27.6 C
Colombo
Monday, May 20, 2024

රාජ්‍ය සේවක වැටුප ගැන ජනපතිගෙන් විශේෂ ප්‍රකාශයක්

- Advertisement -

වැටුප් සංශෝධන පිළිබඳ විවිධ ඉල්ලීම් තිබුණත්, ඒ පිළිබඳ සලකා බැලීමට ප්‍රමාණවත් රාජ්‍ය ආදායමක් මේ වසර තුළ නොමැති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

අද උදෑසන (09) පාර්ලිමේන්තුවේදී මෙරට ආර්ථිකය සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් කරමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළා.

ජනාධිපතිවරයා එහිදී වැඩිදුරටත් සඳහන් කළේ,  2024 ආර්ථිකය වර්ධනය වන ස්වරූපය මෙන්ම රාජ්‍ය ආදායම් වැඩිවන ආකාරය පදනම් කරගෙන රාජ්‍ය අංශයේ වැටුප් පිළිබඳව යළි සලකා බැලීමක් කළ හැක්කේ ලබන වසරේදී  බවයි.

“වැටුප් සංශෝධනයන් පිළිබදව විවිධ ඉල්ලීම් අපට ලැබුණ ද ඒ පිළිබඳව 2024 දී කටයුතු කිරීමට තරම් රාජ්‍ය ආදායම් වර්ධනයක් දැනට නැහැ. අතීතයේ වගකීම් විරහිත ලෙස විවිධ සහන ලබා දී අපගේ ආර්ථිකයත් ජන ජීවිතයත් බිඳ දැමුවා. එවැනි තත්ත්වයකට අපට යළිත් යන්න බැහැ. සමාජයේ සෑම කොටසකටම ආර්ථික අර්බුදයේ පීඩාව තිබෙනවා. සමාජයේ සෑම ජන කොටසක්ම ඉතා කටුක මාවතක පසුගිය වසර දෙක තිස්සේ ගමන් කොට තිබෙනවා. 2024 ආර්ථිකය වර්ධනය වන ස්වරූපය මෙන්ම රාජ්‍ය ආදායම් වැඩිවන ආකාරය පදනම් කරගෙන රාජ්‍ය අංශයේ වැටුප් පිළිබඳව යළි සලකා බැලීමක් කළ හැක්කේ ලබන වසරේ දී යී. ඒක තමයි ඇත්ත. දැන් අප ක්‍රියාත්මක කරන ආර්ථික වැඩපිළිවෙලින් පිට පැන්නොත් යළිත් අප ඇද වැටෙන්නේ මහා විනාශයකටයි. 2022 සැප්තැම්බර් මස සිට IMF වැඩසටහන යටතේ අප ක්‍රියාත්මක කරන ලද වැඩසටහන ඔස්සේ දැනට සාධනීය ප්‍රතිලාභ රැසක් අත්කරගෙන තිබෙනවා. ආර්ථික ස්ථායීකරණ හා ප්‍රතිසාධන වැඩපිළිවෙලින් ඔබ්බට ගොස් තිරසර මාවතකට අපගේ ආර්ථිකය පරිවර්තනය කළ යුතුව තිබෙනවා. ඒ සඳහා විධිමත් හා කඩිනම් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට අප අදිටන් කර ගත යුතුයි. අප තවම විදේශ ණය ගෙවන්නේ නැහැ. ණය ප්‍රතිව්‍යුහගතකරණය අවසානයේ දී අප ණය ගෙවීමට කටයුතු කළ යුතුයි. ඒ සඳහා රාජ්‍ය ආදායම් වැඩි කර ගත යුතුයි.”

එමෙන්ම, මෙම වසරේ  ආර්ථික වර්ධනය 3%ක් පමණ වනු ඇතැයි අපේක්ෂා කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී ප්‍රකාශ කළා.

ඔහු තවදුරටත් සඳහන් කළේ විවිධ දේශීය සහ විදේශීය ,මුල්‍ය ආයතන ද ඒ හා සමාන පුරෝකථන ඉදිරිපත්කර ඇති බවයි.

වැටුණු රට යළි ගොඩනැගීම වෙනුවෙන් විධිමත් ලෙස ආර්ථික ස්ථායිකරණ හා ප්‍රතිසාධන වැඩසටහන් ක්‍රියාත්මක කිරීම ආරම්භ කළ බවත් එහි  සමස්ත ප්‍රතිඵලයක් ලෙස 2023 වසරේ මැද භාගයේ සිට ආර්ථික වර්ධනයක ගමන ආරම්භ වී තිබෙන බවත් ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කළා.

RECENT ARTICLES - SINHALA

උප පොලිස් පරීක්ෂක කසිප්පු පෙරලා මාට්ටු

නීති විරෝධී මත්පැන් හා පෙරීමේ උපකරණ ළඟ තබා ගත්තේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් උප පොලිස් පරීක්ෂකවරයෙක් සැකපිට අත්අඩංගුවට ගත් බව තිරප්පනේ පොලීසිය පවසනවා. දැනට කවරක්කූලම...

සපුගස්කන්ද තෙල් පිරිපහදුව ත්‍රිකුණාමලයට?

සපුගස්කන්ද තෙල් පිරිපහදුව රජය සතු ව්‍යවසායක් බවට පරිවර්ථනය කිරීමේ දී එහි සේවකයින් 650කට අධික පිරිසකගේ රැකියා අහිමි වීමේ අවදානමක් පවතින බවට වාර්තා වනවා. කෙසේවෙතත් දැනට...

බන්ධනාගාර නිලධාරීන් වෘත්තීය ක්‍රියාමාර්ගයක

බන්ධනාගාර නිලධාරීන් අසනීප නිවාඩු වාර්තා කරමින් වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත වීමට තීරණය කර ඇති බව සමස්ත ලංකා බන්ධනාගාර නිලධාරීන්ගේ එකමුතුව පවසනවා. ඔවුන් සඳහන් කළේ අද(20) සිට...

POPULAR ARTICLES

කෞෂල්‍ය නවරත්න බාර් කවුන්සිලයෙන් ඉවතට

ශ්‍රී ලංකා නීතිඥ සංගම⁣යේ සභාපති ජනාධිපති නීතිඥ කෞෂල්‍ය නවරත්න මහතාගේ මූලිකත්වයෙන් ඊයේ (18) රැස්වූ එම සංගමයේ සාමාජිකයන් දහසකට ආසන්න පිරිසකගෙන් සමන්විත බාර් කවුන්සිලය එම...

ඉරාන ජනපති තවමත් අතුරුදහන්. හෙලිකොප්ටරයේ සුන්බුන් බවට සැක කෙරෙන තාප ප්‍රභවයක් හඳුනාගෙන

Update:ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසි ගමන් ගත් හෙලිකොප්ටර් යානය කඩා වැටුණු ස්ථානය ගවේෂණ කණ්ඩායම් විසින් සොයාගෙන තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ තවත් නොබෝ වෙලාවකින් එම කණ්ඩායම...

ඉරාන තානාපතිට කොළඹදී පහර දීමක්

කොළඹ ප්‍රධාන සාප්පු සංකීර්ණයක රථගාලක් තුළදී ඉරාන තානාපතිවරයාට පහරදුන් බවට සැක කෙරෙන පුද්ගලයා හෙට 20 දක්වා රිමාන්ඩ් කිරීමට කොළඹ අලුත්කඩේ අංක දෙක මහෙස්ත්‍රාත් අධිකරණය...