25 C
Colombo
Saturday, January 18, 2025

වැඩ වර්ජනය නොකළ නිලධාරීන්ට වැටුප් වර්ධක

- Advertisement -

වෘත්තීය සමිති ක්‍රියාමාර්ග වලට සම්බන්ධව නොවී ජූලි 8, 9 දෙදිනම සේවයට වාර්තා කළ විධායක සේවා ගණයට අයත් නොවන සියලු රාජ්‍ය නිලධාරීන්ට විශේෂ වැටුප් වර්ධකයක් ලබා දීමටත්, ඔවුන් සියලුම දෙනා වෙත ඉදිරි උසස්වීම් සඳහා යොදාගත හැකි වන පරිදි විශේෂ ප්‍රශංසා සහතිකයක් නිකුත් කිරීමටත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.

මේ සම්බන්ධව සියලුම අමාත්‍යාංශ ලේකම්වරුන්, දෙපාර්තමේන්තු ප්‍රධානීන් හා පළාත් ප්‍රධාන ලේකම්වරුන් දැනුවත් කිරීමටත්, ඊට අදාළ චක්‍රලේඛ නිකුත් කිරීමටත් කටයුතු කරන ලෙස රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් වෙත උපදෙස් දී තිබුණා.

රාජ්‍ය සේවයේ විධායක සේවා ගණයට අයත් නොවන ඇතැම් සේවාවන්වල වෘත්තීය සමිති කිහිපයක් විසින් 2024 ජූලි මස 08 හා 09 දෙදින අසනීප නිවාඩු දැමීමේ හා වැඩ වර්ජනය කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ග ප්‍රකාශයට පත් කර තිබිණා.

RECENT ARTICLES - SINHALA

ඉරිදා සිට ඇමෙරිකාවේ TikTok තහනම්

TikTok යෙදුම භාවිතා කිරීම සඳහා වූ තහනම එළඹෙන ඉරිදා සිට අමෙරිකාවේ ක්‍රියාත්මක වනු ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරනවා. ඒ TikTok සමාජ මාධ්‍ය යෙදවුම...

ජනපති යළි දිවයිනට

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා චීනයේ සිදු කළ සිව් දින රාජ්‍ය සංචාරය සාර්ථකව නිම කරමින් මීට සුළු මොහොතකට පෙර දිවයිනට පැමිණ තිබෙනවා. චීන රාජ්‍ය සංචාරයේ...

දුම්රිය ආසන වෙන් කිරීම ගැන දැනුම් දීමක්

දුම්රිය ආසන වෙන් කිරීමේ දී මඟියාගේ ජාතික හැඳුනුම්පත් අංකය හෝ විදෙස් ගමන් බලපත්‍ර අංකය ඇතුළත් කිරීම අනිවාර්ය කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා...

POPULAR ARTICLES

ඉරිදා සිට ඇමෙරිකාවේ TikTok තහනම්

TikTok යෙදුම භාවිතා කිරීම සඳහා වූ තහනම එළඹෙන ඉරිදා සිට අමෙරිකාවේ ක්‍රියාත්මක වනු ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරනවා. ඒ TikTok සමාජ මාධ්‍ය යෙදවුම...

සටන් විරාමයට ඊශ්‍රායල ආරක්ෂක කැබිනට් මණ්ඩල අනුමැතිය

ඊශ්‍රායල ආරක්ෂක කැබිනට් මණ්ඩලය,  ගාසා තීරයේ සටන් විරාමය සහ ප්‍රාණඇපකරුවන් නිදහස් කිරීමේ ගිවිසුම අනුමත කර තිබෙනවා. සටන් විරාම ගිවිසුම සම්බන්ධයෙන් ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා ඊශ්‍රායල...

ජනපති යළි දිවයිනට

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා චීනයේ සිදු කළ සිව් දින රාජ්‍ය සංචාරය සාර්ථකව නිම කරමින් මීට සුළු මොහොතකට පෙර දිවයිනට පැමිණ තිබෙනවා. චීන රාජ්‍ය සංචාරයේ...