29 C
Colombo
Saturday, May 18, 2024

දිල්ලියේ වායු දූෂණය නිසා ශ්‍රී ලංකා-බංගලාදේශ තරඟය නැවතෙයිද?

- Advertisement -

වායු දූෂණය උත්සන්න වීම හේතුවෙන් අද (04) පස්වරුවේ දිල්ලියේ පැවැත්වීමට නියමිතව තිබූ ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණු සැසිය වෛද්‍ය උපදෙස් මත අවලංගු කර තිබෙනවා.

මේ අතර, ඊයේ දිනයේ බංග්ලාදේශ කණ්ඩායමේ පුහුණු කටයුතුද වායු දූෂණය හේතුවෙන් නතර කිරීමට සිදුව තිබුණා.  

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර ලෝක කුසලාන එක් දින තරඟය එළඹෙන සඳුදා දිනයේදී පැවැත්වීමට නියමිතයි.

වායු තත්ත්ව දර්ශකය (AQI) 400 ඉක්මවීමත් සමඟ,  ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ ප්‍රකාශකයෙකු ESPNcricinfo වෙත දන්වා ඇත්තේ මෙම තත්ත්වය සම්බන්ධයෙන් නිරන්තර අධීක්ෂණයෙන් පසුවන බවයි.

ලෝක කුසලාන තරඟය සඳහා  සහභාගී වන සියලු දෙනාගේ යහපැවැත්මට ප්‍රමුඛත්වය දෙන අතර දිල්ලියේ වාතයේ ගුණාත්මකභාවය සමීපව නිරීක්ෂණය කරන බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය දැනුම් දී තිබෙනවා.

ක්‍රිකට් කවුන්සිලය වැඩිදුරටත් පවසා ඇත්තේ තරඟය යෙදී ඇති සඳුදා දිනයේදී එය පැවැත්වීමට සුදුසු හෝ නුසුදුසු බව තීරණය කිරීම සඳහා විශේෂඥ උපදෙස් ලබා ගැනීමටද නියමිත බවයි.

RECENT ARTICLES - SINHALA

ගංගා ආශ්‍රිත පහත් බිම්වල සිටින පිරිසට අනතුරු ඇඟවීම්

පවතින වැසි සහිත කාලගුණ තත්ත්වයත් සමඟ ගංගා ආශ්‍රිත පහත් බිම්වල ගංවතුර තත්ත්වයක් ඇති වීමේ අවදානමක් පවතින බව වාරි මාර්ග දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ,...

ධීවර යාත්‍රාවක් නැවක ගැටී අනතුරක්

බහුදින ධීවර යාත්‍රාවක් අනතුරට පත්වීමෙන් එහි සිටි එක් ධීවරයෙකු මියගොස් තවත් ධීවරයෙකු අතුරුදන්ව තිබෙනවා. පසුගිය 12 වනදා වාලච්චේන ධීවර වරායෙන් ධීවරයින් පස්දෙනෙකු ධීවර කටයුතු සඳහා...

යුද්ධය නිමවී අදට වසර 15යි

දශක තුනකට අධික කාලයක් මෙරට පැවති එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදය පරාජයට පත් කර අදට (18) වසර 15ක් සපිරෙනවා. 2009 වසරේ මැයි 18 වනදා නන්දිකඩාල් කලපුවේදී එල්.ටී.ටී.ඊ නායක...

POPULAR ARTICLES

අනුර කුමාර ජවිපෙ සාමාජිකයෙක් බව කියන්න බැහැ, ඔහු මටත් වඩා බාලයි – කමල් අද්දරආරච්චි

71 කැරැල්ලේදී සිදුවූ ඇතැම් සිදුවීම් සහ ඉන් පසුව ජනතා විමුක්ති පෙරමුණේ ගිණුමට බැර කරමින් සිදුකළ ඇතැම් අපරාධ සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණට චෝදනා එල්ල කිරීම...

මහනුවර ඇසළ පෙරහැරට බාධාවක්

මහනුවර ඇසළ පෙරහර සමයේම සබරගමුව මහ සමන් දේවාලයේ පෙරහැර යෙදීම හේතුවෙන් අලි ඇතුන් සහභාගී කරවීමේ ගැටලුවක් මතුව ඇති බව හීලෑ අලි ඇතුන් හිමිකරුවන්ගේ සංගමය...

ලාල් කාන්ත ඇතුළු විරෝධතාකරුවන් පිරිසකට තහනම් නියෝගයක්

මාළිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයෙන් වෘත්තිය සමිති නායකයින් කිහිපදෙනෙකු ඇතුළු පිරිසකට තහනම් නියෝගයක් නිකුත් කර තිබෙනවා. කේ ඩී ලාල්කාන්ත, මහින්ද ජයසිංහ, රන්ජන් ජයලාල් ඇතුළු විරෝධතාකරුවන් පිරිසකට එරෙහිව...