28 C
Colombo
Sunday, October 1, 2023

නවසීලන්තයට ලකුණු 197ක ඉලක්කයක්

- Advertisement -

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ නවසීලන්තය අතර පළමු t20 තරගය ඕක්ලන්ඩ් හිදී දැන් පැවැත්වෙනවා.

කාසිය වාසිය දිනූ නවසීලන්ත නායකයාගේ ආරාධනයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම පළමුව පන්දුවට පහර දුන්නා.

ඉනිමේ පළමු පන්දුවෙන්ම පැතුම් නිශ්ශංක දැවී ගියේ ශ්‍රී ලංකා පිතිකරුවන් සුපුරුදු රිද්මයට පැමිණ ඇත්දැයි යන සැකය මතු කරමින්.

නමුත් එතැන් සිට ඉනිම ගොඩ නංවන්නට සෙසු පිතිකරුවන් උත්සුක වුණා.

වසරකට පමණ පසුව ජාත්‍යන්තර t20 පිටියට යළි පැමිණි කුසල් පෙරේරා නොදැවී ලකුණු 53යි.

චරිත් අසලංක ලකුණු 67ක් ලබා ගත්තා.

සිව්වැනි කඩුල්ල සඳහා කුසල් හා අසලංක අතර ලකුණු 103ක සම්බන්ධතාවක් ගොඩ නැඟුවා.

ඒ අනුව නියමිත පන්දුවාර 20 තුළ ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 5ක් දැවී ලකුණු 196ක් ලබා ගැනීමට සමත් වුණා.

කෙසේ වෙතත් අවසන් පන්දුවාර 4 තුල ලකුණු ලබා ගැනීමේ වේගය මන්දගාමී වීම හේතුවෙන් ශ්‍රී ලංකාවට තවත් ලකුණු 20ක් පමණ අහිමි වූ බවයි විචාරකයින් පෙන්වා දෙන්නේ.

ජයග්‍රහණය හඹා යන නවසීලන්තය පන්දුවාර 6ක් අවසානයේ කඩුලු 2ක් දැවී ලකුණු 54ක් ලබා සිටිනවා.

RECENT ARTICLES - SINHALA

කාර්මික දෝෂ නිසා අදත් ගුවන් ගමන් දෙකක් අවලංගුයි

අද (01) පෙරවරු 8.20ට පමණ නේපාලයේ - කත්මන්ඩු නුවර දක්වා ගමන් කිරීමට සැලසුම් කර තිබු ගුවන් ගමනක් අවලංගු කර තිබෙනවා. ඒ සඳහා ශ්‍රී ලංකන් ගුවන්...

සීතා ඇතින්නියගේ පපුවේ උණ්ඩ 7ක්

මහියංගනයේදී වෙඩි ප්‍රහාරයකට ලක් වූ මහරගම සීතා ඇතින්නගේ හෘදය වස්තුව ආසන්නයේ සිරුර තුළට උණ්ඩ  හතක්  වැදී ඇති බව ඇතාට වෛද්‍ය ප්‍රතිකාර කරන පේරාදෙණිය විශ්ව...

උසස් පෙළ හා සාමාන්‍ය පෙළ සිසුන්ට දැනුම් දීමක්

උසස් පෙළ හා සාමාන්‍ය පෙළ අවසන් වූ වහාම එම සිසුන් සඳහා වෘත්තීය පුහුණු පාඨමාලා ආරම්භ කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇති බව අධ්‍යාපන අමාත්‍ය...

POPULAR ARTICLES

ඉන්දියාව තුළ ආන්දෝලනයක් වූ විවාහය

උතුරු පන්ජාබ් ප්‍රාන්තයේ සමලිංගික යුවලකගේ විවාහ මංගලය්‍යක් හේතුවෙන් ඉන්දියාව තුළ විශාල ආන්දෝලනයක් හට ගෙන තිබෙනවා. විදෙස් මාධ්‍ය පවසන්නේ, සමලිංගික විවාහ නීතිගත කිරීම පිළිබඳ ඉන්දීය ශේෂ්ඨාධිකරණය...

ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයට නියෝගයක්

ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ පුරප්පාඩු 4,718 ක් පිරවීමට අදාළව අධ්‍යාපන අමාත්‍යාංශය ගත් පියවර වහා ක්‍රියාත්මක කරන්නැයි, ශ්‍රේෂ්ඨාධිකරණය අද(27) නියෝග කර තිබෙනවා ඒ අදාළ බඳවා ගැනිම්වලට...

චීනය නිසා එකතු වූ මහින්ද,මෛත්‍රී,ගෝඨා

මහජන චීන සමූහාණ්ඩුවේ 74 වන ජාතික දින උත්සවය ඊයේ (28) කොළඹ ෂැන්ග්‍රීලා හෝටලයේදී පැවැත්වුණා. මෙම අවස්ථාවට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, හිටපු...