25 C
Colombo
Monday, May 20, 2024

වී මිලදී ගැනීමට අයදුම්පත් නිකුත් කිරීම අද සිට

- Advertisement -

දිස්ත්‍රික්ක 7ක වී මිලදී ගැනීම සඳහා අද (14) සිට අයැදුම්පත් නිකුත් කිරීම හා සාම්පල් පරීක්ෂාව ආරම්භ කරන බව වී අලෙවි මණ්ඩලය පවසනවා.

එහි සභාපති බුද්ධික ඉද්දමල්ගොඩ මහතා පැවසුවේ, එම ප්‍රදේශවල හෙට (15) සිට වී මිලදී ගැනීම ආරම්භ කරන බවයි.

කුරුණෑගල, අම්පාර, කිලිනොච්චි, මුලතිවු, වව්නියා, මඩකලපුව, ත්‍රිකුණාමලය යන ප්‍රදේශ ඒ යටතට අයත් වනවා.

සභාපතිවරයා පැවසුවේ, වී මිලදී ගැනීම සඳහා 8%ක පොලියට ගොවි භාරකාර අරමුදලෙන් මිලියන 100ක ණයක් ලබාගත් බවයි.

කෙසේ වෙතත්, වී මිලදී ගැනීම සඳහා රජයේ මුදල් ප්‍රතිපාදනයක් වෙන් කර නැහැ.

දැනට දකුණු පළාතේ වී මිලදී ගැනීම ආරම්භ කර තිබෙන අතර, මේ වන විට වී අලෙවි මණ්ඩලය මගින් වී කිලෝ ලක්ෂයක් මිලදී ගෙන තිබෙනවා.

ඒ අනුව, නාඩු කිලෝවක් රුපියල් 105ක මුදලකටත්, සම්බා කිලෝවක් 120ක මුදලකටත්, කීරි සම්බා කිලෝවක් රුපියල් 130ක මුදලකටත් වී අලෙවි මණ්ඩලය මගින් මිලදී ගනු ලබනවා.

RECENT ARTICLES - SINHALA

ප්‍රදේශ කිහිපයකට මි.මී 100 ඉක්මවූ වැසි

නිරිත දිග මෝසම් තත්ත්වය දිවයින හරහා ක්‍රමයෙන් ස්ථාපිත වෙමින් පැවතීම හේතුවෙන් පවතින වැසි සහ සුළං තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු වනවා. කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළේ, දිවයිනේ බොහෝ...

ඩයනාගේ විදෙස් ගමන් බලපත්‍රය ආපහු දිලා

ශ්‍රී ලාංකික පුරවැසියකු නොවීම යන හේතුව මත පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය අහෝසි වූ හිටපු රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මියට ශ්‍රී ලංකා ආගමන විගණනය දෙපාර්තමේන්තුවෙන් නිකුත්...

ශ්‍රී ලාංකික ධීවරයින් පිරිසක් ඉන්දීය අත්අඩංගුවට

මුහුදු සීමා උල්ළංඝනය කරමින් ධීවර කටයුතුවල නිරත වූ ශ්‍රි ලාංකික ධීවරයින් 7 දෙනෙකු ඉන්දීය වෙරළාරක්ෂක බළකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ ඉන්දියාවේ...

POPULAR ARTICLES

කෞෂල්‍ය නවරත්න බාර් කවුන්සිලයෙන් ඉවතට

ශ්‍රී ලංකා නීතිඥ සංගම⁣යේ සභාපති ජනාධිපති නීතිඥ කෞෂල්‍ය නවරත්න මහතාගේ මූලිකත්වයෙන් ඊයේ (18) රැස්වූ එම සංගමයේ සාමාජිකයන් දහසකට ආසන්න පිරිසකගෙන් සමන්විත බාර් කවුන්සිලය එම...

ඉරාන තානාපතිට කොළඹදී පහර දීමක්

කොළඹ ප්‍රධාන සාප්පු සංකීර්ණයක රථගාලක් තුළදී ඉරාන තානාපතිවරයාට පහරදුන් බවට සැක කෙරෙන පුද්ගලයා හෙට 20 දක්වා රිමාන්ඩ් කිරීමට කොළඹ අලුත්කඩේ අංක දෙක මහෙස්ත්‍රාත් අධිකරණය...

ප්‍රසන්න රණවීරට රුපියල් 300ක මනි ඕඩරයක්

රුපියල් 300ක් නොමැති වීම හේතුවෙන් කටුනායක ගුවන්තොටුපළේදී පෝටර්වරයෙකුට පහර දුන් ප්‍රසන්න රණවීර අමාත්‍යවරයාට රුපියල් 300 ක් මනි ඕඩරයක් මගින් යැවීමට ගාල්ල කරන්දෙනිය අපේ දහම්...