30 C
Colombo
Saturday, July 27, 2024

ආචාර්ය රෝහිත රාජපක්ෂ කි‍්‍රකට් පිටියට

- Advertisement -

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ බාල පුතු වන ආචාර්‍ය රෝහිත රාජපක්ෂ මහතා, කි‍්‍රකට් ක‍්‍රීඩාවට අවතීර්ණ වී ඇති බව ක්‍රිකට් ඒජ් වෙබ් අඩවිය වාර්තා කරනවා

හිටපු රග්බි ක්‍රීඩකයෙකු වූ රෝහිත මීට පෙර යුද හමුදා රග්බි කණ්ඩායම නියෝජනය කළා.

ආරංචි මාර්ග වලට අනුව මේ වන විට ඔහු කළුතර නගර ක්‍රීඩා සමාජය සඳහා මග්ගොන සරේ විලේජ් හි පුහුණු තරගයක් ක්‍රීඩා කරමින් සිටිනවා.

එළඹෙන ඕවර 50 තරඟාවලිය සඳහා ක්‍රීඩකයින් තෝරා ගැනීම සඳහා එම ක්‍රීඩා සමාජය අද පුහුණු තරඟයක් සංවිධානය කර ඇති අතර රෝහිත ද එම පුහුණු තරගයට ක්‍රීඩා කරන බව ක්‍රිකට් ඒජ් වෙබ් අඩවිය පවසනවා.

ඕවර 50 තරඟාවලිය ඔක්තෝබර් 27 දා ආරම්භ වීමට නියමිත අතර ලංකා ප්‍රිමියර් ලීග් (එල්පීඑල්) තරඟාවලියට පෙර එම තරඟාවලිය අවසන් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් තරගාවලි කමිටුව බලාපොරොත්තු වන බවයි පැවසෙන්නේ.‍

කොළඹ, මහනුවර, දඹුල්ල, ගාල්ල සහ යාපනය යන කණ්ඩායම් 5 ක සහභාගීත්වයෙන් ජාතික සුපර් ලීග් තරඟාවලිය ඉන් අනතුරුව පැවැත්වීමට නියමිතයි.

ජාතික සුපර් ලීගය ජනවාරි, පෙබරවාරි සහ මාර්තු මාසවලදී දින හතරේ පළමු පෙළ තරඟ සහ පන්දුවාර 50 තරඟ ලෙස පැවැත්වෙනවා.

RECENT ARTICLES - SINHALA

මැතිවරණයට මුදල් දීමට මහා භාණ්ඩාගාරය සූදානම්-රංජිත්

මැතිවරණ කොමසාරිස්වරයා විසින් ඉල්ලා සිටින ආකාරයට ඉදිරි ජනාධිපතිවරණය සඳහා මුදල් ලබාදීමට මහා භාණ්ඩාගාරය සූදානම් බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා. පසුගිය අයවැයෙන් මැතිවරණ...

වාහනයට ගංජා දාපු කේස් එකට කොස්තාපල්ගේ වැඩතහනම්

පොලිස් රථවාහන පරීක්ෂාවක් අතරතුර මෝටර් රථයක් තුළට මත්ද්‍රව්‍ය පාර්සලයක් දමා තරුණයින් පිරිසක් අත්අඩංගුවට ගැනීමට උත්සහ කළ බවට සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වූ වීඩියෝවේ සිටින...

නීතිඥ සංගමයෙන් දේශබන්දු ගැන විශේෂ නිවේදනයක්

ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පොලිස්පතිගේ පත් වීමට අදාළව මෑතකදී නිකුත් කරන ලද අතුරු නියෝගය සම්බන්ධයෙන් වන රජයේ ස්ථාවරය පිළිබඳව තම මතය ශ්‍රී ලංකා නීතිඥ සංගමය විසින්...

POPULAR ARTICLES

අසාදු ලේඛනයට යන වාහන

පරිසරයට අහිතකර දුම් පිටවන වාහන 93ක් පමණ මේ වසර තුළ අසාදු ලේඛන ගත කර ඇති බව වායු විමෝචන භාරකාර අරමුදල පවසනවා. එහි අධ්‍යක්ෂ දසුන් ගමගේ...

අනුරගේ ප්‍රකාශයට හරින්ගෙන් පිළිතුරු ලිපියක්

පසුගිය දිනක ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා විසින් හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානයක්කාර මහතාගේ විදෙස් ගමන් සදහා මුදල් වැය වූ ආකාරය...

කාලගුණයෙන් රතු නිවේදනයක්

ඉදිරි පැය 24 සඳහා තද සුළං සහ මුහුද රළුවීම පිළිබඳව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව, අනතුරු ඇඟවීමේ රතු නිවේදයක් නිකුත් කර තිබෙනවා. සක්‍රීය නිරිතදිග මෝසම් තත්ත්වය හේතුවෙන් අරාබි...