28 C
Colombo
Saturday, May 18, 2024

මැලේසියාවේ KFC ශාඛා කිහිපයක් හදිසියේ වසා දැමේ

- Advertisement -

ගාසා තීරයට එරෙහි ඊශ්‍රායලයේ යුද්ධයට එක්සත් ජනපදය දක්වන සහයෝගයට එරෙහිව දියත් කර ඇති වර්ජන ව්‍යාපාරයට මේ වන විට මාසයක පමණ කල් ගත වී තිබෙනවා.

මෙම වර්ජන ව්‍යාපාරයේ ප්‍රතිඵලයක් ලෙස මැලේසියාවේ KFC අවන් හල් 100ට අධික ප්‍රමාණයක් තාවකාලිකව වසා දැමීමට සිදුව ඇති බව අල්ජසීරා පුවත් සේවය වාර්තා කරනවා.

ඇමරිකාවට අයත් KFC අවන් හල් ජාල‍යේ ශාඛා 800ක් පමණ මැලේසියාව තුළ පවතිනවා.

චීන මාධ්‍ය පවසන්නේ, මෙම අවන් හල්වලින් 108ක් පමණ මේ වන විට වසා දැමීමට සිදුව ඇති බවයි.

එලෙස වසා දැමීමට සිදු වූ අවන් හල් බොහෝමයක් පිහිටා ඇත්තේ මුස්ලිම් ජනයා බහුල වශයෙන් ජීවත් වන Kelantan ප්‍රාන්තයේ බවද සඳහන්.

මැලේසියාවේ KFC අවන්හල් සමූහය පවත්වාගෙන යන QSR Brands සමාගම පවසන්නේ අභියෝගකාරී ආර්ථික තත්වයන් හමුවේ අදාළ අවන් හල් වසා දැමීමට සිදුව ඇති බවයි.

මැලේසියාවේ KFC අවන් හල් ජාලය, එරට රැකියා සුරක්ෂිතතාවයට ධනාත්මක ලෙස බලපා ඇති බවත් එහි සේවකයන්ගෙන් 85% ක් පමණ මුස්ලිම් ජාතිකයන් බවත් එම සමාගම තවදුරටත් පෙන්වා දී තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

මම UNP එකෙන් ඡන්දේ ඉල්ලන්න හිටියේ. නොඉල්ලපු එක ගැන අද සතුටුයි – කමල් (වීඩියෝ)

0
ප්‍රවීණ රංගන ශිල්පී කමල් අද්දරආරච්චි මහතා එක්සත් ජාතික පක්ෂයෙන් මහමැතිවරණයට තරඟ කිරීමට සුදානම්ව සිටි බව අන්තර්ජාල නාලිකාවක් සමඟ පැවති සාකච්ඡාවකදී හෙළිකර තිබෙනවා. 2015 වසරේ යහපාලන...

මුලින්ම තියන්නේ ජනාධිපතිවරණය නෙමෙයි – උදයංග

ස්ථීරයෙන්ම එන්නේ ජනාධිපතිවරණය නොව මහ මැතිවරණය බවත් ලබන 14 හෝ 15 පාර්ලිමේන්තුව අනිවාර්යයෙන්ම විසුරුවන බවත් රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග මහතා පවසනවා. පෞද්ගලික...

බාල ඖෂධ සිද්ධි​ය ගැන තවත් පැමිණිල්ලක් CIDයට

චේතනාන්විතව තත්ත්වයෙන් බාල ඖෂධ මෙරටට ගෙන්වීමට පියවර ගත් ඖෂධ නියාමන අධිකාරියේ අධ්‍යක්ෂ මණ්ඩලයට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙස විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහ​තා අපරාධ...

POPULAR ARTICLES

අනුර කුමාර ජවිපෙ සාමාජිකයෙක් බව කියන්න බැහැ, ඔහු මටත් වඩා බාලයි – කමල් අද්දරආරච්චි

71 කැරැල්ලේදී සිදුවූ ඇතැම් සිදුවීම් සහ ඉන් පසුව ජනතා විමුක්ති පෙරමුණේ ගිණුමට බැර කරමින් සිදුකළ ඇතැම් අපරාධ සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණට චෝදනා එල්ල කිරීම...

මහනුවර ඇසළ පෙරහැරට බාධාවක්

මහනුවර ඇසළ පෙරහර සමයේම සබරගමුව මහ සමන් දේවාලයේ පෙරහැර යෙදීම හේතුවෙන් අලි ඇතුන් සහභාගී කරවීමේ ගැටලුවක් මතුව ඇති බව හීලෑ අලි ඇතුන් හිමිකරුවන්ගේ සංගමය...

ලාල් කාන්ත ඇතුළු විරෝධතාකරුවන් පිරිසකට තහනම් නියෝගයක්

මාළිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයෙන් වෘත්තිය සමිති නායකයින් කිහිපදෙනෙකු ඇතුළු පිරිසකට තහනම් නියෝගයක් නිකුත් කර තිබෙනවා. කේ ඩී ලාල්කාන්ත, මහින්ද ජයසිංහ, රන්ජන් ජයලාල් ඇතුළු විරෝධතාකරුවන් පිරිසකට එරෙහිව...