29 C
Colombo
Saturday, May 18, 2024

දෝලාවෙන් විශ්‍රාම ගිය විදුහල්පතිනිය

- Advertisement -

වව්නියාව, පුදුකුලම ප්‍රාථමික විද්‍යාලයේ විදුහල්පතිනිය විශ්‍රාමයාම නිමිත්තෙන් ඇයට ප්‍රණාම දැක්වීමේ උළෙලක් එම විද්‍යාලයේදී සංවිධානය කර තිබුණා.

එහිදී දරුවන්, දෙමව්පියන් සහ ගුරුවරුන් එක්වී විදුහල්පතිනියව දෝලාවකින් රැගෙන යෑමට කටයුතු කර තිබෙනවා.

විදුහල්පතිනිය විද්‍යාලයේ සේවය කළ අවස්ථා කිහිපයකදීම වවුනියාව දිස්ත්‍රික්කයේ හොඳම ශිෂ්‍යත්ව ප්‍රතිඵල විද්‍යාලයට ලබාදීමට කටයුතු කළ බව දෙමාපියන් පවසනවා.

කිසිදු අතිරේක ආර්ථික ප්‍රතිලාභයක් නොලබා විද්‍යාලයීය දරුවන්ගේ අධ්‍යාපනය නංවාලීමට විදුහල්පතිනිය නිරතුරුව කටයුතු කළ බැවින් විදුහල්පතිනිය විශ්‍රාම යන දිනයේ තමන්ගේ කර මතින් රැගෙන යාමට කටයුතු කළ බවද දෙමාපියන් තවදුරටත් සඳහන් කර තිබුණා.

මුදල මතම යැපෙන සමාජයක තම වැටුපෙන් කොටසක්ද දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් වෙන් කිරීමට විදුහල්පතිනිය ඇතැම් අවස්ථාවල කටයුතු කොට ඇති බවද වාර්තා වෙනවා.

විදුහල්පතිනිය එළඹෙන 06 වනදා විශ්‍රාම යාම නිමිත්තෙන් දෙමාපියන් විසින් මෙම ගෞරව පිරිනැමීමේ වැඩසටහන සංවිධානය කොට තිබුණා.

RECENT ARTICLES - SINHALA

ගංගා ආශ්‍රිත පහත් බිම්වල සිටින පිරිසට අනතුරු ඇඟවීම්

පවතින වැසි සහිත කාලගුණ තත්ත්වයත් සමඟ ගංගා ආශ්‍රිත පහත් බිම්වල ගංවතුර තත්ත්වයක් ඇති වීමේ අවදානමක් පවතින බව වාරි මාර්ග දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ,...

ධීවර යාත්‍රාවක් නැවක ගැටී අනතුරක්

බහුදින ධීවර යාත්‍රාවක් අනතුරට පත්වීමෙන් එහි සිටි එක් ධීවරයෙකු මියගොස් තවත් ධීවරයෙකු අතුරුදන්ව තිබෙනවා. පසුගිය 12 වනදා වාලච්චේන ධීවර වරායෙන් ධීවරයින් පස්දෙනෙකු ධීවර කටයුතු සඳහා...

යුද්ධය නිමවී අදට වසර 15යි

දශක තුනකට අධික කාලයක් මෙරට පැවති එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදය පරාජයට පත් කර අදට (18) වසර 15ක් සපිරෙනවා. 2009 වසරේ මැයි 18 වනදා නන්දිකඩාල් කලපුවේදී එල්.ටී.ටී.ඊ නායක...

POPULAR ARTICLES

අනුර කුමාර ජවිපෙ සාමාජිකයෙක් බව කියන්න බැහැ, ඔහු මටත් වඩා බාලයි – කමල් අද්දරආරච්චි

71 කැරැල්ලේදී සිදුවූ ඇතැම් සිදුවීම් සහ ඉන් පසුව ජනතා විමුක්ති පෙරමුණේ ගිණුමට බැර කරමින් සිදුකළ ඇතැම් අපරාධ සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණට චෝදනා එල්ල කිරීම...

මහනුවර ඇසළ පෙරහැරට බාධාවක්

මහනුවර ඇසළ පෙරහර සමයේම සබරගමුව මහ සමන් දේවාලයේ පෙරහැර යෙදීම හේතුවෙන් අලි ඇතුන් සහභාගී කරවීමේ ගැටලුවක් මතුව ඇති බව හීලෑ අලි ඇතුන් හිමිකරුවන්ගේ සංගමය...

ලාල් කාන්ත ඇතුළු විරෝධතාකරුවන් පිරිසකට තහනම් නියෝගයක්

මාළිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයෙන් වෘත්තිය සමිති නායකයින් කිහිපදෙනෙකු ඇතුළු පිරිසකට තහනම් නියෝගයක් නිකුත් කර තිබෙනවා. කේ ඩී ලාල්කාන්ත, මහින්ද ජයසිංහ, රන්ජන් ජයලාල් ඇතුළු විරෝධතාකරුවන් පිරිසකට එරෙහිව...