26 C
Colombo
Friday, October 25, 2024

පිළිකා රෝගීන්ට සහනයක්

- Advertisement -

ලංකාවේ පිළිකා රෝගීන් සඳහා අධි බල විකිරණ ශක්තිය සහිත උසස් ගුණත්වයෙන් යුත් විකිරණ චිකිත්සක උපකරණ සැපයා ගැනීම සඳහා කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.

පිළිකා සත්කාරක සේවා සඳහා යොදා ගනු ලබන රේඛීය ත්වරණකාරක යන්ත්‍ර 14ක් අදියර 2ක් යටතේ සැපයීම පිණිස එක්සත් රාජධානියේ ඉලෙක්ටා සමාගම සහ සෞඛ්‍ය අමාත්‍යාංශය අතර 2013 වර්ෂයේ දී ගිවිසුමකට එළඔ තිබෙනවා.

ඒ අනුව එම ව්‍යාපෘතියේ පළමු අදියර මේ වන විට ක්‍රියාත්මක කර ඇති නමුත් දෙවන අදියර මේ දක්වා ක්‍රියාත්මකව වි නැහැ.

මේ වන විට යොදා ගනු ලබන නවීන පිළිකා සත්කාරයේ ප්‍රමිතිගත බොහෝ වැදගත් අංගයන් 2013 වසරේදී අත්සන් කරන ලද මුල් ගිවිසුමේ පිරිවිතර තුල නොපවතින බැවින්, වැඩි දියුණු කරන ලද යන්ත්‍ර සපයා ගැනීම සඳහා ශ්‍රී ලංකා පිළිකා රෝග විශේෂඥ වෛද්‍යවරු විසින් යෝජනාවක් ඉදිරිපත් කර තිබෙනවා.

ඒ අනුව සෞඛ්‍ය අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරන ලද යෝජනා සැලකිල්ලට ගෙන පිළිකා රෝග විශේෂඥ වෛද්‍යවරු විසින් ඉදිරිපත් කළ නිර්දේශ සහ තාක්ෂණික ඇගයීම් කමිටුවේ නිර්දේශය මත පදනම්ව මහනුවර ජාතික රෝහල, කරාපිටිය ජාතික රෝහල, යාපනය ශික්ෂණ රෝහල සහ මඩකලපුව ශික්ෂණ රෝහල වෙත පළමු අදියර යටතේ සපයා දී ඇති රේඛීය ත්වරණකාරක යන්ත්‍ර වැඩි දියුණු කිරීමටත්, දෙවන අදියර යටතේ රත්නපුර, බදුල්ල, හම්බන්තොට, අනුරාධපුර සහ කුරුණෑගල යන රෝහල් 5 සඳහා නවීනතම වර්ගයේ විකිරණ චිකිත්සක උපකරණ ප්‍රමුඛතා පදනම මත 2024- 2026 මධ්‍යකාලීන අයවැය රාමුව තුළ සපයා ගැනීමටත් අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිවු බවට පැවසෙනවා.

RECENT ARTICLES - SINHALA

ජොන්ස්ටන් කබලෙන් ලිපටම වැටෙයිද?

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දුගෙන් රුපියල් මිලියන 500ක වන්දියක් අයකර දෙන ලෙස ඉල්ලා ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා විසින් ගොනු කර ඇති...

ශ්‍රී ලංකා ආර්ථික සමුළුව කල් ගිහින්

ලබන මස පැවැත්වීමට නියමිතව තිබූ ශ්‍රී ලංකා ආර්ථික සමුළුව ලබන වසරේ ජනවාරි මස පැවැත්වීමට තීරණය කළ බව ලංකා වාණිජ මණ්ඩලය නිවේදනය කළා. එම මණ්ඩලය කියා...

කටුනායක අධිවේගයේ දැඩි රථවාහන තදබදයක්

පෑලියගොඩ සිට කටුනායක දක්වා දිවෙන අධිවේගී මාර්ගයේ දැඩි රථවාහන තදබදයක් හටගෙන ඇති බව වාර්තා වනවා. එම මාර්ගයේ නඩත්තු කටයුත්තක් හේතුවෙන් මෙම රථ වාහන තදබදය හටගෙන...

POPULAR ARTICLES

ශිෂ්‍යත්ව විභාගය ගැන මානව හිමිකම් කොමිසමෙන් දැනුම්දීමක්

ආන්දෝලනයට තුඩුදුන් පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රය සම්බන්ධයෙන් සිය නිර්දේශ කඩිනමින් යොමු කරන බව මානව හිමිකම් කොමිසම පවසනවා. එහි කොමසාරිස් නීතිඥ නිමල් පුංචිහේවා...

ගම්පහ ඉන්න අයට විශේෂ දැනුම්දීමක්

‍ගම්පහ සම්ප්‍රේෂණ නල මාර්ගයේ හදිසි බිඳවැටීමක් හේතුවෙන් ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට අඩු පීඩනයක් යටතේ ජලය සැපයීමට සිදුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය...

හොංකොං යන ශ්‍රී ලංකා ක්‍රිකට් සංචිතය මෙන්න

හොංකොං ඉන්ටර්නැෂනල් සික්සස් තරඟාවලිය සඳහා සහභාගීවන ශ්‍රී ලංකා සංචිතය නම්කර තිබෙනවා. නොවැම්බර් 1 - 3 වනදා දක්වා පැවැත්වෙන එම තරඟාවලිය සඳහා ක්‍රීඩකයින් 7 දෙනෙකුගෙන්...