26.8 C
Colombo
Sunday, June 16, 2024
spot_img

ග්‍රාම නිලධාරීන්ගේ වැටුප් ඉහළට.නව වැටුප් කේතයක්

- Advertisement -

මෙරට 13,000කට අධික ග්‍රාම නිලධාරිවරුන්ට අනන්‍ය වැටුප් තලයක් ලබාදී වැටුප් සහ දීමනා ඉහළ නැංවීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී තිබෙන බව ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය අශෝක ප්‍රියන්ත මහතා ඊයේ (22) පාර්ලිමේන්තුවේදී පැවසුවා.

ඒ අනුව ශ්‍රී ලංකා ග්‍රාම නිලධාරී සේවය ස්ථාපිත කිරීම සඳහා එම සේවා ව්‍යවස්ථා කෙටුම්පත රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ අනුමැතිය සඳහා ඉදිරිපත් කර ඇති බවත්, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යවරයා වෙනුවෙන් ප්‍රශ්නයකට පිළිතුරු දෙමින්, අශෝක ප්‍රියන්ත මහතා මේ බව පවසා සිටියා.

එය විශාල ජයග්‍රහණයක් බවද ඔහු සඳහන් කළා.

ඒ අනුව GN නමින් නව වැටුප් කේතයක් ග්‍රාම නිලධාරිවරුන් සඳහා හිමිවන අතර, අලුතින් එම සේවයට එක්වන ග්‍රාම නිලධාරිවරයෙකුගේ මූලික වැටුප රු. 28,940 සිට රු. 30,140ක් දක්වා ඉහළ යනු ඇති.

ග්‍රාම නිලධාරී සේවයේ 2 ශ්‍රේණියේ නිලධාරියෙකුගේ මූලික වැටුප රු.33,690 දක්වාත්, 3 ශ්‍රේණියේ අයෙකුගේ මූලික වැටුප රු.38,590ක් දක්වාත් ඉහළ යාමට නියමිතයි.

අදාළ ප්‍රාදේශීය සභා සීමාව තුළ මාසික කාර්යාල දීමනාව රු. 1000 සිට 2000 දක්වාත්, නගර සභා සීමාව තුළ රු. 1500 සිට 3000 දක්වාත්, වාර්ෂික ලිපි ද්‍රව්‍ය දීමනාව රු. 1500 සිට රු. 3000 දක්වාත් ඉහළ නංවා 2024.04.01 සිට ක්‍රියාත්මක කිරීමටද අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවනු ඇති.

මීට අමතරව අනෙකුත් නිල ඇඳුම්, ගමන්, සන්නිවේදන දීමනා වැඩි කිරීම සඳහා, 2025 අය-වැය පිළියෙළ කිරීමේදී, මහා භාණ්ඩාගාරය සමග සාකච්ඡා කර පියවර ගැනීමටද රාජ්‍ය පරිපාලන අමාත්‍යංශ ලේකම්වරයාට නියම කර තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

පොදු ප්‍රවාහනයට අලුත් වෙනසක්

පොදු ප්‍රවාහනයට විද්‍යුත් වාහන හඳුන්වාදීම සඳහා ඉහළ ප්‍රමුඛත්වයක් ලබා දෙමින් කටයුතු කරන බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පවසනවා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති ප්‍රවාහන...

උතුරේ ජනතාවට නියම නිදහස දුන්නේ මහින්ද රාජපක්ෂ – නාමල්

කොටි ත්‍රස්තවාදීන් පරාජය කර උතුරට හා නැගෙනහිර ජනතාවට නියම නිදහස ලබා දුන්නෙ පස්වන විධායක ජනාධිපති මහින්ද රාජපක්ෂ බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක...

මහා පරිමාණ රුමේනියා රැකියා ජාවාරමක තොරතුරු එළියට

රුමේනියාවේ රැකියා ලබාදෙන බව පවසා මුදල් වංචාකළ පුද්ගලයෙකු ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මාතර, ගොඩගම පිහිටි...

POPULAR ARTICLES

ට්‍රැෆික් පොලීසියට කල්ල මරේ

රථවාහන රාජකාරියේ යෙදෙන පොලිස් නිලධාරීන්ගේ මාසික දීමනාව රුපියල් 5000 කින් පමණ වැඩිකිරීම සදහා චක්‍ර ලේඛයක් පොලිස්පතිවරයාගේ උපදෙස් අනුව නිකුත් කිරීමට නියමිත බව පොලිස් මූලස්ථානය...

එළවලු මිලෙහි වෙනසක්

පෑලියගොඩ ආර්ථික මධ්‍යස්ථානයේ අද (15) ඇතැම් එළවලු තොග මිල ගණන් සුළු වශයෙන් පහළ ගොස් තිබෙනවා. මාළු මිරිස් කිලෝවක් මිල රුපියල් 450ක් වන අතර, කැරට් කිලෝවක්...

කු​ලී නිවෙස් හිමියන්ටත් බද්දක්

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙරටට ලබාදී ඇති ආධාර වැඩසටහන යටතේ ලබාදී ඇති රජයේ ආදායම් ඉලක්ක සපුරා ගැනීමට දරන උත්සාහයේ ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලංකාව ලබන වසරේ...