29 C
Colombo
Sunday, October 1, 2023

ඝාතනයට ලක්වු මාධ්‍යවේදීන් ගැන විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් කළ අවමන් සහගත ප්‍රකාශයට සමාව ගත යුතුයි

- Advertisement -

ඝාතනයට ලක්වූ මාධ්‍යවේදීන් වැඩිදෙනා ‘තර්ඩ් ක්ලාස්’ වැඩකල මාධ්‍යවේදීන් බව හදුන්වමින් සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා සිදුකර ඇති ප්‍රකාශය පිළිබදව මාධ්‍ය සංවිධාන එකමුතුව සිය විරෝධය පලකරමින් ලිපියක් ඉදිරිපත් කර තිබෙනවා.

අදාළ ලිපියෙන් ඔවුන් පවසා ඇත්තේ එම ප්‍රකාශය සම්බන්ධයෙන් විශේෂඥ හේමන්ත හේරත් මහතා මාධ්‍ය ප්‍රජාවගෙන් සමාව ගතයුතු බවයි.

හේමන්ත හේරත් මහතාගේ එම ප්‍රකාශය මගින් ජනතාවට මෙන්ම රටට සිදුවන අයහපත සම්බන්ධයෙන් වැඩ කිරීම නිසා ජීවිතයෙන් වන්දි ගෙවීමට සිදුවූ එම මාධ්‍යවේදීන්ට බලවත් අපහාසයක් සිදුව ඇති බවත් එම ප්‍රකාශය මාධ්‍ය සංවිධාන එකමුතුව ලෙස දැඩිව හෙළා දකින බවත් අදාළ නිවේදනයේ සඳහන්.

හේමන්ත හේරත් මහතාගේ එම ප්‍රකාශය ඇතුළත් වීඩියෝව පහතින්,

RECENT ARTICLES - SINHALA

රේගුවට නව බඳවා ගැනීම් රැසක් ඉදිරියේදී

සහකාර රේගු අධිකාරීවරුන් 138ක් සහ රේගු පරීක්ෂකවරුන් 45ක් බඳවා ගැනීමට කටයුතු කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා. රුවන්වැල්ල, ගලපිටමඩ ප්‍රදේශයේ පැවති ආගමික...

ගෑස් මිලත් ඉහළට?

මෙවර ගෑස් මිල සංශෝධනය ඔක්තෝබර් මස 4 වන දින ප්‍රකාශයට පත් කරන බව ලිට්‍රෝ සමාගම පවසනවා. එහි ප්‍රකාශකයෙකු සඳහන් කළේ, ලෝක වෙළෙඳපොළේ ගෑස් මිල ගණන්වලට...

ඉන්ධන මිල ගැන තීරණයක් හෙට

මිල සූත්‍රයට අනුව මෙවර ඉන්ධන මිල සංශෝධනය හෙට (02) මධ්‍යම රාත්‍රියේ සිට සිදුකිරීමට නියමිතව තිබෙනවා. විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය සඳහන් කළේ මිල සංශෝධනය හෙට රාත්‍රියේ...

POPULAR ARTICLES

ඉන්දියාව තුළ ආන්දෝලනයක් වූ විවාහය

උතුරු පන්ජාබ් ප්‍රාන්තයේ සමලිංගික යුවලකගේ විවාහ මංගලය්‍යක් හේතුවෙන් ඉන්දියාව තුළ විශාල ආන්දෝලනයක් හට ගෙන තිබෙනවා. විදෙස් මාධ්‍ය පවසන්නේ, සමලිංගික විවාහ නීතිගත කිරීම පිළිබඳ ඉන්දීය ශේෂ්ඨාධිකරණය...

ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයට නියෝගයක්

ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ පුරප්පාඩු 4,718 ක් පිරවීමට අදාළව අධ්‍යාපන අමාත්‍යාංශය ගත් පියවර වහා ක්‍රියාත්මක කරන්නැයි, ශ්‍රේෂ්ඨාධිකරණය අද(27) නියෝග කර තිබෙනවා ඒ අදාළ බඳවා ගැනිම්වලට...

චීනය නිසා එකතු වූ මහින්ද,මෛත්‍රී,ගෝඨා

මහජන චීන සමූහාණ්ඩුවේ 74 වන ජාතික දින උත්සවය ඊයේ (28) කොළඹ ෂැන්ග්‍රීලා හෝටලයේදී පැවැත්වුණා. මෙම අවස්ථාවට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, හිටපු...