25 C
Colombo
Monday, May 20, 2024

ශෙහාන් CID අත්අඩංගුවට – මනෝරමටත් කැඳවීමක්..!

- Advertisement -

සමාජ ක්‍රියාකරුවෙකු වන ශෙහාන් මාලක මහතාව අද (14) දින හදිසියේම අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔහු විසින් සමාජ මාධ්‍යට නිකුත් කළ වීඩියෝවකට අනුව සුදු වෑන් රථයකින් පැමිණි අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවේ නිලධාරීන් පිරිසක් මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති අතර ඊට හේතුවක්ද නොදැන්වූ බවයි එම වීඩියෝවේදී ඔහු පවසන්නේ.

එමෙන්ම පොලිස් නිලධාරීන් විසින් ඔහුගේ එම දුරකථනයද භාරයට ගැනීමට උත්සහ දරන අයුරුද එහි දැක්වෙනවා.

මීට පෙර අවස්ථා කිහිපයකදිම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ශෙහාන් මාලක මහතාගෙන් ප්‍රශ්න කිරීම් සිදුකර තිබෙනවා.

මේ සම්බන්ධයෙන් News19 පොලිස් මාධ්‍ය ප්‍රකාශක නිහාල් තල්දූව මහතාගෙන් සිදුකළ විමසීමකදී ඔහු සදහන් කළේ ශෙහාන් මාලක මහතා පැවැත්වූ ප්‍රවෘත්ති සාකච්ඡාවක් සම්බන්ධයෙන් විභාග වන නඩුවක උදෘතවලට අදාළව ඔහුව අත්අඩංගුවට ගන්නැයි නීතිපතිවරයා නියෝග කර ඇති බවයි.

මේ අතර, එළැඹෙන බ්‍රහස්පතින්දා (17) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින්නැයි සමාජ මාධ්‍ය ක්‍රියාකාරී මනෝරම විරසිංහ මහතාට කැදවීමක් කර තිබෙනවා.

ඒ් සමාජ මාධ්‍ය සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් සටහන් කරගැනීමට බවයි මේ වන විට වාර්තා වන්නේ.

RECENT ARTICLES - SINHALA

ඩයනාගේ විදෙස් ගමන් බලපත්‍රය ආපහු දිලා

ශ්‍රී ලාංකික පුරවැසියකු නොවීම යන හේතුව මත පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය අහෝසි වූ හිටපු රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මියට ශ්‍රී ලංකා ආගමන විගණනය දෙපාර්තමේන්තුවෙන් නිකුත්...

ශ්‍රී ලාංකික ධීවරයින් පිරිසක් ඉන්දීය අත්අඩංගුවට

මුහුදු සීමා උල්ළංඝනය කරමින් ධීවර කටයුතුවල නිරත වූ ශ්‍රි ලාංකික ධීවරයින් 7 දෙනෙකු ඉන්දීය වෙරළාරක්ෂක බළකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ ඉන්දියාවේ...

පුත්තලම දිස්ත්‍රික්කයේ සියලුම පාසල්වලට හෙට විශේෂ නිවාඩුවක්

පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් පුත්තලම දිස්ත්‍රික්කයේ සියලුම පාසල් හෙට (20) දිනයේ වසාතැබීමට වයඹ පළාත් ආණ්ඩුකාරවරයා තීරණය කර තිබෙනවා. හෙට දිනයේ කාලගුණ තත්ත්වය අනුව ඉදිරි...

POPULAR ARTICLES

අනුර කුමාර ජවිපෙ සාමාජිකයෙක් බව කියන්න බැහැ, ඔහු මටත් වඩා බාලයි – කමල් අද්දරආරච්චි

71 කැරැල්ලේදී සිදුවූ ඇතැම් සිදුවීම් සහ ඉන් පසුව ජනතා විමුක්ති පෙරමුණේ ගිණුමට බැර කරමින් සිදුකළ ඇතැම් අපරාධ සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණට චෝදනා එල්ල කිරීම...

කෞෂල්‍ය නවරත්න බාර් කවුන්සිලයෙන් ඉවතට

ශ්‍රී ලංකා නීතිඥ සංගම⁣යේ සභාපති ජනාධිපති නීතිඥ කෞෂල්‍ය නවරත්න මහතාගේ මූලිකත්වයෙන් ඊයේ (18) රැස්වූ එම සංගමයේ සාමාජිකයන් දහසකට ආසන්න පිරිසකගෙන් සමන්විත බාර් කවුන්සිලය එම...

ජ්‍යේෂ්ඨ පුරවැසියන්ගේ බැංකු තැන්පතු ගැන තීරණයක්

ජ්‍යේෂ්ඨ පුරවැසි ගිණුම්වල පොලිය ඉහළ නැංවීම පිළිබඳ සොයා බැලීමේ කමිටු වාර්තාව ලබන සතියේ ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා...