27 C
Colombo
Sunday, May 19, 2024

ඉන්දියාව සහ රුසියාව අතර සංචාරකයන්ට නිදහස් වීසා සදහා සාකච්ඡා

- Advertisement -

ඉන්දියාව සහ රුසියාව අතර වීසා රහිතව සංචාරය කිරීම සඳහා වන සාකච්ඡාවක් රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් සහ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අතර පවත්වා ඇති බව වාර්තා වේ.

උස්බෙකිස්තානයේ ෂැංහයි සහයෝගිතා සංවිධානයේ (SCO) වාර්ෂික සමුළුවට සමගාමීව මෝදි සහ පුටින් අතර ද්විපාර්ශ්වික සාකච්ඡාවකදී රුසියානු ජනාධිපතිවරයා අවධාරණය කළේ ඉන්දියාවේ ඉතිහාසය සහ පැරණි සංස්කෘතිය සම්ප්‍රදාය රුසියානුවන් කෙරෙහි මහත් උනන්දුවක් දක්වන බවයි.

වීසා රහිත සංචාරක ගමන් පිළිබඳ ගිවිසුමක් සඳහා සාකච්ඡා ක්‍රියාවලිය කඩිනම් කිරීමට රුසියාව යෝජනා කල බව පුටින් උපුටා දක්වමින් රුසියාවේ නිල ප්‍රවෘත්ති ඒජන්සිය වන TASS වාර්තා කර ඇත.

සාකච්ඡා අතරතුර, පෙබරවාරි මාසයේ යුක්රේනයට එරෙහිව රුසියානු හමුදා විශේෂ හමුදා මෙහෙයුමක් දියත් කිරීමෙන් පසු යුක්රේනයෙන් දහස් ගණනක් ඉන්දියානු සිසුන් ඉවත් කිරීමට සහාය වීම ගැන පුටින්ට මෝදි ස්තූති කල බවද වාර්තා වේ.

RECENT ARTICLES - SINHALA

සජබෙන් විවාදෙට දින දිලා

සමගි ජන බලවේගය සහ ජාතික ජන බලවේගයේ ආර්ථික කමිටුව සහ පක්ෂ නායකයන් අතර පැවැත්වෙන විවාදය සඳහා දින ලබාදීමට සමගි ජන බලවේගය  පියවර ගෙන තිබෙනවා. ඒ...

කෞෂල්‍ය නවරත්න බාර් කවුන්සිලයෙන් ඉවතට

ශ්‍රී ලංකා නීතිඥ සංගම⁣යේ සභාපති ජනාධිපති නීතිඥ කෞෂල්‍ය නවරත්න මහතාගේ මූලිකත්වයෙන් ඊයේ (18) රැස්වූ එම සංගමයේ සාමාජිකයන් දහසකට ආසන්න පිරිසකගෙන් සමන්විත බාර් කවුන්සිලය එම...

රේගු ලොක්කන්ට කෝට් ගණන් සන්තෝසම් දීලා

රේගු නිලධාරීන්ට සහ රේගුවට තොරතුරු සපයන්නට මුදල් අමාත්‍යවරයාගේ අනුමැතියකින් තොරව රේගු ප්‍රධානීන්ගේ අභිමතය පරිදි    රුපියල් කෝටි 2422 කට වැඩි මුදලක්  2012 වර්ෂයේ සිට 2023...

POPULAR ARTICLES

අනුර කුමාර ජවිපෙ සාමාජිකයෙක් බව කියන්න බැහැ, ඔහු මටත් වඩා බාලයි – කමල් අද්දරආරච්චි

71 කැරැල්ලේදී සිදුවූ ඇතැම් සිදුවීම් සහ ඉන් පසුව ජනතා විමුක්ති පෙරමුණේ ගිණුමට බැර කරමින් සිදුකළ ඇතැම් අපරාධ සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණට චෝදනා එල්ල කිරීම...

ජ්‍යේෂ්ඨ පුරවැසියන්ගේ බැංකු තැන්පතු ගැන තීරණයක්

ජ්‍යේෂ්ඨ පුරවැසි ගිණුම්වල පොලිය ඉහළ නැංවීම පිළිබඳ සොයා බැලීමේ කමිටු වාර්තාව ලබන සතියේ ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා...

කෞෂල්‍ය නවරත්න බාර් කවුන්සිලයෙන් ඉවතට

ශ්‍රී ලංකා නීතිඥ සංගම⁣යේ සභාපති ජනාධිපති නීතිඥ කෞෂල්‍ය නවරත්න මහතාගේ මූලිකත්වයෙන් ඊයේ (18) රැස්වූ එම සංගමයේ සාමාජිකයන් දහසකට ආසන්න පිරිසකගෙන් සමන්විත බාර් කවුන්සිලය එම...