28 C
Colombo
Saturday, May 18, 2024

පසමිතුරු ගැටුම අද

- Advertisement -

2023 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඉන්දියාව හා පාකිස්තානය අතර ක්‍රිකට් තරගය අද (14) අහමදාබාද්හි නරේන්ද්‍ර මෝදි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පස්වරු 02ට ආරම්භ වීමට නියමිතයි.

ක්‍රිකට් ක්‍රීඩාව තුළ පසමිතුරන් ලෙස සැලකෙන කණ්ඩායම් දෙකක් ලෙස ඉන්දියාව හා පාකිස්තානය හඳුන්වා දිය හැකියි.

අද තරගය සඳහා ඉන්දීය කණ්ඩායම රෝහිත් ශර්මා විසින් මෙහෙයවන අතර, පාකිස්තාන කණ්ඩායම බාබර් අසාම් විසින් මෙහෙයවන බවට වාර්තා වනවා .

කෙසේ වෙතත් දෙරට අතර අවසන් වරට පැවති එක්දින තරග පහෙන් තරග හතරකම ජය ලබා ගැනීමට ඉන්දියාව සමත් වූ අතර, එක් තරගයක් ජය පැරදුමෙන් තොරව අවසන් වුණා.

අද තරගය ලොව ඇති විශාලම ප්‍රේක්ෂකාගාරය හිමි නරේන්ද්‍ර මෝදි ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන අතර එහි ආසන 132,000ක් වනවා.

මෙම තරගය සඳහා විශේෂ රන් ප්‍රවේශ පත්‍ර කිහිපයක් ද මුද්‍රණය කර තිබෙන බවට වාර්තා වනවා.

එම ප්‍රවේශ පත්‍ර දකුණු ඉන්දීය සුපිරි නළු රජ්නි කාන්ත්, සුපිරි බොලිවුඩ් නළු අමිතාබ් බච්චන් හා ඉන්දීය ක්‍රිකට් වංශයේ ලිට්ල් මාස්ටර් හෙවත් සචින් ටෙන්ඩුල්කාර් යන අයට ලබා දීමට තීරණය වී ඇති බවද සඳහන්.

ඉන්දියා – පාකිස්තාන ක්‍රිකට් තරගයට පෙර විශේෂ සැමරුම් උත්සවයක් ද සංවිධානය කර ඇති බවට වාර්තා වනවා.

එමෙන්ම මෙවර ලෝක කුසලානයේ මේ වන විට පකිස්ථාන කණ්ඩායම මෙන්ම ඉන්දියාව ද දැනට ක්‍රීඩා කළ තරග 2ම ජය ගෙන තිබෙන අතර ඉන්දියාවේ Ishan Kishan අද දවසේදී ලකුණු 67ක් රැස් කරගන්නට සමත් වුවහොත් ඔහුට තම එක්දින ලකුණු 1000 පසු කිරීමේ හැකියාව ලැබෙන අතර පකිස්ථානයේ Hasan Ali අද දිනයේ කඩුලු 3ක් දවා ගන්නට සමත් වුවහොත් ඔහු එක්දින කඩුලු 100 පසු කරන බව සඳහන්.

RECENT ARTICLES - SINHALA

මම UNP එකෙන් ඡන්දේ ඉල්ලන්න හිටියේ. නොඉල්ලපු එක ගැන අද සතුටුයි – කමල් (වීඩියෝ)

0
ප්‍රවීණ රංගන ශිල්පී කමල් අද්දරආරච්චි මහතා එක්සත් ජාතික පක්ෂයෙන් මහමැතිවරණයට තරඟ කිරීමට සුදානම්ව සිටි බව අන්තර්ජාල නාලිකාවක් සමඟ පැවති සාකච්ඡාවකදී හෙළිකර තිබෙනවා. 2015 වසරේ යහපාලන...

මුලින්ම තියන්නේ ජනාධිපතිවරණය නෙමෙයි – උදයංග

ස්ථීරයෙන්ම එන්නේ ජනාධිපතිවරණය නොව මහ මැතිවරණය බවත් ලබන 14 හෝ 15 පාර්ලිමේන්තුව අනිවාර්යයෙන්ම විසුරුවන බවත් රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග මහතා පවසනවා. පෞද්ගලික...

බාල ඖෂධ සිද්ධි​ය ගැන තවත් පැමිණිල්ලක් CIDයට

චේතනාන්විතව තත්ත්වයෙන් බාල ඖෂධ මෙරටට ගෙන්වීමට පියවර ගත් ඖෂධ නියාමන අධිකාරියේ අධ්‍යක්ෂ මණ්ඩලයට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙස විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහ​තා අපරාධ...

POPULAR ARTICLES

අනුර කුමාර ජවිපෙ සාමාජිකයෙක් බව කියන්න බැහැ, ඔහු මටත් වඩා බාලයි – කමල් අද්දරආරච්චි

71 කැරැල්ලේදී සිදුවූ ඇතැම් සිදුවීම් සහ ඉන් පසුව ජනතා විමුක්ති පෙරමුණේ ගිණුමට බැර කරමින් සිදුකළ ඇතැම් අපරාධ සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණට චෝදනා එල්ල කිරීම...

මහනුවර ඇසළ පෙරහැරට බාධාවක්

මහනුවර ඇසළ පෙරහර සමයේම සබරගමුව මහ සමන් දේවාලයේ පෙරහැර යෙදීම හේතුවෙන් අලි ඇතුන් සහභාගී කරවීමේ ගැටලුවක් මතුව ඇති බව හීලෑ අලි ඇතුන් හිමිකරුවන්ගේ සංගමය...

ලාල් කාන්ත ඇතුළු විරෝධතාකරුවන් පිරිසකට තහනම් නියෝගයක්

මාළිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයෙන් වෘත්තිය සමිති නායකයින් කිහිපදෙනෙකු ඇතුළු පිරිසකට තහනම් නියෝගයක් නිකුත් කර තිබෙනවා. කේ ඩී ලාල්කාන්ත, මහින්ද ජයසිංහ, රන්ජන් ජයලාල් ඇතුළු විරෝධතාකරුවන් පිරිසකට එරෙහිව...