියට යනු ලබන්නේ අලුත්වීමෙන් බවයි. සාම්ප්‍රදායික අවුරුද්දට අලුත්...

‘ඔකපතන’ විදුහලට වැඩ වරදියි

අවුරුදු ගීතයක් විකෘති කර, සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය කිරීම පිළිබඳව සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා. සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතාගේ උපදෙස් මත...

POPULAR ARTICLES

2024 අවුරුදු නැකැත් සීට්ටුව මෙන්න

හෙට (13) රාත්‍රියේ උදාවන සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද පිළිගැනීම සඳහා මේ වනවිට ශ්‍රී ලංකිකයින් සූදානම් වෙමින් සිටිනවා. රාජ්‍ය නැකත් කමි­ටුව මඟින් සකස් කරන...

උසස් පෙළ ප්‍රතිඵල ගැන දනුම්දීමක්

පසුගිය උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල ලබන මාසය ඇතුළත නිකුත් කරන බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, මේ වනවිට ප්‍රතිඵල  ලේඛන නැවත පරීක්ෂා...

තෙල් සංස්ථාවෙන් දැනුම්දීමක්

සිංහල දෙමළ අලුත් අවුරුදු උත්සව සමය තුළ සිපෙට්කෝ ඉන්ධනහල් මගින් අඛණ්ඩ ඉන්ධන සැපයුමක් සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගෙන ඇති බව ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව...