27 C
Colombo
Sunday, May 19, 2024

පකිස්තානයට එරෙහිව එක්සත් ජාතීන්ගේ මූලස්ථානය ඉදිරිපිට සතියක උපවාසයක්

- Advertisement -

පාකිස්තානය යටතේ පවතින සින්ද් හි මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සහ මිනිසා විසින් නිර්මාණය කරන ලද බලපෑම් නිසා ඇති වන ගංවතුර ව්‍යසනයට එරෙහිව සතියක උපවාසයක් ඇමරිකාවේ එක්සත් ජාතීන්ගේ මූලස්ථානය ඉදිරිපිට පවත්වා තිබේ.

එක්සත් ජාතීන්ගේ 77 වැනි මහා සභා සැසිවාරයේ ආරම්භ වූ සැප්තැම්බර් 13 වැනිදා සිට සතියක කාලයක් මෙම උපවාසය පැවති බව වාර්තා වේ.

ඇමරිකාවේ ලෝක ප්‍රකට දාර්ශනිකයෙකු, වාග් විද්‍යාඥයෙකු සහ සමාජ හා දේශපාලන විචාරකයෙකු වන මහාචාර්ය නෝම් චොම්ස්කි ද මෙම උපවාසයට සහය පළ කර ඇති අතර එහිදී අයිතිවාසිකම් දිනාගැනීම සදහා අත්සන් කළ පෙත්සමට ඔහු ද අත්සන් තබා තිබේ.

සින්ද් පදනම මෙය සංවිධානය කර තිබූ අතර එහි වොෂින්ටන් අධ්‍යක්ෂ සුෆි ලගාරි එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ එහි අනෙකුත් සාමාජික රටවල් ඇතුළු ජාත්‍යන්තර ප්‍රජාවෙන් ඉල්ලා ඇත්තේ ඔවුන් පාකිස්ථානයට සහාය නොදිය යුතු නමුත් සින්ද් ජනතාවට සෘජුවම සහය දිය යුතු බවයි.

පාකිස්ථානයේ රජයන්ට ලබා දුන් පෙර ආධාර පිළිබඳ විවෘත විමර්ශනයක් සහ විගණනයක් කළ යුතු බවත් ඔහු පවසා තිබේ.

RECENT ARTICLES - SINHALA

සජබෙන් විවාදෙට දින දිලා

සමගි ජන බලවේගය සහ ජාතික ජන බලවේගයේ ආර්ථික කමිටුව සහ පක්ෂ නායකයන් අතර පැවැත්වෙන විවාදය සඳහා දින ලබාදීමට සමගි ජන බලවේගය  පියවර ගෙන තිබෙනවා. ඒ...

කෞෂල්‍ය නවරත්න බාර් කවුන්සිලයෙන් ඉවතට

ශ්‍රී ලංකා නීතිඥ සංගම⁣යේ සභාපති ජනාධිපති නීතිඥ කෞෂල්‍ය නවරත්න මහතාගේ මූලිකත්වයෙන් ඊයේ (18) රැස්වූ එම සංගමයේ සාමාජිකයන් දහසකට ආසන්න පිරිසකගෙන් සමන්විත බාර් කවුන්සිලය එම...

රේගු ලොක්කන්ට කෝට් ගණන් සන්තෝසම් දීලා

රේගු නිලධාරීන්ට සහ රේගුවට තොරතුරු සපයන්නට මුදල් අමාත්‍යවරයාගේ අනුමැතියකින් තොරව රේගු ප්‍රධානීන්ගේ අභිමතය පරිදි    රුපියල් කෝටි 2422 කට වැඩි මුදලක්  2012 වර්ෂයේ සිට 2023...

POPULAR ARTICLES

අනුර කුමාර ජවිපෙ සාමාජිකයෙක් බව කියන්න බැහැ, ඔහු මටත් වඩා බාලයි – කමල් අද්දරආරච්චි

71 කැරැල්ලේදී සිදුවූ ඇතැම් සිදුවීම් සහ ඉන් පසුව ජනතා විමුක්ති පෙරමුණේ ගිණුමට බැර කරමින් සිදුකළ ඇතැම් අපරාධ සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණට චෝදනා එල්ල කිරීම...

ජ්‍යේෂ්ඨ පුරවැසියන්ගේ බැංකු තැන්පතු ගැන තීරණයක්

ජ්‍යේෂ්ඨ පුරවැසි ගිණුම්වල පොලිය ඉහළ නැංවීම පිළිබඳ සොයා බැලීමේ කමිටු වාර්තාව ලබන සතියේ ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා...

දෙහිවල බිහිසුණු අනතුරක්

දෙහිවල මුහුදු මාර්ගයේ ඊයේ (17) රාත්‍රී 7ට පමණ රිය අනතුරක් සිදුව තිබෙනවා. මේ හේතුවෙන් වාහන 5කට පමණ අලාභ හානි සිදුව ඇති බවයි වාර්තා වන්නේ. කොළඹ සිට...