32 C
Colombo
Monday, January 20, 2025

ඉන්දීය ක්‍රිකට් කළමනාකාරවරුන් දෙදෙනාට පැනවු තහනම දිර්ඝ කෙරේ

- Advertisement -

පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැති “ලෙජන්ට් ට්‍රොපි 2024” ක්‍රිකට් තරගාවලියේදී තරග පාවා දීමට ක්‍රිකට් ක්‍රීඩකයින්ට බලපෑම් කළ බවට ඉන්දීය ක්‍රිකට් කළමනාකාරවරුන් දෙදෙනකුට පැනවූ මෙරටින් පිටවීමේ තහනම් නියෝගය ජුනි මස 13 වැනි දින දක්වා දීර්ඝ කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා අද( 02) නියෝග කර තිබෙනවා.

තරග පාවාදීම සම්බන්ධ විමර්ශන තවදුරටත් සිදු කිරීමට කාලය අවශ්‍ය බැවින් විදෙස් ගමන් තහනම මාස තුනකට දීර්ඝ කරන ලෙසට ක්‍රීඩා වලට සම්බන්ධ වැරදි වැළැක්වීමේ විශේෂ විමර්ශන ඒකකයේ ස්ථානාධිපතිවරයා කළ ඉල්ලීමක් සලකා බැලීමෙන් පසුව මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය නිකුත් කළ බව සඳහන්.

කෑන්ඩි සෑම් ආමි කණ්ඩායමේ කළමනාකාර යෝනී පටෙල්ට සහ පංජාබ් රෝල් කණ්ඩායමේ පැචලෝඩියා ආකාශ්ට මාර්තු මස 14 වැනි දින පැනවූ මෙම තහනම මෙසේ තවදුරටත් දීර්ඝ කිරීමට නියෝග කර තිබෙනවා.

සැකකාර යෝගී පටෙල් පසුගිය 26 වැනි දින නීතිඥවරයකු මාර්ගයෙන් අධිකරණයට කරුණු දක්වමින් තමන්ට පනවා ඇති විදෙස් ගමන් තහනම ඉවත් කරන ලෙස ඉල්ලීමක් ඉදිරිපත් කළ අතර එම ඉල්ලීම ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා විසින් ප්‍රතික්ෂේප කර තිබුණා.

තරග පාවාදීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් ලෙස නම් කර , තවදුරටත් විමර්ශන සිදු කරන බැවින් සැකකරුවන්ගේ විදෙස් ගමන් තහනම ඉවත් කළ නොහැකි බව පෙන්වා දුන් මහේස්ත්‍රාත්වරයා සැකකරු රුපියල් ලක්ෂ පනහ බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමටද නියෝග කර තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

හාන්ස් ඩයලොග් අධ්‍යක්ෂ මණ්ඩලයට සමුදෙයි

ආචාර්ය හාන්ස් විජයසූරිය මහතා, ඩයලොග් ආසියාටා පීඑල්සී හි අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකත්වයෙන් ඉවත් වී තිබෙනවා. ඩයලොග් සමාගමේ ලේකම්වරිය විසින් නිකුත් කළ නිවේදනයක මේ බව දැක්වෙනවා. 2025 ජනවාරි...

මන්නාරමේ ද්විත්ව ඝාතනයට සැකකරුවන් 4ක් අත්අඩංගුවට

මන්නාරම, අධිකරණය සංකීර්ණය අසලදී වෙඩිතබා සිදුකළ ද්විත්ව ඝාතනය සම්බන්ධයෙන් සැකකරුවන් සිව්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ අතර ප්‍රධාන වෙඩික්කරු සහ ඔහුව ප්‍රවාහනය කළ ත්‍රී රෝද...

විජිත් විජයමුණිට ඇප

හිටපු අමාත්‍ය විජිත් විජයමුණි සොයිසා මහතාට ඇප නියමව තිබෙනවා.

POPULAR ARTICLES