25 C
Colombo
Monday, May 20, 2024

ඔමික්‍රෝන් දරුණු නෑ කිව්වේ වරදකින්

- Advertisement -

ඔමික්‍රෝන් දරුණු ප්‍රභේදයක් නොවේයැයි අර්ථ ගැන්වීමෙන් සිය සංවිධානය වරදක් කළ බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසනවා.

ලෝක සෞඛ්‍ය සංවිධානය මේ බව ප්‍රකාශ කළේ, ලොව නන්දෙසින් ඔමික්‍රොන් මරණ වාර්තා වෙමින් පවතින පසුබිමකයි.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ටෙඩ්රෝස් ඇඩිනම් ගේබ්‍රියාසෙස් එහිදී සඳහන් කර තිබුණේ,

“පෙර පැවති ප්‍රභේද මෙන් ඔමික්‍රෝන් නිසාත් රෝහල්ගතවීම් සහ මරණ වාර්තා වනවා. ඔමික්‍රෝන් සුනාමියට සූදානම් වෙන්න. එය ඕනෑම රටක සෞඛ්‍ය පද්ධතියට දරාගැනීමට නොහැකි තත්ත්වයක් ඇති කරාවි.”

මේ අතර කොවිඩ් එන්නතක්කරණය සමග මෙරට මාතෘ මරණ වාර්තාවීම ඉතා පහළ මට්ටමකට පැමිණ ඇති බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ උප සභාපති 
විශේෂඥ වෛද්‍ය සුරන්ත පෙරේරා මහතා පැවසීය.

කොවිඩ් වසංගතය ආරම්භවීමෙන් පසුව පළමුවරට ඔමික්‍රෝන් කොවිඩ් ප්‍රභේදය හේතුවෙන් ඔස්ට්‍රේලියාවෙන් එක් දිනකදී වාර්තා වූ වැඩිම කොවිඩ් රෝගීන් සංඛ්‍යාව වාර්තාවී තිබේ 

එය දැක්වුණේ ආසාදිතයින් 116,000 ඉක්මවා යෑමක් ලෙසය.

පවතින තත්ත්වය හමුවේ රෝහල් තදබදය අවම කරගැනීමේ අරමුණින් ප්‍රාන්තයට නැවතත් සංචරණ සීමා පැනවීමට බලධාරීන් පියවර ගෙන තිබේ.

RECENT ARTICLES - SINHALA

රජයේ සහ රජය අනුමත පෞද්ගලික පාසල් අද ඇරඹේ

රජයේ පාසල් සහ රජයේ අනුමත පෞද්ගලික පාසල්වල පළමු වාරයේ තුන්වන අදියර අද (20) ආරම්භ වීමට නියමිතයි. පළමු වාරයේ තුන්වන අදියර ලබන 31 වනදා දක්වා ක්‍රියාත්මක...

ප්‍රදේශ කිහිපයකට මි.මී 100 ඉක්මවූ වැසි

නිරිත දිග මෝසම් තත්ත්වය දිවයින හරහා ක්‍රමයෙන් ස්ථාපිත වෙමින් පැවතීම හේතුවෙන් පවතින වැසි සහ සුළං තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු වනවා. කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළේ, දිවයිනේ බොහෝ...

ඩයනාගේ විදෙස් ගමන් බලපත්‍රය ආපහු දිලා

ශ්‍රී ලාංකික පුරවැසියකු නොවීම යන හේතුව මත පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය අහෝසි වූ හිටපු රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මියට ශ්‍රී ලංකා ආගමන විගණනය දෙපාර්තමේන්තුවෙන් නිකුත්...

POPULAR ARTICLES

කෞෂල්‍ය නවරත්න බාර් කවුන්සිලයෙන් ඉවතට

ශ්‍රී ලංකා නීතිඥ සංගම⁣යේ සභාපති ජනාධිපති නීතිඥ කෞෂල්‍ය නවරත්න මහතාගේ මූලිකත්වයෙන් ඊයේ (18) රැස්වූ එම සංගමයේ සාමාජිකයන් දහසකට ආසන්න පිරිසකගෙන් සමන්විත බාර් කවුන්සිලය එම...

ඉරාන තානාපතිට කොළඹදී පහර දීමක්

කොළඹ ප්‍රධාන සාප්පු සංකීර්ණයක රථගාලක් තුළදී ඉරාන තානාපතිවරයාට පහරදුන් බවට සැක කෙරෙන පුද්ගලයා හෙට 20 දක්වා රිමාන්ඩ් කිරීමට කොළඹ අලුත්කඩේ අංක දෙක මහෙස්ත්‍රාත් අධිකරණය...

ප්‍රසන්න රණවීරට රුපියල් 300ක මනි ඕඩරයක්

රුපියල් 300ක් නොමැති වීම හේතුවෙන් කටුනායක ගුවන්තොටුපළේදී පෝටර්වරයෙකුට පහර දුන් ප්‍රසන්න රණවීර අමාත්‍යවරයාට රුපියල් 300 ක් මනි ඕඩරයක් මගින් යැවීමට ගාල්ල කරන්දෙනිය අපේ දහම්...