29 C
Colombo
Wednesday, July 17, 2024

පාසල් අනධ්‍යන සේවකයින් ලෙඩ වෙලා

- Advertisement -

දිවයින පුරා අධ්‍යාපන අනධ්‍යයන සේවකයින් අද (24) සහ හෙට (25)  දින අසනීප නිවාඩු වාර්තා කර සේවයෙන් ඉවත්ව සිටීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරත වන බව අධ්‍යාපන අනධ්‍යයන සේවක සංගමය පවසනවා.

ඒ අනුව මහනුවර, උතුරු මැද සහ වයඹ යන ප්‍රදේශ තුළ අද දින එම වෘත්තීය ක්‍රියාමාර්ගය ක්‍රියාත්මක වනු ඇති.

අධ්‍යාපන අනධ්‍යයන සේවාවට ජාතික ප්‍රතිපත්තියක් සකස් කරන ලෙස සහ තවත් ඉල්ලීම් කිහිපයක් මුල් කරගෙන එම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයේ නිරත වන බව එම සංගමයේ ප්‍රධාන ලේකම් අජිත් කේ තිලකරත්න මහතා පවසා තිබෙනවා.

මේ අතර විදුහල්පති සේවා සංගමයේ ජාතික සංවිධායක සිසිර රාජපක්ෂ මහතා පැවසුවේ එළැඹෙන 26 වනදා දීපව්‍යාප්ත වැඩ වර්ජනයක නිරත වීමට තීරණය කර ඇති බවයි.

කෙසේවෙතත් පොසොන් නිවාඩුවෙන් අනතුරුව සුපුරුදු පරිදි අද දිනයේ සිට රජයේ පාසල් සාමාන්‍ය පරිදි පැවැත්වෙන බව අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනවක් නිකුත් කරමින් ඊයේ(23) පැවසුවා

RECENT ARTICLES - SINHALA

ප්‍රතික්‍රීයක හිඟයෙන් වෛද්‍ය පරීක්ෂණ රැසක් නැවතිලා

වෛද්‍ය පර්යේෂණ ආයතනය විසින් ප්‍රතික්‍රීයක සහ අවශ්‍ය රසායන ද්‍රව්‍ය ලබා නොදීම හේතුවෙන් රෝගීන්ට අත්‍යවශ්‍ය වෛද්‍ය පරීක්ෂණ රැසක් දීර්ඝ කාලීනව නවතා දමා ඇති බව සෞඛ්‍ය...

උෂාන් Vlogs ආයෙත් හප්පගෙන

ප්‍රසිද්ධ සමාජ මාධ්‍ය ක්‍රියාකරුවෙකු වන උෂාන් වීදියගොඩට හොත් Ushan Vlogs ට අයත් ඩිෆෙන්ඩර් රථය මහියංගනය - මහනුවර මාර්ගයේ මොරගහමුල ප්‍රදේශයේදී මෝටර් රථයක ගැටී අනතුරක්...

පොහොර මිල ලොකු ගාණකින් අඩු වෙයි

රාජ්‍ය පොහොර සමාගම විසින් නිෂ්පාදනය කරන පොහොර වර්ග 5ක මිල ගණන් අද (17) සිට අඩු කිරීමට පියවර ගන්නා බව රාජ්‍ය පොහොර සමාගම දැනුම්දී තිබෙනවා. එම...

POPULAR ARTICLES

මහින්ද රාජපක්ෂ මිස වෙන ගොනෙක් නෙවෙයි – සනත් නිශාන්තගේ බිරිඳ(වීඩියෝ)

රටේ තිබු යුද්ධය නැති කළ නායකයා මහින්ද රාජපක්ෂ මිස වෙන ගොනෙක් නොවන බව සනත් නිශාන්ත මහතාගේ බිරිඳ චමරි ප්‍රියංකා මහත්මිය පවසනවා. ඇය මේබව කියා සිටියේ...

සඳුදා යළිත් පාසැල් වැසෙන ලකුණු

සති දෙකක් අකුරට වැඩ කිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් අරඹන බව ගුරු - විදුහල්පති වෘත්තීය සමිති සන්ධානය පවසනවා. ඒ අනුව, ඔවුන් සඳහන් කළේ ලබන සඳුදා (22)...

සෞන්දර්ය විෂයයන් ගැන අධ්‍යාපන අමාත්‍යාංශයෙන් නිවේදනයක්

සෞන්දර්ය විෂයයන් ගැන අධ්‍යාපන අමාත්‍යාංශයෙන් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එහි සඳහන්ව ඇත්තේ, යෝජිත අධ්‍යාපන ප්‍රතිසංස්කරණ අනුව සෞන්දර්ය විෂයයන් සාමාන්‍ය අධ්‍යාපනයේ අත්‍යවශ්‍ය අංගයක් බවයි. කණිෂ්ඨ, ද්විතීයික අධ්‍යාපනයේ...