32 C
Colombo
Friday, June 2, 2023

ESOL Premier Campus ආයතනය Cambridge University Press & Assessment සමඟ එක් වී ශ්‍රී ලංකාවට ප්‍රථම වරට Linguaskill හඳුන්වා දෙයි

- Advertisement -

ESOL College හි උසස් අධ්‍යාපන අංශය වන ESOL Premier Campus, Cambridge University Press & Assessment සමග එක් වී ප්‍රථම වරට ශ්‍රී ලංකාවට Linguaskill හඳුන්වා දී තිබේ. Linguaskill යනු සමාගම් හා ආයතනවලට ඉක්මනින් හා පහසුවෙන් පුද්ගලයන්ගේ හෝ කණ්ඩායම්වල ඉංග්‍රීසි දැනුම පරීක්ෂා කිරීමට උපකාරී වන, කෘත්‍රිම බුද්ධිය පදනම් කරගත් මාර්ගගත පරීක්ෂණයකි. මෙමගින් ඉංග්‍රීසි භාෂාව කථා කිරීම, ලිවීම, කියවීම සහ සවන් දීම යන අංශ හතරම මොඩියුල වශයෙන් පරීක්ෂාවට ලක්කළ හැකි වේ.

මෙම පියවරත් සමග, ශ්‍රී ලංකාව තුළ Linguaskill දියත් කිරීමට බලය හිමි ප්‍රථම නියෝජිත ආයතනය බවට පත්වීමට ESOL Premier Campus සමත් වී ඇත. මෙය ශ්‍රී ලංකාවේ ව්‍යාපාර ක්ෂේත්‍රය තුළ තම ආවරණ පරාසය පුළුල් කිරීමට ESOL Premier Campus දරන උත්සාහයේ වැදගත් ඉදිරි පියවරකි. මෙම පරීක්ෂණයට අමතරව ESOL Premier Campus මගින් තරුණ පරපුරට වෘත්තීය වශයෙන් අතිශයින් වැදගත් වන ඉංග්‍රීසි භාෂා පාඨමාලා රාශියක් පිරිනමනු ලබන අතර, සහතිකපත් මට්ටමේ සිට ඩිප්ලෝමා, උසස් ඩිප්ලෝමා සහ උපාධි මට්ටම දක්වා විවිධාකාර පාඨමාලා මීට ඇතුළත් වී තිබේ.

Linguaskill නිල අවශයෙන් හඳුන්වා දීමේ අවස්ථාවට එක්සත් රාජධානියේ Cambridge University Press & Assessment හි ප්‍රධාන ගිණුම් කළමනාකරු (දකුණු ආසියාව) කෙවින් කොයින් සහ එම ආයතනයේ නිෂ්පාදන කළමනාකරු ඉයන් කවුලි යන මහත්වරුන් ඇතුළුව, දෙපාර්ශ්වය නියෝජනය කරන ජ්‍යෙෂ්ඨ නිලධාරීහු පිරිසක් එක්වූහ. කෙවින් කොයින් මහතා මෙහිදී දෙපාර්ශ්වය අතර ඇතිකරගත් එකඟතාව පිළිබඳව දීර්ඝ වශයෙන් කරුණු දැක්වූ අතර, ESOL මගින් ලබාදෙන ගුණාත්මක අධ්‍යාපනය පිළිබඳව සිය විශ්වාසය පළකළේ ය. ඉයන් කවුලි මහතා මෙහිදී අදහස් දක්වමින්, වර්තමාන රැකියා වෙළඳපොළ තුළ ඉංග්‍රීසි දැනුම මගින් ලැබිය හැකි ප්‍රතිලාභ පෙන්වා දුන් අතර, Linguaskill මගින් එම දැනුම වර්ධනය වන ආකාරය පැහැදිලි කළේ ය.

“Linguaskill මෙරටට හඳුන්වා දීම ඉතාමත් වැදගත්. මෙමගින් සිසුන්ට තම ඉංග්‍රීසි භාෂා කුසලතා වර්ධනය කරගැනීමට හැකිවන අතරම, ව්‍යාපාර ක්ෂේත්‍රයට තම කාර්ය මණ්ඩලයන්හි ඉංග්‍රීසි භාෂා ප්‍රවීණතාව වැඩිදියුණු කරගැනීමට අවස්ථාව ලැබෙනවා. එමෙන්ම තමන් බඳවාගැනීමට උනන්දු වන වෘත්තිකයන්ගේ ඉංග්‍රීසි දැනුම පරීක්ෂා කිරීමට ඕනෑම සමාගමකට හෝ ආයතනයකට මෙය භාවිතා කිරීමට පුළුවන්.” ESOL Premier Campus හි ප්‍රධාන විධායක නිලධාරී/කළමනාකාර අධ්‍යක්ෂ හිමන්ත කරුණාරත්න මහතා පැවසී ය.

“ඉංග්‍රීසි භාෂා ප්‍රවීණතාව යනු රැකියාවන්ට බඳවා ගැනීමේදී සැලකිල්ලට ගනු ලබන ප්‍රධානතම සුදුසුකමක්. ලෝකය වඩවඩාත් අන්තර්සම්බධිත වෙමින් පවතින අතරම ශ්‍රී ලංකාව වැඩිවැඩියෙන් බාහිර ලෝකයට නිරාවරණය වෙමින් පවතින පසුබිමක් තුළ මෙය විශේෂයෙන්ම වැදගත්. Linguaskill පරීක්ෂණය ඉංග්‍රීසි භාෂා කුසලතාව වඩාත් ඉක්මනින් හා පහසුවෙන් පරීක්ෂාවට ලක්කිරීම සඳහා සේව්‍ය සේවක දෙපාර්ශ්වයටම බෙහෙවින් උපකාරී වේවි.” ESOL Premier Campus හි සාමාන්‍යාධිකාරී ඇන්ඩෲ අභිනාෂ් මහතා පැවසී ය.

ESOL හි කළමනාකාර (උසස් අධ්‍යාපන) අමල් රණවීර මහතා මෙම උත්සවයේදී අදහස් දැක්වූ අතර, ESOL Premier Campus මගින් Linguaskill මෙරටට හඳුන්වා දෙනු ලැබීමේ වැදගත්කම පෙන්වා දුන්නේ ය. එමෙන්ම මෙරට සිසුන්ට කේම්බ්‍රිජ් ඉංග්‍රීසි සුදුසුකම් ලබාගැනීමේ අවස්ථාව සලසා දීමටත්, ව්‍යාපාර ක්ෂේත්‍රයේ විශේෂ අවශ්‍යතාවන්ට ගැළපෙන සහ, රැකියා සඳහා බඳවාගනු ලැබීමේ සම්භාවිතාව ඉහළ නැංවිය හැකි ආකාරයේ නව පාඨමාලා හඳුන්වා දීමටත් සැලසුම් කෙරෙමින් පවතින බවද ඔහු අනාවරණය කලේ ය.

අධ්‍යපන ක්ෂේත්‍රයේ සුදුසුකම් ලත් ප්‍රවීණයන් වන අමාලි ජයසිංහ සහ හිමන්ත කරුණාරත්න විසින් 2022 වසරේදී ESOL Premier Campus ආරම්භ කරන ලදි. තරුණ තරුණියන්, වැඩිහිටියන් සහ වෘත්තිකයන් ඇතුළු කාණ්ඩ වෙනුවෙන් ඉංග්‍රීසි භාෂා පාඨමාලා හඳුන්වා දීම එහි මූලික අරමුණ විය. අනාගතයේදී ග්‍රාමීය ජනතාව ඇතුළුව තවත් කාණ්ඩ වෙනුවෙන් විවිධාකාර වූ පාඨමාලාවන් හඳුන්වා දීමට ESOL Premier Campus මේ වනවිට සැලසුම් කර තිබේ. Linguaskill ශ්‍රී ලංකාවට හඳුන්වා දීම යනු, මෙරට සියලුම දෙනාට ගුණාත්මක අධ්‍යාපනයක් ලබාගැනීම අවස්ථාව සලසා දීම යන දැක්ම සාක්ෂාත් කරගැනීම සඳහා ESOL Premier Campus විසින් තබන ලද වැදගත් ඉදිරි පියවරකි.

RECENT ARTICLES - SINHALA

කාලිද් අල් අමේරි දින 3ක ලංකාවේ සංචාරයක

ලොව ප්‍රමුඛ පෙලේ සමාජ මාධ්‍ය ක්‍රියාකාරීයෙකු වන කාලිද් අල් අමේරි මෙම මස ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වන බවට නිවේදනය කර තිබෙනවා.

මාගේ සේවය රටට අවශ්‍යය නම් ඕනෑම මොහොතක ලබා දෙනවා – මහින්දානන්ද අලුත්ගමගේ

තමා කිසි දිනක අමාත්‍ය ධුර ඉල්ලා නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසනවා. මන්ත්‍රීවරයා මේ බව කියා සිටියේ...

ඇමති කංචනගෙන් ඛනිජ තෙල් සේවකයන්ට විශේෂ නියෝගයක්

සියළුම ඉන්ධන පිරවුම්හල් වෙත ප්‍රමාණවත් අයුරින් තොග සැපයීම සඳහා මේ සති අන්තයේ දින දෙකේ දී ද ඉන්ධන බෙදා හැරීම අඛණ්ඩව සිදු කරන...

RECENT ARTICLES - ENGLISH

Khalid and Salama to visit SL today

0
Khalid Al Ameri, a renowned Emirati blogger, columnist, and motivational speaker, is making headlines once again with his upcoming trip to Sri...

Presidential Pardon for 440 on Poson Poya Day

0
Prisons Spokesperson Chandana Ekanayake, a group of 440 prisoners is scheduled to be released tomorrow (03) as part of a presidential pardon...

President seeks patience of Public for a little longer

0
President Ranil Wickremesinghe said by persisting a little longer on the current trajectory, an economically stable future could be achieved devoid of...