25 C
Colombo
Monday, May 20, 2024

100වන නිදහස් සැමරුමේ සැලසුම රනිල් හෙළි කරයි

- Advertisement -

75 වන නිදහස් දිනය සමරන වර්තමානයේ ශ්‍රී ලංකාවට අතිශයින් තීරණාත්මක සහ අභියෝගාත්මක කාලයක් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.

ඔහු පවසන්නේ මෙම අභියෝග ජය ගැනීම ස‍ඳහා නව ආර්ථික සහ සමාජ ප්‍රතිසංස්කරණ වැඩපිළවෙලක් ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන ඇති බවයි.

75 වන නිදහස් දිනය වෙනුවෙන් පණිවුඩයක් නිකුත් කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ බව ප්‍රකාශ කර තිබෙනවා.

එහි තවදුරටත් සඳහන් වන්නේ නිදහස් දින සැමරුමෙන් ආරම්භ වන නව ප්‍රතිසංස්කරණවාදී ගමන් මග 2048 වසරේ සමරන 100 වන නිදහස් දිනය දක්වා නොවෙනස් වන රාජ්‍ය ප්‍රතිපත්තියක් බවට පත් කිරීම වත්මන් රජයේ අරමුණ බවයි.

100 වන නිදහස් දින සැමරුමේ දී පුරවැසියන්ගේ සියලු මූලික අවශ්‍යතා සපිරුණු ඉහළ ආර්ථික සමෘද්ධියක් අත්කරගත්, ගෝලීය ප්‍රාග්ධනයේ කේන්ද්‍රස්ථානයක් බවට පත් වූ නව ශ්‍රී ලංකාවක් නිර්මාණය වනු ඇති බවට විශ්වාස කරන බව ජනාධිපතිවරයා සිය නිදහස් දින පණිවුඩයෙන් පවසනවා.

මේ අතර, මෙරට සාඩම්බර පුරවැසියන් ලෙස එක්ව කටයුතු කරමින් රට තුළ සංවර්ධන පරිවර්තනයක් ඇති කිරීම උදෙසා වූ යුතුකම නිර්ව්‍යාජ ලෙස ඉටුකරීම සැමගේ වගකීම බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන පවසනවා.

නිදහස් දින පණිවුඩයක් නිකුත් කරමින් අග්‍රාමාත්‍යවරයා තවදුරටත් පෙන්වා දෙන්නේ අභියෝග ජයගනිමින් ආර්ථිකමය වශයෙන් යහපත් ප්‍රගතිශීලී ජාතියක් ගොඩනැගීම රජයේ අභිලාශය බවයි.

ස්වයංපෝෂිත බව හා ආහාර සුරක්ෂිතභාවය සාක්ෂාත් කරගනු පිණිස කෘෂිකාර්මික නිෂ්පාදන වර්ධනය කරගන්නා අතරතුර ආර්ථිකය යථාතත්තවයට පත් කරගැනීම රජයේ අරමුණ බවද අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන සිය නිදහස් දින පණිවුඩයෙන් පෙන්වා දී තිබෙනවා.

මේ අතර ශ්‍රී ලංකාව අත්පත් කරගෙන ඇති ආර්ථික අවපාතය මෙරට ඉතිහාසය තුළ අතිශය කනගාටුදායක තත්ත්වයක් වන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.

විධිමත් ඉදිරිගාමී වැඩපිළිවලක් හැරුණු කොට ඉන් මිදිය හැකි වෙනත් මඟක් නොමැති බව හෙතෙම පෙන්වා දෙනවා.

නිදහස් දිනය වෙනුවෙන් පණිවුඩයක් නිකුත් කරන සජිත් ප්‍රේමදාස තවදුරටත් පවසන්නේ පටු ජාතිවාදය සහ වාර්ගවාදය තුළ සිරවී සිටීම සැබෑ නිදහසේ අත්දැකීම් මාර්ගය නොවන බවයි.

RECENT ARTICLES - SINHALA

ඩයනාගේ විදෙස් ගමන් බලපත්‍රය ආපහු දිලා

ශ්‍රී ලාංකික පුරවැසියකු නොවීම යන හේතුව මත පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය අහෝසි වූ හිටපු රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මියට ශ්‍රී ලංකා ආගමන විගණනය දෙපාර්තමේන්තුවෙන් නිකුත්...

ශ්‍රී ලාංකික ධීවරයින් පිරිසක් ඉන්දීය අත්අඩංගුවට

මුහුදු සීමා උල්ළංඝනය කරමින් ධීවර කටයුතුවල නිරත වූ ශ්‍රි ලාංකික ධීවරයින් 7 දෙනෙකු ඉන්දීය වෙරළාරක්ෂක බළකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ ඉන්දියාවේ...

පුත්තලම දිස්ත්‍රික්කයේ සියලුම පාසල්වලට හෙට විශේෂ නිවාඩුවක්

පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් පුත්තලම දිස්ත්‍රික්කයේ සියලුම පාසල් හෙට (20) දිනයේ වසාතැබීමට වයඹ පළාත් ආණ්ඩුකාරවරයා තීරණය කර තිබෙනවා. හෙට දිනයේ කාලගුණ තත්ත්වය අනුව ඉදිරි...

POPULAR ARTICLES

කෞෂල්‍ය නවරත්න බාර් කවුන්සිලයෙන් ඉවතට

ශ්‍රී ලංකා නීතිඥ සංගම⁣යේ සභාපති ජනාධිපති නීතිඥ කෞෂල්‍ය නවරත්න මහතාගේ මූලිකත්වයෙන් ඊයේ (18) රැස්වූ එම සංගමයේ සාමාජිකයන් දහසකට ආසන්න පිරිසකගෙන් සමන්විත බාර් කවුන්සිලය එම...

ප්‍රසන්න රණවීරට රුපියල් 300ක මනි ඕඩරයක්

රුපියල් 300ක් නොමැති වීම හේතුවෙන් කටුනායක ගුවන්තොටුපළේදී පෝටර්වරයෙකුට පහර දුන් ප්‍රසන්න රණවීර අමාත්‍යවරයාට රුපියල් 300 ක් මනි ඕඩරයක් මගින් යැවීමට ගාල්ල කරන්දෙනිය අපේ දහම්...

ඉරාන තානාපතිට කොළඹදී පහර දීමක්

කොළඹ ප්‍රධාන සාප්පු සංකීර්ණයක රථගාලක් තුළදී ඉරාන තානාපතිවරයාට පහරදුන් බවට සැක කෙරෙන පුද්ගලයා හෙට 20 දක්වා රිමාන්ඩ් කිරීමට කොළඹ අලුත්කඩේ අංක දෙක මහෙස්ත්‍රාත් අධිකරණය...