හදිසි ඖෂධ මිලදී ගැනීමට හැකිවන පරිදි රජයේ රෝහල්වල කෘත්‍රිම ඖෂධ හිඟයක් නිර්මාණය කර ඇති බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ (SLMA) සභාපති වෛද්‍ය වින්‍යා ආරියරත්න මහතා පවසනවා.
පසුගියදා විවෘත හා වගවීම සහිත රජයක් සඳහා වන පාර්ලිමේන්තු ආංශික අධීක්ෂණ කාරක සභාව හමුවේ සාක්ෂි දෙමින් මේ බව සඳහන් කර තිබෙනවා.
කිසිදු නියාමනයකින් තොරව පිළිකා කාරක ආහාර වෙළෙඳ පොළට ගලා ගොස් ඇති බවත්, මහජනතාව ආරක්ෂා කිරීමට කටයුතු කළ යුතු බවත් වෛද්‍ය ආරියරත්න මහතා තවදුරටත් පැවසුවා.
ඖෂධ හිඟය සම්බන්ධයෙන් රටට කළ හැක්කේ කුමක්දැයි කමිටු නිලධාරියෙකු වෛද්‍ය ආරියරත්නගෙන් විමසූ විට ඔහු කියා සිටියේ මෙම හිඟයට සෞඛ්‍ය අමාත්‍යවරයා සහ ඔහුගේ නිලධාරීන් වගකිවයුතු බව සඳහන් කර සිටියා.
හදිසි මිලදී ගැනීම් භාවිතය නතර කළ යුතු බවද ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ (SLMA) සභාපති වෛද්‍ය වින්‍යා ආරියරත්න මහතා පවසනවා