28 C
Colombo
Saturday, May 18, 2024

ඝාතනයක් ගැන සොයන්න දාපු සුනඛයා හමුදා කදවුරට ගිහින්

- Advertisement -

අහුන්ගල්ල, මීද්දරමුල්ල ප්‍රදේශයේ පසුගිය 14දා සිදු වූ ඝාතනයක් සම්බන්ධයෙන් පරීක්ෂණ සඳහා යොදවන ලද පොලිස් නිල සුනඛයෙකු ඒ ආසන්නයේ පිහිටි යුද හමුදා සන්නද්ධ බුද්ධි බලකා කඳවුරට ඇතුළුවී තිබෙනවා.

අදාළ කරුණ තහවුරු කළ යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් රවී හේරත් මහතා පවසන්නේ පොලිස් නිල සුනඛයා එම කඳවුරට ඇතුළුවීම සත්‍ය බවත් මේ සම්බන්ධයෙන් සම්පූර්ණ පරීක්ෂණයක් සඳහා පොලිසියට අවශ්‍ය සියලු සහාය ලබාදෙන ලෙස යුද හමුදාපතිවරයා උපදෙස් ලබාදී ඇති බවත්ය.

මෙම සිද්ධියෙන් පසු එදින කඳවුරෙන් නිකුත් කළ ගිනි අවි 36ක් පොලිස් බාරයට ගැනීම පිළිබඳව විමසීමේදී ඔහු පැවසුවේ පරීක්ෂණ අවශ්‍යතා මත එම ගිනි අවි පොලිස් බාරයට ගෙන ඇති බවයි.

දරුවන් දෙදෙනෙකු ද රැගෙන යතුරුපැදියක ගමන් කරමින් සිටියදී අවුරුදු 29ක් වයසැති තරිඳු නිසංසල නැමැති පුද්ගලයාව පසුගිය 14 වනදා වෙඩි තබා ඝාතනය කර තිබුණා.

යතුරු පැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයන් දෙදෙනෙකු මෙම ඝාතනය සිදු කර ඇතැයි අහුන්ගල්ල පොලිසිය උපුටා දක්වමින් මාධ්‍ය එදින වාර්තා කළා.

ඝාතකයන් පැමිණි බවට සැකකෙරෙන යතුරු පැදියක් බුද්ධි බලකා කඳවුර ආසන්නයේ දමාගොස් තිබියදී පසුව සොයා ගැණුනා.

ඉන්පසු පොලිස් නිල සුනඛයන් යොදවා ඇති අතර, ඒ අතරින් එක් සුනඛයෙකු යතුරු පැදිය අසල සිට කෙලින්ම කඳවුරේ වැට යටින් රිංගා යුද හමුදා කඳවුර තුළට ගොස් තිබෙනවා.

ඉන්පසු එම සුනඛයා කඳවුර තුළ එක් ස්ථානයක වාඩි වී සහ ඒ අසල ඇවිදිමින් සිටි බවද පොලිස් ආරංචි මාර්ග සඳහන් කරනවා.

පසුගිය කාලයේ සිදු වූ තීරණාත්මක ඝාතන සහ අතුරුදන් කිරීම් ගණනාවක් සම්බන්ධයෙන් ද යුද හමුදා බුද්ධි අංශයට චෝදනා එල්ල වුණා.

මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනය, මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන් කිරීම, මාධ්‍යවේදී නාමල් පෙරේරාට පහරදීම සහ මාධ්‍යවේදී කීත් නොයාර් පැහැරගෙන ගොස් පහරදීම ඒ අතර ප්‍රධාන වනවා.

මෙම සිදුවීම් සම්බන්ධයෙන් සැකකරුවන්ද අත්අඩංගුවට ගැනුණු අතර, බුද්ධි නිලධාරීන්ට එරෙහිව අධිකරණය ඉදිරියේ චෝදනාද ගොනුකර තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

ඇල්ල – වැල්ලවාය මාර්ගය අදත් වැසේ

ඇල්ල - වැල්ලවාය ප්‍රධාන මාර්ගය අද (18) රාත්‍රී 8 සිට හෙට (19) උදෑසන 6 දක්වා ගමනාගමනය සඳහා වසා තැබීමට යළිත් තීරණය කර තිබෙනවා. අයහපත් කාලගුණික...

දිස්ත්‍රික්ක කිහිපයකට නායයෑම් අනතුරු ඇඟවීම් නිකුත් කෙරේ

පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික් කිහිපයක පුද්ගලයින් පීඩාවට පත්වී ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා. එම මධ්‍යස්ථානය සඳහන් කළේ, අධික වර්ෂාව, තද සුළං සහ...

මම UNP එකෙන් ඡන්දේ ඉල්ලන්න හිටියේ. නොඉල්ලපු එක ගැන අද සතුටුයි – කමල් (වීඩියෝ)

0
ප්‍රවීණ රංගන ශිල්පී කමල් අද්දරආරච්චි මහතා එක්සත් ජාතික පක්ෂයෙන් මහමැතිවරණයට තරඟ කිරීමට සුදානම්ව සිටි බව අන්තර්ජාල නාලිකාවක් සමඟ පැවති සාකච්ඡාවකදී හෙළිකර තිබෙනවා. 2015 වසරේ යහපාලන...

POPULAR ARTICLES

අනුර කුමාර ජවිපෙ සාමාජිකයෙක් බව කියන්න බැහැ, ඔහු මටත් වඩා බාලයි – කමල් අද්දරආරච්චි

71 කැරැල්ලේදී සිදුවූ ඇතැම් සිදුවීම් සහ ඉන් පසුව ජනතා විමුක්ති පෙරමුණේ ගිණුමට බැර කරමින් සිදුකළ ඇතැම් අපරාධ සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණට චෝදනා එල්ල කිරීම...

මහනුවර ඇසළ පෙරහැරට බාධාවක්

මහනුවර ඇසළ පෙරහර සමයේම සබරගමුව මහ සමන් දේවාලයේ පෙරහැර යෙදීම හේතුවෙන් අලි ඇතුන් සහභාගී කරවීමේ ගැටලුවක් මතුව ඇති බව හීලෑ අලි ඇතුන් හිමිකරුවන්ගේ සංගමය...

ලාල් කාන්ත ඇතුළු විරෝධතාකරුවන් පිරිසකට තහනම් නියෝගයක්

මාළිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයෙන් වෘත්තිය සමිති නායකයින් කිහිපදෙනෙකු ඇතුළු පිරිසකට තහනම් නියෝගයක් නිකුත් කර තිබෙනවා. කේ ඩී ලාල්කාන්ත, මහින්ද ජයසිංහ, රන්ජන් ජයලාල් ඇතුළු විරෝධතාකරුවන් පිරිසකට එරෙහිව...