30 C
Colombo
Thursday, June 8, 2023

මෙරට විදේශ සංචිත ඩොලර් බිලියන 03 දක්වා පහතට

- Advertisement -

අද (27) දින ඇමරිකානු ඩොලර් බිලියනයක ණය වාරිකය ගෙවීමෙන් පසු මෙරට තුල වත්මන් විදේශ විනිමය සංචිත ශේෂය ඇමරිකානු ඩොලර් බිලියන 3ක් දක්වා පහතට වැටෙන නමුත් එය මෙරට මූල්‍ය තත්වයේ අස්ථාවරත්වයක් පිළිඹිඹු නොකරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසනවා.

වඩාත් වැදගත් වන්නේ රටක මුදල් ප්‍රවාහය සිදුවන ආකාරය මිස මුදල් සංචිත ප්‍රමාණය නොවන බවත් පළපුරුදු මූල්‍ය කළමනාකරුවන් සංචිත මට්ටමේ තාවකාලික උච්චාවචනයන් සිදුවිය හැකි බව හොඳින් දන්නා බැවින් මුදල් ප්‍රවාහයන් පිළිබඳව දැඩි විමසිල්ලෙන් පසුවන නමුත් මුදල් ප්‍රවාහය සාර්ථකව කළමනාකරණය කළ හොත් කිසිදු අස්ථාවරත්වයක් ඇති නොවන බව ඔවුන් හොඳින් දන්නා බව රාජ්‍ය අමාත්‍යවරයා පවසනවා.

එමෙන්ම, ඉදිරි මාස කිහිපය තුළ අපේක්ෂිත විදේශ විනිමය ප්‍රවාහය සැලකිල්ලට ගත් විට විදේශ සංචිතය ඩොලර් බිලියන 07 දක්වා ඉහළ නැංවීමට හැකියාවක් පවතින බවද කබ්රාල් මහතා පෙන්වා දෙනවා.

ඉදිරි මාස 03 තුළ ශ්‍රී ලංකාවට ගලා එන විදේශ විනිමය ප්‍රවාහය අමෙරිකානු ඩොලර් මිලියන 2650 කට ආසන්න වන බව ඔහු පවසනවා. ඒ පහත පරිදියි.

ඉන්දියාව සමඟ ඩොලර් මිලියන 400ක විනිමය හුවමාරුව
බංග්ලාදේශය සමඟ ඩොලර් මිලියන 250ක විනිමය හුවමාරුව
චීන සංවර්ධන බැංකුවෙන් ලැබීමට නියමිත ඩොලර් මිලියන 300ක ණය
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඩොලර් මිලියන 800ක විශේෂ ලබා ගැනීම් සහ හිමිකම් වෙන් කිරීම්
මහ බැංකුව ඉදිරි මාස 03 තුළ විදේශ විනිමය වෙළඳපොලෙන් මිලදී ගැනීමට අපේක්ෂිත ඩොලර් මිලියන 200
දේශීය බැංකු සතු ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර හරහා ඩොලර් මිලියන 300 ක්
අඩු උපයෝගීතා වත්කම් උපයෝගී කරගනිමින් අපේක්ෂිත විනිමය ගලා ඒම් ඩොලර් මිලියන 400ක්

මීට අමතරව, මහ බැංකුව, මහජන චීන බැංකුව සමඟ විනිමය හුවමාරුවක් ලෙස අමෙරිකානු ඩොලර් මිලියන 1500ක් ලබා ගැනීම සඳහා සාකච්ඡා පවත්වා ඇති අතර එයින් කොටසක්ද සංචිත ලෙස එක් කළ හැකි බවයි ඔහු පෙන්වා දෙන්නේ.

එබැවින්, විපක්ෂය විවිධ මතිමතාන්තර දැරුවද, අපේක්ෂිත ගලා ඒම් සහ පිටතට ගලායාම සලකා බැලීමේදී ඉදිරි මාස කිහිපය තුළ පවතින සංචිත ඇමරිකානු ඩොලර් බිලියන 7 ඉක්මවනු ඇති බව ඔහු අවධාරනය කර සිටිනවා.

RECENT ARTICLES - SINHALA

පුත්තලමේ කපුටන් රැසක් මියගිහින්

පුත්තලම නගරයේ වාන පාර වැව අසල කපුටන් රැසක් ඊයේ (07) උදෑසන සිට මිය යමින් සිටින බව වාර්තා වනවා. පුත්තලම...

ජාතික ජනබලවේගයේ උද්ඝෝෂණය ඇරඹෙයි

ජාතික ජනබලවේගය රාජගිරිය මැතිවරණ කොමිෂන් සභාව ඉදිරිපිට දී සංවිධානය කළ උද්ඝෝෂනය මේ වන විට ආරම්භ වී තිබෙනවා. පළාත් පාලන...

දුෂණ විරෝධී පනත් කෙටුම්පත ගැන විවාදය ලබන 21 වනදා

දුෂණ විරෝධී පනත් කෙටුම්පත ලබන 21 වනදා විවාදයට ගැනීමට තීරණය කර තිබෙනවා. අද (08) පැවැත්වුණු පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක...

RECENT ARTICLES - ENGLISH

Ajith Prasanna sentenced another six months RI

0
Major (Retired) Ajith Prasanna has been sentenced to six months of rigorous imprisonment by the Court of Appeal. This...

Danushka Gunathilaka to stand trial accused of raping woman in Sydney

0
Cricketer Danushka Gunathilaka will stand trial accused of raping a woman while in Sydney for the T20 World Cup.

Businessman arrested for abducting mother of three and holding her captive for 6 months

0
A businessman, who is believed to have abducted a 29-year-old mother of three children and held her captive, was apprehended by the...