25 C
Colombo
Monday, May 20, 2024

දේශපාලකයන්ට සංවර්ධන වැඩ තහනම් වන ලකුණු

- Advertisement -

ඉදිරියේදී ජනාධිපතිවරණය සහ මහ මැතිවරණය පැවැත්වීමට නියමිත බැවින් ප්‍රාදේශීය සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේදී දේශපාලන නියෝජිතයන් සම්බන්ධ කර නොගන්නා ලෙස මැතිවරණ කොමිසම රජයට දන්වා තිබෙන බව රාජයේ නිලධාරියෙක් පැවසු බව ඩේලි මිරර් පුවත්පත වාර්තා කරනවා.

ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල සංවර්ධන කටයුතු සිදුකරන මුවාවෙන් මැතිවරණ ප්‍රචාරක කටයුතු සඳහා දේශපාලනඥයන් සම්බන්ධ කර ගැනීමෙන් ඉදිරියේදී පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයට එල්ල වන බලපෑම සම්බන්ධයෙන් පැෆරල් සංවිධානය මැතිවරණ කොමිසමට කළ පැමිණිල්ලක් සලකා බැලීමෙන් පසුව රජයට මෙම දැනුම් දීම සිදුකර තිබෙන බව සඳහන් වනවා.

විමධ්‍යගත අයවැය යටතේ වෙන්කර ඇති මුදල් යොදවා සංවර්ධන ව්‍යාපෘති ජූලි මස 31 වැනිදාට ප්‍රථම නිම කිරීමට පියවර ගන්නා ලෙස රජය, සියලුම දිස්ත්‍රික් ලේකම්වරුන්ට උපදෙස් ලබා දී ඇති බවත් සංවර්ධන ව්‍යාපෘති එලෙස වේගවත් කිරීමෙන් ඉදිරියේදී පැවැත්වෙන මැතිවරණවලදී පාලක පක්ෂයට ඉන් වාසියක් ඇතිවන බව පෙන්වා දෙමින් ඒ සඳහා මැදිහත් වන ලෙස ලිපියක් යොමු කරමින් පැෆරල් සංවිධානය මැතිවරණ කොමිසමෙන් ඉල්ලීමක් කර තිබෙන බව සඳහන්.

RECENT ARTICLES - SINHALA

බන්ධනාගාර නිලධාරීන් වෘත්තීය ක්‍රියාමාර්ගයක

බන්ධනාගාර නිලධාරීන් අසනීප නිවාඩු වාර්තා කරමින් වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත වීමට තීරණය කර ඇති බව සමස්ත ලංකා බන්ධනාගාර නිලධාරීන්ගේ එකමුතුව පවසනවා. ඔවුන් සඳහන් කළේ අද(20) සිට...

ඩයනා ගැන විමර්ශනයට නීතිපතිගෙන් CIDයට උපදෙස්

හිටපු රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මියට එරෙහිව එල්ල වී ඇති අපරාධමය කරුණු සම්බන්ධයෙන් විමර්ශනය කරන ලෙසත් ඇයට එරෙහිව අපරාධ නඩු විධාන සංග්‍රහය යටතේ ක්‍රියාමාර්ග...

රජයේ සහ රජය අනුමත පෞද්ගලික පාසල් අද ඇරඹේ

රජයේ පාසල් සහ රජයේ අනුමත පෞද්ගලික පාසල්වල පළමු වාරයේ තුන්වන අදියර අද (20) ආරම්භ වීමට නියමිතයි. පළමු වාරයේ තුන්වන අදියර ලබන 31 වනදා දක්වා ක්‍රියාත්මක...

POPULAR ARTICLES

කෞෂල්‍ය නවරත්න බාර් කවුන්සිලයෙන් ඉවතට

ශ්‍රී ලංකා නීතිඥ සංගම⁣යේ සභාපති ජනාධිපති නීතිඥ කෞෂල්‍ය නවරත්න මහතාගේ මූලිකත්වයෙන් ඊයේ (18) රැස්වූ එම සංගමයේ සාමාජිකයන් දහසකට ආසන්න පිරිසකගෙන් සමන්විත බාර් කවුන්සිලය එම...

ඉරාන තානාපතිට කොළඹදී පහර දීමක්

කොළඹ ප්‍රධාන සාප්පු සංකීර්ණයක රථගාලක් තුළදී ඉරාන තානාපතිවරයාට පහරදුන් බවට සැක කෙරෙන පුද්ගලයා හෙට 20 දක්වා රිමාන්ඩ් කිරීමට කොළඹ අලුත්කඩේ අංක දෙක මහෙස්ත්‍රාත් අධිකරණය...

ප්‍රසන්න රණවීරට රුපියල් 300ක මනි ඕඩරයක්

රුපියල් 300ක් නොමැති වීම හේතුවෙන් කටුනායක ගුවන්තොටුපළේදී පෝටර්වරයෙකුට පහර දුන් ප්‍රසන්න රණවීර අමාත්‍යවරයාට රුපියල් 300 ක් මනි ඕඩරයක් මගින් යැවීමට ගාල්ල කරන්දෙනිය අපේ දහම්...