29 C
Colombo
Saturday, July 27, 2024

කොරෝනා මරණ ගැන කතා කළ වෛද්‍යවරයාට කොරෝනා වාට්ටුවට හදිසි මාරුවක් දීලා

- Advertisement -

පසුගියදා ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් කොවිඩ් මරණ හා කොවිඩ් රෝගයේ ව්‍යාප්තිය පිළිබදව ජනතාව දැනුවත් කළ කරාපිටිය ශික්ෂණ රෝහලේ සේවය කරන වෛද්‍ය උදාර ගුණවර්ධන මහතාව එම ප්‍රවෘත්ති සාකච්ඡාවෙන් අනතුරුව එම රෝහලේම කොවිඩ් වාට්ටුව වෙත මාරුකර යවා තිබෙනවා.

කරාපිටය ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ඩබ්ලිව්.ඒ.එම්.ෂෙල්ටන් පෙරේරා මහතාගේ අත්සනින් යුතුව වෛද්‍ය උදාර ගුණවර්ධන මහතාට ලබාදුන් ලිපියෙහි සඳහන්වන්නේ අදාළ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී කොවිඩ් රෝගීන් සම්බන්ධයෙන් මානුෂීයව කටයුතු කළ ආකාරය පැහැදිළි කර අයුරින්ම ඔහුට කොවිඩ් රෝගීන්ට සේවය කිරීම සඳහා අවස්ථාවක් ලබාදීමට මෙම මාරුවීම සිදුකරන බවයි.

ඒ අනුව සාමාන්‍යයෙන් සතියක හෝ සති දෙකකට කාලයකට පමණක් වෛද්‍යවරයෙකු සේවය කරන කොවිඩ් වාට්ටුවකට වෛද්‍ය උදාර ගුණවර්ධන මහතාව සති 4 ක කාලයකට අනුයුක්ත කර තිබෙනවා.

මේ පිළිබදව අදහස් දක්වමින් වෛද්‍ය උදාර ගුණවර්ධන මහතා පවසන්නේ කොවිඩ් මරණ වලක්වාගැනීම සදහා තමන්ට ලබාදිය හැකි උපරිම දායකත්වය ලබාදෙන බවයි.

තමන් මීට පෙරද කොවිඩ් රෝගීන්ට ප‍්‍රතිකාර කරන වාට්ටුවේ සේවය කර ඇති බැවින් එය තමන්ට අලුත් අත්දැකීමක් නොවන බවත් වෛද්‍ය උදාර සම්පත් ගුණවර්ධන වැඩිදුරටත් අවධාරණය කර සිටිනවා.

RECENT ARTICLES - SINHALA

වැඩබලන පොලිස්පති පත්කරන්න ඕනේ ජනාධිපති -නීතීඥ සාලිය පීරිස්

වැඩබලන පොලිස්පතිවරයෙකු පත්කිරීම සම්බන්ධයෙන් අගමැතිවරයා ඊයේ (26) පාර්ලිමේන්තුවේ දී සිදුකළ ප්‍රකාශයේ කිසිදු වලංගුතාවයක් නොමැති බව නීතීඥ සාමූහිකයේ ජනාධිපති නීතීඥ සාලිය පීරිස් මහතා පවසනවා. ඒ පොලිස්පති...

මැතිවරණයට මුදල් දීමට මහා භාණ්ඩාගාරය සූදානම්-රංජිත්

මැතිවරණ කොමසාරිස්වරයා විසින් ඉල්ලා සිටින ආකාරයට ඉදිරි ජනාධිපතිවරණය සඳහා මුදල් ලබාදීමට මහා භාණ්ඩාගාරය සූදානම් බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා. පසුගිය අයවැයෙන් මැතිවරණ...

වාහනයට ගංජා දාපු කේස් එකට කොස්තාපල්ගේ වැඩතහනම්

පොලිස් රථවාහන පරීක්ෂාවක් අතරතුර මෝටර් රථයක් තුළට මත්ද්‍රව්‍ය පාර්සලයක් දමා තරුණයින් පිරිසක් අත්අඩංගුවට ගැනීමට උත්සහ කළ බවට සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වූ වීඩියෝවේ සිටින...

POPULAR ARTICLES

අසාදු ලේඛනයට යන වාහන

පරිසරයට අහිතකර දුම් පිටවන වාහන 93ක් පමණ මේ වසර තුළ අසාදු ලේඛන ගත කර ඇති බව වායු විමෝචන භාරකාර අරමුදල පවසනවා. එහි අධ්‍යක්ෂ දසුන් ගමගේ...

අනුරගේ ප්‍රකාශයට හරින්ගෙන් පිළිතුරු ලිපියක්

පසුගිය දිනක ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා විසින් හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානයක්කාර මහතාගේ විදෙස් ගමන් සදහා මුදල් වැය වූ ආකාරය...

කාලගුණයෙන් රතු නිවේදනයක්

ඉදිරි පැය 24 සඳහා තද සුළං සහ මුහුද රළුවීම පිළිබඳව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව, අනතුරු ඇඟවීමේ රතු නිවේදයක් නිකුත් කර තිබෙනවා. සක්‍රීය නිරිතදිග මෝසම් තත්ත්වය හේතුවෙන් අරාබි...