33 C
Colombo
Monday, May 6, 2024

පොලිස්පති පුටුව සීතල යුද්ධයක්

- Advertisement -

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් පොලිස්පති ධුරය සම්බන්ධව ඇති තරඟය නව මුහුණුවරකින් ආරම්භවී ඇති බව පොලිස් ආරංචි මාර්ග පවසනවා.

ඒ පොලිස්පති චන්දන වික්‍රමරත්න මහතාගේ සේවා කාලය ජුනි 26 වැනිදා අවසන්වීමට නියමිත නිසා බවයි එම ආරංචි මාර්ග සඳහන් කළේ.

ඇතැමුන් පොලිස්පති ධුරය ලබා ගැනීම සඳහා දේශපාලන නායකයන් සමඟ සමීපව සම්බන්ධවෙමින් මේ දිනවල කටයුතු කරමින් සිටින බවත් එසේ සහය ලබාගැනීමට උත්සාහ දරන පිරිසට ජ්‍යෙෂ්ඨත්වයෙන් අඩු නිලධාරීන්ද සිටින බව වාර්තා වෙනවා.

ජේෂ්ඨත්වය අතින් ඉහළින්ම සිටින ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාට සාමාන්‍යයෙන් පොලිස්පති ධුරය හිමි වනවා.

සාමාන්‍ය ක්‍රමවේදය යටතේ පොලිස්පති ධුරය සඳහා සුදුසු නමක් හෝ නම් කිහිපයක් ජනාධිපතිවරයා විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාවට ඉදිරිපත් කරනු ලබන අතර ඉන්පසු සභාවේ අනුමැතියෙන් සුදුසු නම ජනාධිපතිවරයාට නිර්දේශ කෙරෙන අතර ජනාධිපතිවරයා විසින් ඒ අනුව නව පොලිස්පතිවරයා පත් කරනු ලබනවා.

නමුත් මේ සම්බන්ධයෙන් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාදායක සභාවේ ප්‍රකාශකයකු සඳහන් කළේ පොලිස්පති ධුරය සඳහා ජනාධිපතිවරයාගෙන් නමක් හෝ නම් තවමත් ලැබී නොමැති බවයි.

RECENT ARTICLES - SINHALA

මහ බැංකුවේ අලාභය ගැන ගම්මන්පිලගෙන් ප්‍රකාශයක්

ශ්‍රී ලංකා මහබැංකුව මෑතකදී සිය සේවකයන්ට ඉතිහාසයේ ඉහළම වැටුප් වැඩිවීම ලබාදී ඇත්තේ අඛණ්ඩව වසර 02ක් බිලියන ගණනින් පාඩු ලැබු වටපිටාවක බව පාර්ලිමේන්තු මන්ත්‍රී උදය...

කාණුවක තිබී පාස්පෝට් තොගයක් හමුවෙයි

මහරගම ප්‍රදේශයේ කාණුවක තිබී විදේශ ගමන් බලපත්‍ර තොගයක් දමා තිබූ බෑගයක් හමුව තිබෙනවා. සිදුකළ පරීක්ෂණයකදී අනාවරණය වී ඇත්තේ, මහරගම ප්‍රදේශයේ පවත්වා ගෙන ගිය විදේශ රැකියා...

ෆොන්සේකාට එරෙහිව ගොනුකළ ප්‍රතිශෝධන පෙත්සම සලකා බලන්න දිනයක්

ෆිල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතාගේ පක්ෂ සාමාජිකත්වය සහ ඔහු විසින් දරන තනතුරුවලින් ඒ මහතා ඉවත් කිරීම වළක්වාලමින් කොළඹ දිසා අධිකරණය නිකුත් කළ වාරණ නියෝගය...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ඊයේ (02)  දිනයට සාපේක්ෂව අද (03) දිනයේ ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල රුපියල, එක්සත් ජනපද ඩොලරය සමඟ ස්ථාවර මට්ටමක පවතිනවා. ඒ අනුව, අද ප්‍රධාන වානිජ බැංකු...

සජබ මැයි රැලියට ‍කැලණියෙන් ‍ෆොන්සේකාට අමතරව තවත් පිලක් ඇවිත්

සමගි ජන බලවේගයට කැලණිය නියෝජනය කරමින් කණ්ඩායම් දෙකක් සහභාගි වී තිබෙන බවට වාර්තා වනවා. එහි පක්ෂ අභ්‍යන්තරයේ පවතින ගැටුමක් හේතුවෙන් එම මැයි රැලියට කැලණියේ බැනරය...