24 C
Colombo
Thursday, March 30, 2023

ස්වර්ණවාහිනියත් රජයට ගන්නැයි ඉල්ලීමක්

- Advertisement -

රුපියල් බිලියන 13.7ක මුදලක් තැන්පතු ලෙස නීතිවිරෝධීව ලබා ගැනීම සහ මුදල් විශුද්ධිකරණ චෝදනාව යටතේ ETI අධ්‍යක්ෂක මණ්ඩල සාමාජිකයන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්නැයි නීතිපති දප්පුල ද ලිවේරා මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබාදුන් උපදෙස්වලට අනුව ඊයේ (05) පස්වරුවේ ජීවක එදිරිසිංහ, අසංක එදිරිසිංහ හා දීපා එදිරිසිංහ යන අය අත්අඩංගුවට ගැණුනා.

එමෙන්ම එම සමාගමේ තවත් අධ්‍යක්ෂවරයෙක්වන නාලක එදිරිසිංහ අද (06) පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාරවි තිබෙනවා.

මේ පිළිබදව ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් ETI තැන්පත්කරුවන් සුරැකීමේ ස්වාධීන සංගමය පවසන්නේ මෙම අත්අඩංගුවට ගැනීම පිළිබදව සතුටු වන නමුත් මෙරට දැවැන්ත මූල්‍ය වංචාවක වගඋත්තරකරුවන් අත්අඩංගුවට ගැනීමට වසර තුනක් ගතවීම කණගාටුවට කරුණක් බවයි.
නීතිපතිවරයාගේ නියෝග මත මිට පෙර රිෂාඩ් බදියුදීන්, රාජිත සේනාරත්න වැනි අයද අත්අඩංගුවට ගැනුනද ඔවුන් අත්අඩංගුවට ගත් සැනින් ඇප ලබාගෙන පිටව යාම පිළිබද අත්දැකීම්ද තමන්ට ඇති බව එම සංගමයේ සභාපති අනූෂා ජයන්ති මහත්මිය පවසනවා.

එමෙන්ම ETI අධ්‍යක්ෂ මණ්ඩලය මෙන්ම ඔවුන් හට ආධාර අනුබල ලබාදුන් මහබැංකුවේ බැංකු නොවන මූල්‍ය ආයතන අධීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ද අත්අඩංගුවට ගෙන විමර්ශන කළ යුතු බවයි.

එමෙන්ම එදිරිසිංහ ව්‍යාපාරවලට අයත් ස්වර්ණවාහිනී නාලිකාව විදේශීය සමාගමකට විකිණීමද නීතිවිරෝධී බැවින් එම ආයතනයද රජයට පවරාගෙන ETI තැන්පත්කරුවන්ගේ මුදල් නැවත ගෙවීමට කටයුතු කරන ලෙස ඔවුන් රජයෙන් ඉල්ලා සිටිනවා.

ඊට අදාල දර්ශන පහතින්,

වැඩිදුර කියවන්න

RECENT ARTICLES - SINHALA

අර්ජුනට ජාතික ක්‍රීඩා සභාවේ සභාපති ධුරයෙන් අස්වෙන්න කියයි

0
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායකයෙකු සහ හිටපු අමාත්‍යවරයෙකු වන අර්ජුන රණතුංග මහතාට ජාතික ක්‍රීඩා සභාවේ සභාපති ධුරයෙන් වහාම ඉල්ලා අස්වන ලෙස...

කටුනායක ආරක්ෂාව තර කෙරේ – හේතුව මෙන්න

0
කටුනායක ගුවන් තොටුපොළේ ආචාරශීලි මෙන්ම සුහද බව කෙලෙසන සහ විවිධ අක්‍රමිකතාවල යෙදෙන පුද්ගලයන්ට මෙතෙක් නියම කර තිබුණු රුපියල් 25000 දඩ මුදල ලක්ෂය...

රට හදන හැටි ජනපති කියයි

0
මෙරට සිසු පරපුර 2048 වන විට රට භාර ගැනීමට හැකිවන පරිදි නවීන තාක්ෂණයෙන් සියලු අංශ පිළිබඳව සන්නද්ධ විය යුතු බව ජනාධිපති රනිල්...

RECENT ARTICLES - ENGLISH

Breaking: Fuel prices reduced

0
The price of a litre of Octane 92 Petrol is reduced by Rs 60 from midnight today. Litre of...

Sangeeth Nipun Sanath Nandasiri passed away

0
Sangeeth Nipun Sanath Nandasiri who was ill for a prolonged period, passed away at his residence today (28) at age of 81.

MR predicts LG Election date

0
Former PM Mahinda Rajapaksa today said Local Government Election 2023 will be held before December this year. Speaking to...